lakbima.lk

ජනපති මෛත්‍රී හා අගමැති මෝදි ඉන්දීය අගමැති නිළ නිවසේදී හමුවෙයි

 
ශ‍්‍රී ලංකාවට අවශ්‍ය  ඕනෑම සහායක් ලබාදීමට ඉදිරියේ දී ද සූදානම් බව දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
 
ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත්  නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ පස්වරුවේ දිවුරුම් දුන් අතර එතුමාගේ ආරාධනය පරිදි ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද එම අභිමානවත් උලෙළට එක් විය.
 
ඉන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (31) පෙරවරුවේ හයිද්‍රාබාද්හි දී සිදු විය. 
 
හයිද්‍රාබාද් නිල නිවස වෙත ගිය ජනාධිපතිතුමා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉතා මිත‍්‍රශීලිව සහ උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී.
 
සුහද කථා බහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අතර තම ආරාධනය පරිදි දිවුරුම් දීමේ උලෙළට එක්වීම පිළිබදව නරේන්ද්‍ර මෝදි මහතා මෙහි දී ජනාධිපතිතුමා වෙත සිය සතුට පළ කළේය. 
එමෙන්ම පසුගියදා ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ ඛේදජනක සිදුවීම කනගාටුවෙන් සිහිපත් කළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සාමය සහ සංවර්ධනයට අදාළව දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබදව ද සාකච්ඡා කළේය. 
 
ත‍්‍රස්තවාදය පිටුදැකීම සහ කලාපයේ සාමය වෙනුවෙන් එක්ව කටයතු කිරීමට ද මෙහි දී නායකයෝ ප‍්‍රතිඥා දුන්හ.
නරේන්ද්‍ර මෝදි මහතා මෙවර මැතිවරණයෙන් ද විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගනිමන් දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබද මෙහි දී සිය සතුට පළ කළ ජනාධිපතිතුමා එතුමාගේ ඉදිරි පාලන කාලය තුළ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබදතා වඩාත් ශක්තිමත් වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.
 
එමෙන්ම සමීපව කටයුතු කරන නායකයන් ලෙස එහිදී එක් ව කැපවීමට ද නායකයෝ එකග වූහ. 
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.