lakbima.lk

මන්නාරමේ පැවැත්වුණු තිරික්කල් තරඟය



මන්නාරම තිරික්කල් සංගමය සංවිධානය කළ තිරික්කල් තරඟයක් මන්නාරම,නානට්ටන්,පරිකාරි කන්ඩල් තිරික්කල් තරඟ පිටියේදී ඊයේ(08) පැවැත්විණ.

යුද්ධයෙන් අනතුරුව මන්නාරම තිරික්කල් සංගමය තිරික්කල් තරඟයක් පැවැත්වීම සංවිධානය කොට තිබු අතර,තරඟකරුවන් 21 දෙනෙකු තරඟය වෙනුවෙන් එක්ව සිටියහ.

හින්දු ජනතාව පාරම්පරික තරඟයක් ලෙස තිරික්කල් තරඟ පවත්වන අතර,කණ්ඩායම් පහක් යටතේ තරඟ පැවැත්වීම සංවිධානය කොට තිබිණ.

සිය වගා කටයුතු අවසන් වීමෙන් අනතුරුව පවතින විවේකය හමුවේ තිරික්කල් පැවැත්වීම සාම්ප්‍රදායික ජනතාව සිදුකොට තිබිණ.

තරඟය නැරඹීම වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටියහ.

වවුනියාව - මාධව කුලසූරිය
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.