lakbima.lk

ජනපති - අගරදගුරු හිමිපාණන් බැහැ දකී

 
කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීය.
 
පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටිය දී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදු වූ මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ මෙහිදී අගරදගුරු හිමිපාණන් වෙත සිය බලවත් කණගාටුව හා සංවේගය පළ කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වය හමුවේ ගෙන තිබෙන ඉදිරි පියවර පිළිබඳව ද උන්වහන්සේ සමඟ සාකච්ඡා කළේය.
 
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේ දී රට තුළ මෙවන් සිදුවීමකට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බවයි. 
 
අගරදගුරු හිමිපාණන් ඇතුලු සියලු පූජකවරුන් සහ දේවස්ථානවලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ද තමා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙන බව  ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය. 

ඡායාරූප : කපිල ආරියවංශ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.