lakbima.lk

මහින්ද - මෛත්‍රී දීගය අලුත් මානයක

ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමත්, එම අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වීම ගැන පසුගිය දිනවලදී කෙරුණු දේශපාලන රහස් සාකච්ඡා අතර කතා බහ කර තිබුණේය. මෛත්‍රී නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වන්නේද නැද්ද යන්න ගැන පැහැදිලි ප්‍රසිද්ධ ප්‍රකාශයක් මේ වන තෙක් කර නොමැති නමුත් පසුගිය සති දෙක තුළදී ඒ ගැන තැන තැන සාකච්ඡා වී තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය අතරවාරයේදී නිමල් සිරිපාල ද සිල්වා මහින්දගෙන් විමසා තිබුණේ තමන්ගේ දේශපාලන අනාගතය ගැන තීරණයක් ගැනීමට අවශ්‍ය නිසා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන හෙළි කළ යුතු බවය. ‍පොහොට්ටුවේ අය මේ ගැන තවම තීරණයක් අරගෙන නෑ. ඒක මම අපිට හිතවත් මෛත්‍රී එක්ක ඉන්න මන්ත්‍රීතුමෙකුටත් දැනුම් දුන්නා මහින්ද කියා තිබුණේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ආණ්ඩු දීගය අවසන්වීමෙන් පසුව ‍පොදුජන පෙරමුණ උත්සාහ ගත්තේ ‍පොදු සන්ධානයක් නිර්මාණය කිරීමටය. එහි වැඩි වගකීමක් පැවරී තිබුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාටය. ඒකාබද්ධ විපක්ෂයේ සිටින සියලුම දේශපාලන පක්ෂ එක් කරගනිමින් මෙම සන්ධානය නිර්මාණය කරන්නේ ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වීමටය. ඒ අනුව සන්ධානයේ ව්‍යවස්ථාවේ අවසන් අදියර වෙත ළගාවීමට ඩලස් ඇතුළු කණ්ඩායමට හැකිවී තිබුණි. එහෙත් ව්‍යවස්ථාවේ කටයුතු අවසන් කිරීමට තවත් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබුණේය. ජී.එල්. පීරිස්, දිනේෂ්  ගුණවර්ධන හා දේශපාලන ගේම් පිටුපස සිටින මහ මොළයකරු වන බැසිල් රාජපක්ෂ මේ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයෝය. ඔවුන් එක්ව සන්ධානය නිර්මාණය කිරීමේ අවසන් ලියවිල්ල සකස් කිරීමට නියමිතය. ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු අවසන් වූ වහාම සන්ධානයට එක්වන පක්ෂ  සමග ගිවිසුමකට එළැඹීමට ගැනත් සාකච්ඡා විය.

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කිරීමට යෝජනා කළ සන්ධානයට ඒකාබද්ධ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ, වාමාංශික දේශපාලන පක්ෂ එක් කරගැනීමට යෝජනා කර තිබුණේය. එහෙත් මාස කිහිපයකට කලින් අලුත් දේශපාලන දීගයක් ඇතිකරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිලි දක්වමින් ඔවුන් ගැන අලුත් සන්ධානයේ දේශපාලන කපුවන්ගේ වැඩි අවදානයක් යොමු නොකළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙම සන්ධානයට එක්වීමට අවශ්‍ය නම් වෙනම පක්ෂයක් ලෙස ඉල්ලීම් කිරීමේ තැනකට තල්ලු කළේ ඔවුන් සන්ධානයෙන් කොන් කිරීමට මෙනි.

