lakbima.lk

පාදචාරිකාව

කතරගම පුද බිමේ වාර්ෂිකව පැවැත්වෙන ඇසල පෙරහැරට සහභාගි විම සදහා වතුකරයේ බැතිමතුන් පිරිසක් කතරගම දක්වා පාගමනක් ආරම්භ කර ඇත.

ඊයේ (19) පස්වරුවේ මස්කෙලිය සාමිමලේ ශ්‍රි සම්මුගනාදන් හින්දු කොවිලේ පැවති විශේෂ ආගමික පුජාවකින් අනතුරුව හින්දු බැතිමතුන් පාගම ආරම්භ කළේය.

ඊයේ පාගම ආරම්භ කල හින්දු බැතිමතුන් ඊයේ රාත්‍රි නොර්වුඩ් හින්දු කොවිලේ විවේක ගැනිමෙන් අනතුරුව අද (20) උදැසන යලිත් ගමන් ආරම්භ කරනු ලැබීය.

වසර 12 තිස්සේ අඛන්ඩව කතරගම ඇසල පෙරහැරට සහභාගි විම සදහා වතුකරයේ සිට  පාගමන් ආරම්භ කල පළමු කණ්ඩායම මෙය බවත්, තමන් හැටන් , නුවරඑලිය , වැලිමඩ , බණ්ඩාරවෙල , ඇල්ල වැල්ලවාය , බුත්තල දක්වා ගමන් කර එතැන් සිට රක්ෂිත මාර්ගයක් ඔස්සේ කතරගම දක්වා කිලෝමිටර 200 ආසන්න දුර ප්‍රමාණයක් පාගමනින් කතරගම දක්වා ගමන් කරන බවයි පාගමනේ යෙදෙන  පිරිස කියා සිටියේ.

දිනකට කිලෝමිටර 40 පමණ ගමන් කර ප්‍රධාන නගර වල පිහිටි හින්දු කොවිල් වල සහ විහාරස්ථාන වල විවේක ගන්නා බවත්, එම කොවිල් වලින් සහ වෙහෙර විහාරස්ථාන වලින් තමන්ට අවශ්‍යය පහසුකම් සලසන බවයි පාගමනේ යෙදෙන පිරිස කියා සිටියේ.

කතරගම ඇසල පෙරහැර ලබන මස 3 දින ආරම්භ කෙරේ.

හැටන් රංජිත් රාජපක්ෂ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.