lakbima.lk

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඬුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගෝණකුඹුර "විසඳේ පැන් පහස" ජල ව්‍යාපෘතියේ වැඩ කටයුතු, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කෙරිණ. මේ සඳහා මධ්‍යම රජයෙන් රුපියල් ලක්ෂ 130ක මුදලක් වෙන්කොට තිබේ.

ගෝණකුඹුර, දෙමනගම්මන, අම්පිටිය, වැලිමළුව, පිටකුඹුර, මාෂල් වැලිවත්ත, දෙකන්දන, මුල්ලක්කඩ ආදී ගම්මාන 20කට ආසන්න සංඛ්‍යාවක ජීවත්වන ජනතාවට මෙම ජල ව්‍යාපෘතියෙන් පානීය ජල පහසුකම් සැපයේ. එළඹෙන දෙසැම්බර් මාසය පමණ වන විට මෙම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් එම භූමියේ කුඹුක් පැළයක් රෝපණය කිරීම සඳහා ද එක් විය.

කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය.

ඒ අනුව, මෙම පුද්ගලයින් කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දිය නෑම සඳහා මුහුදට බැස ඇති අතර,එහිදී දියේ ගිලෙන බව නිරීක්‍ෂණය කළ ප්‍රදේශවාසින් පිරිසක් වෙරළ තීරයේ ජිවිතාරක්‍ෂක රාජකාරියෙහි නියුතු නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක නාවිකයින් දැනුවත් කර ඇත.

එහිදී, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික පුද්ගලයින්  දියේ ගිලෙමින් සිටි මෙම පුද්ගලයින් බේරා ගැනීමට සමත් වූ අතර, මෙසේ ‍බේරා ගනු ලැබුවේ අවුරුදු 24 ත් 30 ත් අතර වයස් වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

‍එමෙන්ම, දිවයින වටා පිහිටි වෙරළ තීරයන්හි සුන්දරත්වය විද ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව සඳහා පැය 24 පුරා නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවිමට නාවික හමුදාව කටයුතු කර ඇත.

කින්නියා, මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල්ලාහ් මහරුෆ්, ඉම්රාන් මහරුෆ්, එම්.එස්. තෞෆීක්, කේ. ධුරෙයි රත්නසිංගම්, සන්දිත් සමරසිංහ, කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.එම්. අනිෆා  යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක්  සහ ඔවුන්ට අයත් ඩව් යාත්‍රාවක් සමඟ 2019 ජූලි 11 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක නෞකාවක් මඟින් ජාත්‍යන්තර මුහුදුසීමාවේ සිට නාවික සැතපුම් 3 ක් පමණ ශ්‍රී ලංකාව දෙසට පැමිණ මසුන් අල්ලමින් සිටියදී මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම ඉන්දීය ධීවරයින් සහ ඩව් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

ඒ අනුව, නාවික හමුදා භාරයට පත් මෙම පිරිස අතර, අවුරුදු 62, 48,39,27 සහ 22 යන වයස්වල ධීවරයින් 05 දෙනෙකු සහ අවුරුදු 12 ක බාල වයස්කාර දරුවකු ද සිටී. මෙම  පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබිම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව අද (09) වන විට තවදුරටත් පහල බැස ඇති බව විදුලි බල මණ්ඩලය පැවසිය.

මවුස්සාකැලේ ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි අනු තුන්දහසක් වන අතර එම ජල ධාරිතාවන මේ වන විට අක්කර අඩි 39.5 දක්වා (26.7%) පහල බැස ඇති බවත්, කාසල්රි ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 19100 බවත්, එය මේ වන විට අක්කර අඩි 114 (26.6)දක්වා පහල බැස ඇති බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියේ.

එම ජලාශ දෙකේම ජල ධාරිතාව පහල බැස ඇති නිසා ජලාශවලට දුපත් රැසක් සහ ජලාශ ඉදි කිරිමේදි යට වු නටබුන් රැසක් මේ වන විට එම ජලාශවල රොන් මඩු තට්ටුව තුල මල් වර්ගද පිපි තිබේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාව විමලසුරෙන්ද්‍ර, ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය ,කැනියොන් යන ජල විදුලි බලාගාර වල විදුලි  උත්පාදනයට ජලය නිකුත් කර ඉදිරියේදි තවදුරටත් වියළි කාලගුණ තත්ත්වය පැවති හොත් එම ජලාශ දෙකේ ඉතිරිවන ජල ධාරිතාව පානිය ජලය සදහා තැන්පත් කර ගත යුතු බවද විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු පැවසිය.



ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2019 ජුනි 05 වන දින ලබා ගන්නා ලද පී 625 නෞකාව අද (ජුලි 08) උදෑසන 0900 පැයට කොළඹ වරායට සේන්දු විය.

එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලද අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, අතිගරු චේන්ග් සූයුවාන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල බටහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නි‍යෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

නෞකාව කොළඹ වරායට පැමිණිමෙන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමා නෞකාවේ නිරීක්ෂණ චාරිකා වාරයක නිරත වූ අතර, එහිදී නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය. තවද, මෙම නෞකාව නුදුරේදීම අධිකාරියට පත් කිරීමට ද නියමිතව ඇත.

1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වන අතර, එහි ධාරිතාවය ටොන් 2300 ක් වේ. පී 625 නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් නලින්ද්‍ර ජයසිංහ කටයුතු කරනු ලබන අතර, නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි. එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.

Page 1 of 39

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.