එහෙත් ඒ වන විට ‍පොදු සන්ධානයක් නිර්මාණය කිරීම ගැන මහින්ද - මෛත්‍රී අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කර තිබුණි. ඔවුන් දෙදෙනා යෝජනා කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් ‍පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් නිර්මාණය කිරීමටය. දෙපාර්ශ්වයේම නම් වෙනසකට අකමැති පිරිස් කැමැති කරගැනීමේ අරමුණ ඇතිව පක්ෂ දෙකේම නම් එක් කරමින් නව සන්ධානයට නමක් තැබිමට දෙදෙනාගේම අවධානය යොමුව තිබුණේය. නමකට එකඟත්වයකට පැමිණියත් මැතිවරණ ලකුණකට ඔවුන් දෙදෙනාට එකඟත්වයකට පැමිණීමට නොහැකිවිය. මහින්දගේ පාර්ශ්වයෙන් යෝජනා වූයේ කලින් සන්ධානයේ ලකුණ වූ බුලත් කොළය ලකුණ කරගත යුතු බවය.

එහෙත් මෛත්‍රීගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ වන අත යොදාගත යුතු බවය. ඒ පාර්ශ්ව දෙකටම වඩා වෙනස් යෝජනාවක් ගෙන ආවේ එස්.බි. දිසානායකය. ඒ මුට්ටිය ලකුණ සන්ධානයෙ නව ලකුණ කරගැනීමටය. ඡන්ද  ලකුණ ගැන එකඟත්වයක් ඇතිකරගැනීමට නොහැකිවීම නිසා ඒ සන්ධානයේ ගොඩනැගීම කල් යන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන් කරමින් ඒකාබද්ධයේ සන්ධානය තවත් පියවරක් ඉදිරියට ගියේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන් කරමින් ‍පොදුජන පෙරමුණ ප්‍රධාන දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වුණත් මේ සතියේ බදාදා වන විට ඒ තත්ත්වය කණපිට පෙරළෙන්නට විය. ඒ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට පැමිණි පිරිසක් නිසාය. මෛත්‍රීගේ නිල නිවසට මහින්ද පැමිණියේ ඒකාබද්ධ විපක්ෂය   නියෝජනය කළ මන්ත්‍රීවරු කණ්ඩායම සමගය. දිනේෂ්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රාජා කොල්ලුරේ, තිස්ස විතාරණ, ඩග්ලස් දේවානන්දා, ඒ.එල්.එම්. අතාවුල්ලා, ජී.එල්.පීරිස්, මුත්තුසිවංලිංගම් ඇතුළු පිරිසක් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පැමිණෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ‍ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික එස්.බි. දිසානාක, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල පැමිණ සිටියේ මෛත්‍රී වෙනුවෙන්ය.

වත්මන් දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කරන්න තමයි අපි සියලුදෙනාම කැඳවූවේ මෛත්‍රී සාකච්ඡාවට මුලපිරුවේ අලුත් දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ගෙනයන වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවකට ඉඩක් විවර කරමිනි.

‍පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගත් සන්ධානයක් ඉක්මනින් ගොඩනැගිය යුතුයි නේද? ඔබතුමන්ලා දෙන්නා සාකච්ඡා කරලා කඩිනමින් එහි කටයුතු අවසන් කරන්න ඕන. එතකොට තමයි අපිට මොන මැතිවරණයක් ආවත් සටන් කරලා ජයගැනීමට හැකියාව ලැබෙන්නේ තිරය පිටුපස දේශපාලන කපුකම්වලට කවදත් දක්ෂ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා යෝජනා කළේය. තිලංගගේ හයියට නැගී සිටියේ එවැනි අවස්ථාවලදී තිලංග සමග ශක්තියට සිටීමේ අතීත කතාවලට උරුමකම් කියන එස්.බි. ය.

අලුත් සන්ධානයට අදාළ ව්‍යවස්ථාවේ වැඩ ගොඩක් දුරට ඉවරයි. සන්ධානයේ ව්‍යවස්ථාවත්, එහි ව්‍යුහයත් සකස් කිරීමට පත් කළ අනු කමිටුවේ වැඩ අවසන්වෙමින් යන්නේ. ඒ අය තමන්ගේ වාර්තාව බොහෝ දුරට හදලා ඉවරයි. අපි ඒ කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙන්නෙක් දාලා වැඩේ ඉක්මන් කරමු කලින් ශ්‍රී ලංකා නිදහස්   පක්ෂය නොමැතිව නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ අලුත් සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක් කරගැනීමේ යෝජනාව ආවේ මහින්දගෙන්ය.

