lakbima.lk

බැසිල් - විමල් - උදය ගැටුම එළියට

 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට විරුද්ධව හඬ නගමින් මරණ දඬුවම දීමට සූදානම්ව සිටින පසුබිමක් රටේ තිබෙන මොහොතක රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා මුලු පාර්ලිමේන්තුවම කැළඹුවේය. ඒ කොකේන්වලින්ය. පාර්ලිමේන්තුවේ සිටින කොකේන් භාවිත කරන මන්ත්‍රීවරු ගැන රන්ජන් මාධ්‍ය වෙත අදහස් දක්වන්නට ගත්තේ සුපුරුදු පරිදි දැඩි ආන්දෝලනයක් ඇති කරමින්ය. මාධ්‍ය ඔස්සේ ඇති කළ කැළඹීම පාර්ලිමෙන්තුවටම ඇදී ගියේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ ප්‍රහාරයන්ට ලක් වෙමින්ය.

රන්ජන් කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඇතැයි කියන විට හැමෝම කියන්න ගත්තේ එවැනි මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඇතිනම් කථානායකවරයා වෙත දැනුම් දෙන ලෙසය. රන්ජන්ගේ කතාවෙන් වැඩි ප්‍රහාරයක් එල්ල වන්නට ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ටය. කැබිනට් ඇමැතිවරු පිරිසක්ද කොකේන් ගසන මැති ඇමැතිවරු අතර වන බව රන්ජන් කී නිසාය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු රන්ජන්ගේ කතාව පාරාවලල්ලක් කරගනිමින් එක්සත් ජාතික පක්ෂයට පහර දෙන විට රන්ජන් තමන් කියන කැබිනට් ඇමැතිවරු ගැන විග්‍රහයක් ඉදිරිත් කරන්න විය. රන්ජන් කීවේ තමන් කැබිනට් ඇමැතිවරු යැයි අදහස් කළේ පසුගිය ආණ්ඩුවේ සිටි කැබිනට් ඇමැතිවරුන් සමග වන බවයි. එහි බහුතරය එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු නොව දැනට විපක්ෂයේ අය බව රන්ජන් කීවේ තමන්ට එල්ලවන පීඩනය දරාගත නොහැකිවය.

කොකේන් කතාව ඇදී යන විට රන්ජන් කථානායක කරු ජයසූරියට දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ කොක්නේ භාවිත කරන මැති ඇමැතිවරුන්ගේ නාම ‍ලේඛනයක් දීමටය.

රන්ජන්, ඔයා බොරු කියන්නේ නෑ කියලා මම දන්නවා. ඒත් මේක පරිස්සමින් කතා කරන්න ඕන දෙයක් කරු රන්ජන්ට කීවේ වැඩිහිටියෙක් අවවාදයක් දෙන අයුරින්ය. කොතරම් අවවාද ලැබුවත් වෙනස්කළ නොහැකි ගතිගුණවලින් යුත් රන්ජන් කරුට කියන්න ගත්තේ මන්ත්‍රීවරු කොකේන් භාවිත කිරීම ගැනය.

ඒ වුණාට සර් මම දන්න කතාව තියෙනවා. ඒක නිසා මම දන්න අය ගැන සර්ට කියන්නම් රන්ජන් කියන්න ගත්තේය.

මන්ත්‍රීවරු කොකේන් ගහනවාද නැද්ද කියලා කියන්න නම් මම හරියටම දන්නේ නෑ. හැබැයි මේක ඇතුළට එන අය මොනවා හරි ගහලා එනවා කියලා නම් මට තේරෙනවා. අර පහුගිය දවස් පනස් දෙකේ ප්‍රශ්නය වෙලාවේ මට ඒක හොඳටම තේරුණා. මේ අය වෙලාවකට උපාසකයෝ වගේ ඉන්නවා. තවත් වෙලාවකට හරිම දරුණුයි. ඔයාට මේවා ගැන මොනවා හරි විස්තරයක් තියෙනවා නම් රහස් ‍පොලීසියට ඒ විස්තර දෙන්න කරු කීවේය.

ඒ වුණාට සර් මා ළඟ නම් ලැයිස්තුවක් තියෙනවා. මම ඒක සර්ට දෙන්නම් රන්ජන් කීය.

මේ වෙලාවේ හරිම පරිස්සමින් වැඩ කරන්න ඕන. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය රැස්වෙනවා. ඊට කලින් ඒ අය ලංකාවට එනවා. ලංකාවේ තියෙන ස්වාධීන ආයතනයක් විදියට පාර්ලිමේන්තුව ඒ අයගේ ගෞරවයට ලක්වෙලා තියෙනවා. මේ වෙලාවේ ඔයා කියනවා වගේ එකක් පාර්ලිමේන්තුවට ලිඛිතව ආවොත් ඒක හොඳ නෑ. උඩ බලාගෙන කෙළ ගහගන්න එපා රන්ජන්. මට ඔයා කියන දේ තේරෙනවා. ඒත් ඔයා මේ යන වේගය වැඩියි. ඒ නිසා ටිකක් නියුට්‍රල් වෙලා යන්න කරු රන්ජන්ට උපදෙස් දුන්නේය.

