lakbima.lk

කුල දරුවන් 50 දෙනෙකු සසුනට

ඓතිහාසික රන්ගිරි දඹුලු ලෙන් විහාර පරිශ්‍රයේදී කුල දරුවන් 50 දෙනෙකු සසුන් ගත කිරීම 04 දින පෙරවරු 9.06 ට යෙදුනු සුභ මොහොතින සිදුවිණි.

අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි,මල්වතු පාර්ශ්වයේ අනුනායක දිවුල් කුඹුරේ විමලධම්ම යන මහනායක හිමිවරුන ඇතුළු මහා සන්හ්ග රත්නය ඉදිරියේ මෙම සසුන්ගත කිරීම සිදුවූහ.

රන්ගිරි දඹුල්ල රජමහා විහාරය හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර දඹුල්ල ශ්‍රී වළගම්බා පහ පිරිවෙනේ හා මැද පන්සලේ අධිපති මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ සද්ධර්ම කිර්ති ශ්‍රී චන්ද්‍රජෝති රාහුල නායක හිමිපාණන්ගේ ජන්ම දිනයට සමගාමිව මාතලේ දිස්ත්‍රික් සංඝ සභාව විසින් මෙම පුන්යෝත්ස්වය සංවිධානය කර තිබුණි.

මෙම රගිරි දඹුලු රජමහ විහාරයේ විහාරාධිපති ආචර්ය ගොඩගම මංගල හිමියන්ද එක සිටියහ.

දඹුල්ල - අශෝක  එරමිනිගම්මන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.