එම කමිටුවට පත්වූයේ එස්.බි. සහ තිලංගය. ඒ සමග ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන සන්ධානයේ මුහුණුවර තවත් වෙනස් වනු ඇත. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ පමණක් එක්වූ විට ඉදිරිපෙළ සිටින ඇතැම් අයට පසු පෙළට යාමට සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් පැමිණි විට ඔවුන්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය අඩුවන නිසාය. එයට ‍පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් වැඩි කැමැත්තක් තිබුණේ නැත. කෙසේ වෙතත් සති දෙකකින් සියලුම පක්ෂවල  නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීමටත් ඒ වන විට පංච පුද්ගල කමිටුව බවට පත්වූ කමිටුවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමටත් තීරණය කළේය.

සන්ධානයේ කතාබහ අවසන්වීමෙන් පසුව අවධානය යොමුවූයේ අධිකරණය කෙරෙහිය.
අධිකරණයේ බරපතළ අවුලක් හටගෙන තියෙනවා. මාව හමුවීමට ඉහළ අධිකරණවල විනිසුරුවරුන් එනවා. ඔවුන් කියන්නේ තමන්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයට ලැබිය යුතු තනතුරු ලැබෙන්නේ නැති වේවි කියලා කියනවා. ඒකට හේතුව තමයි ව්‍යවස්ථාදායක සභාව. ව්‍යවස්ථාදායක සභාව එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව ඉටු කරන තැනක් වෙලාමෛත්‍රී දැඩි කලකිරීමෙන් කතා කළේය.

ජනාධිපතිතුමනි, අපි පක්ෂ නායක රැස්වීමේදී බොහෝ උත්සාහයන් කරලා මේ ව්‍යවස්ථාදායක සභාව ගැන පෙබරවාරි 21 වැනිදාට විවාදයක් ගත්තා. මේ කරුණු සියල්ලම අපිට විධිමත් ආකාරයට පාර්ලිමේන්තුව හරහා ජනතාවට කියන්න පුළුවන් විමල්, මෛත්‍රීගේ පාර්ලිමේන්තු තෝල්කයා වීමේ ඉගි පළ කළේය.

ඒක බොහොම හොඳයි. අපි මේ අධිකරණ ක්ෂේත්‍රයේ අවුල රටට කියන්න මේ අවස්ථාව හොඳින්් යොදාගනිමු මෛත්‍රීත් විමල්ට ඇතුළත තොරතුරු දීමේ එකඟත්වයකට පැමිණියේය. එතැනින් පක්ෂ නායක රැස්වීමේ කටයුතු අවසන් වුවත් විමල් තවදුරටත් මෛත්‍රී අසලම රැඳුනේය.

රාජ්‍ය ආයතන බොහෝමයක දේශපාලන පලිගැනීම් වෙනවා. නිවාස අධිකාරිය වගේ ආයතනවල මේ තත්ත්වය ඉතාමත් නරකයි. මේ ගැන තොරතුරු මට ලැබිලා තියෙනවා. ඒවා ඔබතුමාට ලැබෙන්න සලස්වන්නද?විමල් තවත් මෛත්‍රීට සමීප විය.

ඒවා මට දෙන්න. මම කරන්න පුළුවන් දෙයක් කරන්නමේමෙත්‍රීත් විමල්ට සමීප විය.