ඒ වුණාට සර් මම මේ නම් ටික මෙහෙමම කියන්නම්. සර්ට ටෙලිෆෝන් එකෙන් කියන්නම්. මම ලිඛිතව දෙන්නේ නෑ රන්ජන් තමන්ගේ වුවමනාව කෙසේ හෝ ඉටු කරගත්තේ නාම‍ලේඛනයක් දුරකථනයෙන් කියවාගෙන යමිනි.

රන්ජන් තමන්ගේ කතාව සාධාරණීකරණය කරගත්තත් කොකේන් කතාව ගැන රනිල්ටත් නොවිමසා සිටින්නට නොහැකි විය. අරලියගහ මන්දිරයට පැමිණි රනිල්  හමුවීමට ආ පිරිස්ද ඔහුට මේ ගැන ගතු කියා තිබුණි.

මම ඔය කියන දේ දන්නේ නෑ. ඕවා කියන අයගෙන්ම ගිහින් වැඩි විස්තර අහගන්න රනිල් ඒ ගැන විමසූ අයට කියා තිබුණේ තරමක කනස්සල්ලකින් යුතුවය.

පසුගිය සතියේදී පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීද මේ ගැන කතාවක් ඇදී ආවේය. හරින් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, සුජීව සේනසිංහ ඇතුළු මැති ඇමැතිවරු අදහස් දක්වන්නට ගත්තේ රන්ජන්ට විරුද්ධවය.

දැන් මේ උඩරට පළාතේ වතු කම්කරුවන් සමග කටයුතු කරන කැබිනට් ඇමැති කෙනෙකුත් කොකේන් ගහනවා කියලා තියෙනවා. මේ කතා කියනකොට මිනිස්සු අපි දිහාත් බලන්නේ වපර ඇහින්. මෙතැන හිටියා නම් මම රන්ජන්ගේ හොම්බට දෙකක් ගහලා තමයි ඒ ගැන අහන්නේ. මේක ලොකු ප්‍රශ්නයක් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කීය.

කොකේන් ගහන අය ගැන නමෛයි හොයන්න ඕන. ඒඩ්ස් තියෙන අය ගැන තමයි හොයන්න ඕන. තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ඒ කතාව කීවේ කාටදැයි මන්ත්‍රී පිරිසකට රහසක් නොවීය.

රනිල් සිටියේද රන්ජන්ට විරුද්ධවය.

ඇමැතිකෙනෙක්ට කටට එන පලියට විකාර කියවන්න බෑ. ඔය මත්ද්‍රව්‍ය භාවිත කරන අයගේ ලැයිස්තුවක් රන්ජන් මට කියලා නෑ. කථානායකට හෝ සී.අයි.ඩී. එකට කියලාත් නෑ. මේ ගැන කතා කරන කණ්ඩායම් රැස්වීමට එන්නේත් නෑ. කරුණාකරලා මේ බොරු චෝදනාවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙසීය විසිපස් දෙනො බේරලා දෙන්න කියලා විපක්ෂය මගෙන් ඉල්ලනවා. ඒ විතරක් නමෛයි රන්ජන්ගේ කටට බේ්‍රක් පෑඩ් හයිකරන්න කියලත් ඒ අය ඉල්ලුවා රනිල් කීවේ තම ආවේගය යට කරගෙන සිනහවක් මුවට නංවාගනිමින්ය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී රන්ජන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය කෙරිණි. ලක්ෂ්මන් කිරිඇල්ල, ආශු මාරසිංහ හා එක්සත් ජාතික පක්ෂයේ නීතීඥයෙක්ගෙන් සමන්විත කමිටුවක් විසින් මේ ගැන විමසීමට රන්ජන් කැඳවූවේ සිකුරාදා උදෑසනය.  කිසිදු ‍ලේඛනයක් ඉදිරිපත් නොකළ රන්ජන් කමිටුවට ඉදිරිපත් කළේ රහස් ‍පොලීසියට ඉදිරිපත් කළ ‍ලේඛනයේ තිබූ දේය. පුරා පැයක් තිස්සේ පැවැති රන්ජන්ගේ කරුණු විභාගයේදී විශේෂ ‍ලේඛන කිසිවක් ඉදිරිපත් නොකළ රන්ජන් කරුණු ඉදිරිපත් කළේය.

