lakbima.lk

ජගත් පරිසර දිනයට සමගාමිව තලවාකැලේ පැල සිටුවයි


නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බි. ආර්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජගත් පරිසර දිනයට සමගාමිව තලවාකැලේ ශා/කේලේයාර් දිය ඇල්ල ආශ්‍රිත පැල සිටුවීමක් සිදු කරන ලදි.

තලවාකැලේ වැවිලි සමාගම මගින් මෙම වැඩ සටහන ආරම්භ කර තිබු අතර මෙහිදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බි. ආර් පුෂ්පකුමාර මහතා පවසන ලද්දේ  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන යන මෙරට වන වැස්ම වැඩි කිරිමේ වැඩ සටහන ශක්තිමත් කිරිම සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශා/ ක්ලේයාර් දිය ඇල්ල ආශ්‍රිතව ස්වාභාවික පරිසර පද්ධතියක් ඇති කිරිමට තලවාකැලේ වැවිලි සමාගම මෙම වැඩ පිළිවෙල ආරම්භ කිරිම පැසසිය යුතු බවත්ය.

වතු සමාගම් මගින් ආර්ථිකමය වටිනාකමක් ඇති පැල සිටුවිමට වැඩි කැමැත්තක් දක්වන බවත් එම ගස් විශාලවු විට නැවත කැපිම සිදු කිරිම මගින් සිදුවන හානිය අවම කරමින් පරිසරය නිසියාකාරව ආරක්ෂා කිරිමට සැම වතු සමාගමක්ම ආර්ථික වන වගාවන් සිදු කිරිමේදි මුලු ප්‍රමාණයෙන් සියයට විස්සක්වත් දේශිය පැල සිටුවා නොකැපෙන වනාන්තර ඇති කිරිමට පියවර ගත යුතු බවද ඔහු පවසන ලදි.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ සර්ව ආගමික නායකයන් තලවාකැලේ වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අචාර්ය රොෂාන් රාජදොරේ මහතා ඇතුළු පාසල් සිසුන් හා තවත් පිරිසක්ද එක් විය.

සුදත් සෙල්ලහේවා - හැටන් 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.