 මෛත්‍රීගේ ආරක්ෂකයා විමල්

ජනාධිපතිවරණයෙදී ප්‍රතිවිරුද්ධ වේදිකාවක සිටිමින් ජනවාරි අට වැනිදායින් පසුව තොලොංචිවී ඕනෑම ගුවන් තොටුපළකින් පිටත්ව යන්න යැයි සිරිසේන කියමින් ජනපතිට දැඩි ප්‍රහාර එල්ල කළ විමල් මෛත්‍රී ආරක්ෂා කිරීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය සතියේදී කැඳවූයේ මොරටුවේ ගොරකානේ ඇක්වා පර්ල් හෝටලයටය. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් විසින් රාත්‍රී සාදයක් ලෙස සංවිධානය කළ එම හමුවට මහින්දගේ මෙන්ම මෛත්‍රීගේ හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පනස් දෙනෙක් පමණ පැමිණ සිටියහ. මත්පැන්වලින් තොර රාත්‍රී ආහාරය පමණක් ඇති භෝජන සංග්‍රහයක් වූ මෙහි කාගේත් අවධානය යොමුවූයේ සමාජ මාධ්‍ය මෙහෙයුම් කෙරෙහිය.

ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාගේ දේවල් අගය කරනවා. ඒ නිසා ඔහුත් අපි විවේචනය කරන්න ඕන. මහින්ද මහත්තයා ආරක්ෂා කරන ගමන් ජනාධිපතිතුමා විවේචනය කරමුසමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් යෝජනා කළේය.

මේ වෙලාවේ කොන්දේසි විරහිතව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරක්ෂා කරන්න ඕන. මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තිබුණොත් සියයට දහයක ඡන්ද ප්‍රතිශතයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙනවා. ඒක ජනාධිපතිරණයක් ජයගැනීමට අපිට බලපානවා. මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධ වෙන අය රනිල් වික්‍රමසිංහට උදව් කරන්නේ. කණ්ඩායමක් විදියට මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරක්ෂා කරන්න ඕන. ඒකට තමයි මම ඔයාලට එන්න කිව්වේවිමල් කීවේ කලින් දේශපාලනයේ පරම සතුරා දේශපාලනයේ පරම මිතුරා බවට පත් කරගනිමිනි.

 නිදහසේදී වෙනස් වූ දෛවය

ගාලු මුවදොර පිටියේ පැවති නිදහස් සමරු උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස පැමිණ සිටියේ මාලදිවයින් ජනාධිපතිවරයාය. ජනපති මෛත්‍රී මාලදිවයින් ජනාධිපතිවරයා නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා කරගෙන තිබුණේ ඔහුත් තමා මෙන් ‍පොදු අපේක්ෂකයෙක්   ලෙස ඉදිරිපත් වී මැතිවරණය ජයග්‍රහණය කර ජනාධිපති වූ නිසාය. මෛත්‍රීට 2015 ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට දේශපාලන තිරයෙන් පිටුපස ප්‍රධාන භූමිකාව ඉටු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මාලදිවයිනේ ජනාධිපතිවරයා පත් කිරීමේ දේශපාලන මෙහෙයුම පිටුපස සිටියාය. චන්ද්‍රිකාගේ සහය ඇතිව ජනාධිපතිවරුන් වූ ‍පොදු අපේක්ෂකයන් දෙදෙනා සිටි නිදහස් සමරු වේදිකාවේ පුටුවක් චන්ද්‍රිකා වෙනුවෙන් වෙන්ව නොතිබුණේය. එහෙත් මෛත්‍රී ජනපති වූ පසුව ඇය මීට පෙර නිදහස සැමරුමට ආවාය.

චන්ද්‍රිකාට වෙන්ව නොතිබූ පුටුව වෙන්ව තිබුණේ සිව් වසරකට පෙර මෛත්‍රී අතින් පරාජයට පත්වූ මහින්දටය. 2015 වසරේ සිට නිදහස් සමරු උත්සවවලට නොපැමිණි මහින්ද එහි එන විට වෙනදාට හිටපු ජනාධිපතිවරුන්ගේ ආසනයකට හිමිකම් කියන චන්ද්‍රිකා පෙනෙන්නටවත් නොසිටියේය. චන්ද්‍රිකාට වෙන්ව තිබූ පුටුව මහින්දට වෙන්වූයේ ඔහු නිදහස් සමරුවට පැමිණියේ විපක්ෂ නායකයා ලෙසින් නොව හිටපු ජනාධිපතිවරයෙක් ලෙසින් නිසාය.
එක්සත් ජාතික පක්ෂය පසුගිය සතියේදී වැඩි අවධානයක් යොමු කළේ ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමටය. මේ නිසා සතිය මුලදීම රනිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂය       සමග කටයුතුකරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ට අරලියගහ මන්දිරයට එන්නැයි දැනුම් දුන්නේය.

