lakbima.lk

කොළඹ හතේ මාකස් ප්‍රනාන්දු මාවතේ නොම්බර තිහ දරන නිල මැදුරට සති කීපයක් පුරා දෙන්නෙක් හිමිකම් කීවෝය. අවසානයේදී ඉන් එක් අයෙකු නිල මැදුරෙන් නික්ම ගියේය. ඉක්බිතිව අලුත් හිමිකරුවා යෙදුණු සුබ මොහොතේ පැමිණ අලුත් කාර්යාලයේදී වැඩ භාරගත්තේය. මේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයේ වැඩ භාර ගැනීමට පැමිණ නැකත විමසූ අයුරුය.

ඡායාරූපය - මලිත් ගමගේ

චීන බසින් පළ කෙරුණු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (18) දින අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ආචාර්ය චෙන් යිං, මහාචාර්ය ටොං ජියාමෙන්, මහාචාර්ය ගොං ලි, මහාචාර්ය ෂුයෙ කෙජියාඕ, මහාචාර්ය ලියු ජියැන්, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශක සංගමයෙ සභාපති විජිත යාපා, සරසවි ප්‍රකාශන අධිපති එච් ඩී ප්‍රේමසිරි, සම්පත් බණ්ඩාර, සරසවි ප්‍රකාශන කළමනාකාර ශ්‍රීපාලි පෙරේරා සහ පොත් ප්‍රකාශන සංගමයේ දිනේශ් කුලතුංග සහ අග්‍රමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

 

 

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මහතා සහ පිලිපීන කථානායිකාව මෙන්ම හිටපු ජනාධිපතිනිය වන  Gloria Macapagal Arroyo  මහත්මිය අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ මැනිලා නුවර දී පැවැත්විණි.

ඡායාරූප : සුදත් සිල්වා

 

අකුරක ඇරඹුම යනුවෙන් 01 ශ්‍රේණිය වෙත දරුවන් ඇතුළත් කර ගැනීමේ වවුනියාව දිස්ත්‍රික් වැඩසටහන අද (17) වවුනියාව මඩුකන්ද ජාතික පාසලේදී විද්‍යාලයේ විදුහල්පති එම්.ඩි.සුනිල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

දිවයින් පුරා 01 ශ්‍රේණියට පාසල් දරුවන් බඳවා ගැනීමේ වැඩසටහනට සමගාමීව වවුනියාව දිස්ත්‍රික් වැඩසටහන එහිදි පැවැත්විණ.

වැඩසටහනට විද්‍යාලයේ ගුරුවරුන්,පාසල් දරුවන්,දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වවුනියාව - මාධව කුලසූරිය

 

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා හා උතුරු පළාත් හිටපු මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා අතර හමුවක් අද (16) ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්වුණි.

දේශපාලන තත්වය, උතුරේ ජනතා ගැටළු හා පළාතේ සංවර්ධනය පිළිබඳ මෙහිදී සාකච්ඡායට ලක්වී ඇත.

පිලීපීන රාජ්‍ය සංචාරයක නිරතවන ජනපති මෛත්‍රීපාල සිරිසේන  මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් අතැර පැවැති නිල හමුවේදී  ශ්‍රී ලංකා ජනපතිවරයා පිලිගනිමින් පැවති සංස්කෘතික අංගයක් ජනපතිවරු නරඹමින්

Page 1 of 12

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.