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ යෝජනාව සම්මත කරගන්න ඕන. ඒකට ඡන්ද එකසිය දහ තුනක් ඕන. අපිට තියෙන්නේ ඡන්ද එකසිය හයයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් අයගේ සහය අපිට ගන්න වෙනවා. ඒ නිසා එකතුකරගන්න පුළුවන් අය එකතු කරගන්නරනිල් දේශපාලන වගකීමක් දුන්නේය.

ඒ අනුව එම මන්ත්‍රීවරු කිහිපදෙනා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම් දුන්නේය.අ‍පෝ අපිට නම් ජාතික ආණ්ඩුවට සහය දීලා ඡන්දේ දෙන්න බෑ. එහෙම වුණොත් අපේ මන්ත්‍රීකම් නැතිවෙනවාඔවුහු බිය පළ කළහ.

කෙසේ වෙතත් රනිල් මේ යෝජනාවට එකසිය දහතුනක් ගැනීමේ මෙහෙයුම රහසිගතව ක්‍රියාත්මක කර තිබුණේය.
අපිට එකසිය දහතුන ගන්න බැරිනම් කණ්ඩායමකට ඡන්දය දීමෙන් වැළකී ඉන්න කියලා යෝජනා කරමු. ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඒකට කැමැති කරගත්තොත් අපිට කිසිම ප්‍රශ්නයක් නෑරනිල්ගේ උපක්‍රමය විය.

එහෙත් දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා වැඩි කැමැත්තක් නොවීය. ඇමැතිධුර ලැබෙන කණ්ඩායම් ගැන ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේය. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් පසුව සරත් ෆොන්සේකාට ඇමැතිධුරයක් ලැබෙන නිසා තවත් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීමේ තීන්දුවක් වෙත ඇදගෙන යාම අපහසු කරුණක් විය.

මේ වෙලාවේ ජාතික ආණ්ඩුවක් හදලා ඇමැතිධුර වැඩි කළොත් ඒකට විරෝධතා මතුවෙන්න පුළුවන් රනිල්ට හිතවත් දැනට ඇමැතිධුර නොමැති එහෙත් ඇමැතිධුර ලැබිය යුතු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පැවැසූහ. අපි මේ වෙලාවේ ජාතික ආණ්ඩුවක් හැදුවට ඇමැතිධුර වැඩි කරන්නේ නෑ. කොහොමත් නියෝජ්‍ය ඇමැතිකම් දෙන්න ඕන අයට නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්න ජාතික ආණ්ඩුවක් හදන්න ඕන නෑ. කොහොමත් මාස කිහිපයක් යන තුරු ඇමැතිධුර වැඩි කරන්නේ නෑරනිල් කීවේය.

අපි හදන ආණ්ඩුවට ජාතික ආණ්ඩුවක් කියලා කියනවාට වඩා ශක්තිමත් ආණ්ඩුවක්ය කියන එක වඩාත් නිවැරදියි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවලා යෝජනාව සම්මත කරනවාට ඇතැම් පක්ෂ විරුද්ධ නම් අපි ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැතිව දවස් පහක් දීලා සාමාන්‍ය ක්‍රමයට මේ යෝජනාව සම්මත කර ගනිමුරනිල් යෝජනා කළේය.

මේ යෝජනාව සම්මත වෙන්න 113ක් ඕනනේ. ටී.එන්.ඒ. එකත් මෙතැනදී අදිනවා වගේනේ. එයාලාගේ ශක්තිය අඩුවේවි කියලා ‍පොඩි බයක් ඇතිරනිල් හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණි මන්ත්‍රීවරයකේ කීවේය.මේ යෝජනාව සම්මත වෙන්න 113ක් ඕන නෑ. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් හිටියාම ඇති. ජනාධිපති කියන්නේත් හැම දේම දීර්ඝ ක්‍රමයට කරන්න කියලානේ. ඒ නිසා අපි මේ ක්‍රමයට ළඟදීම මේ යෝජනාව සම්මත කරනිමුකිරිඇල්ල කීය.

රනිල් සමග එසේ කී කිරිඇල්ල පාර්ලිමේන්තුවට ගියේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව දැනුම්දීමටය. විදේශගතවී සිටි මැති ඇමැතිවරුන්ටද හදිසියේ ඉදිරිපත්වූ යෝජනාවට ඡන්දය දීමට ලංකාවට එන්නැයි පක්ෂ විපක්ෂ සංවිධායකයන් දැනුම්දී තිබුණේය. තමන්ගේ සංචාර අතරමග නතර කර ඇතැම් මැති ඇමැතිවරු පැමිණියත් ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණෙන විට සහභාගීවීමට විවාදයක් හෝ ඡන්දය ලබාදීමට ඡන්දයක් තිබුණේද නැත.

දේශපාලන ලෝකයම සොලවමින් පාතාල නායක මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගත්තේ  පසුගිය සතියේදීය. දේශපාලඥයන් සමග රහසිගත සම්බන්ධතා පවත්වාගෙන සිටි මධූෂ්    අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් යාමට පෙර ‍පොලිස් විශේෂ කාර්ය බළකාය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මෛත්‍රී හමුවීමට පැමිණියේය. එදින උදෑසන කැබිනට් මණ්ඩලයේ දී ලතීෆ්ට සේවා දිගුවක් දීමට යෝජනා කර තිබුණේ මෛත්‍රීමය.

ඔහු මෛත්‍රී හමුවීමට එන විට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මෛත්‍රී සමග විය. ඔවුන් තිදෙනා එක්ව ඩුබායිහි සිටින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙන්ම මෙහෙයුමට සම්බන්ධවූ නිලධාරීන්ට දුරකථනයෙන් කතා කරමින් ගත යුතු ඉදිරි පියවර ගැන සාකච්ඡා කළේය.

ජාතික ආණ්ඩු යෝජනාව හකුළාගන්නා විට රාජිත සේනාරත්න ඇමැතිවරයා තවත් දේශපාලන මෙහෙයුමකට අත ගසා තිබුණේය. ඒ මැයි මස පළමුවැනිදා එළිකදක්වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ කටයුතු ගැන අවධානය යොමු කිරීමටය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිධුරයට පත්වූ ආචාර්ය එම්.එච්.එම්. රූමිට උපහාර පිදීමේ උත්සවයක් අලුත්ගම දර්ගා නගරයේදී පැවැති අතර එයට රාජිත ගියේ ප්‍රධාන ආරාධිතයා ලෙසය. එහිදී මේ ගැනත් අවධානය යොමුවිය.

මට රූමි හමුවෙන්නේ පසුගිය ජනාධිපතිවරණය වෙලාවේදී. ඒ රවි කරුණානායක ඇමැතිතුමා මාර්ගයෙන්. ‍පොදු අපේක්ෂක වැඩපිළිවෙළ ගැන එක්සත් ජාතික පක්ෂයේ රවි එක්ක තමයි මුලින්ම කතා කළේ. මේ කාර්යාලයේදී හමුවූ රූමි අද වනතුරු මම එක්ක වැඩ කරනවා. අපි එළිදක්වන අලුත් පෙරමුණේ මෙහෙයුම් කාර්යාලය වෙන්නේත් මෙතැන තමයිරාජිත අලුත් දේශපාලන මෙහෙයුම ගැන හෙළි කළේය.

 තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.