අපි රන්ජන්ගෙන් කරුණු විමසුවා. රන්ජන් රහස් ‍පොලීසියට දීපු ලිපියේ තියෙන කරුණු සියල්ලම අපිට කිව්වා. අපි මේ ගැන වාර්තාවක් හදනවා. මේක හදලා අගමැතිතුමාට භාරදෙනවා. අපේ කමිටුව කරන්නේ එච්චරයි. එතැනින් එහාට අපි කිසිම දෙයක් කරන්නේ නෑ. ඒ වගේම තමයි අපි කිසිම දෙයක් එළියට නොදීමටත් තීරණය කළා කමිටු සාමාජික ආශු මාරසිංහ මේ තීරුවට පැවැසුවේය. පාර්මේන්තුවේදී මෙම කමිටුව හමුවේ පෙනී සිටි රන්ජන් එතැන් සිට ගියේ කොළඹ පෞද්ගලික රෝහලකටය. ඒ රුධිර පරීක්ෂාවකටය. තමන් මුලින්ම කොකේන් භාවිත නොකරන මන්ත්‍රීවරයා බව රටට පෙන්වීම ඔහුගේ අවශ්‍යතාව විය.

රන්ජන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විවේචනයට ලක්වූ ආකාරයට බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාද විවේචනයට ලක්විය. ඒ කිරිපිටි ආනයනය සම්බ්න්ධයෙන් බුද්ධික දැක්වූ අදහසක් නිසාය.

කට තිබුණ පලියට කටට එන එන දේවල් කියන්න නරකයි. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කිරිපිටි ගැන කරපු ප්‍රකාශයත් බරපතළ ප්‍රකාශයක්. දැන් මිනිස්සු කිරිපිටි මිලදී ගත්තේ නැතොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. රජයක් විදියට අපිත් ලොකු ප්‍රශ්නවලට මුහුණදෙන්න සිදුවෙනවා මන්ත්‍රීවරු බුද්ධික පතිරණත් විවේචනය කළහ.

ඒ අතරම විජිත් විජිතමුණි සොයිසා තවත් ඉල්ලීම් මල්ලක් ඉදිරිපත් කරමින් කතා කරන්න විය.

මම මේ පැත්තට ආවේ අයිමත් යන්න නමෛයි. අපිට තවම ඇමැතිකම් ලැබිලා නෑ. ඒත් අපි යන්නේ නැතිව ඉන්නවා. අපිට මේ සිදුවෙන දේවල් බලන විට හරිම දුකයි. සමහර ඇමැතිවරුන්ට දරාගන්න බැරි තරම් ඇමැති ධුර තියෙනවා. සමහර අමාත්‍යාංශවලට විශාල ආයතන සංඛ්‍යාවක් තියෙනවා. මේවා දකිනකොට මට අපේ ගමේ කතාවක් මතක් වෙනවා. ඒ තමයි කිරි වැදුන ගොයමට අලි පැන්නා වගේ කියන එක. අලි කිරි වැදුන ගොයමට පැනලා සියයට විස්සක් විතර කනවා. අනෙක් සියයට අසූවම විනාශ කරලා දානවා. දරාගන්න බැරි ඇමැතිකම් තියාගෙන ඉන්න අයගේ වැඩවලට අපිත් හවුල් කරගන්න. අපිටත් වගකීම් දෙන්නවිජිත් විජිතමුණි සොයිසා පැවැසුවේය. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිම්න්තු කණ්ඩායමේ ඇමැති ධුර නොමැතිවීමේ ගැටලුව ගැන කතා කළ විජිත් විජිතමුණි පසුදා පාර්ලිමේන්තුවට පැමිණි මෛත්‍රී අවට ගැවෙසමින් සිටියේය.

රන්ජන් කොකේන් සමග දේශපාලන ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්වන විට මෛත්‍රී ව්‍යවස්ථාදායක සභාව ගැන පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් තවත් පැත්තකින් දේශපාලනය උණුසුම් කළේය. මෛත්‍රී ස්වාධීන කොමිෂන් සභා කිහිපයක ක්‍රියාකාරීත්වය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් ඇතැම් තීරණ ගැන පසුගිය කාලයෙදී සිටියේ එතරම් ප්‍රසාදයකින් නොවේ. මෛත්‍රීගේ පූර්ණ ආශිර්වාදය ඇතිව ඉදිරිපත් කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිර්මාණය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන මෛත්‍රී දැඩි විවේචනයක් ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඇති ජනාධිපතිවරයාට වෙන්වූ අසුනේ සිටගෙනය. තමන් සුජාත දරුවෙක් ලෙස ඉරිපත් කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දූෂණය කළ බව මෛත්‍රී කීවේ දැඩි ආවේගයෙන් යුතුවය.

ස්වාධීන කොමිෂන් සභා කෙරෙහිත් දැඩි විවේචනයක් එල්ල කළ මෛත්‍රීගේ දැඩි ප්‍රහාරයට ලක්වූයේ ශ්‍රී ලංකා මානව හිමකම් කොමිෂන් සභාවයි. ඉහළ අධිකරණ විනිසුරුවරු පත් කිරීමේදී මෛත්‍රී එවා තිබූ නම් අනුමත නොකිරීමත්, ඇතැම් විට නම් තුනක් අතරින් නිර්දේශ කළ නම තමන්ට ප්‍රශ්නකාරී බවත් ඔහු කීවේ ඇතැම් විනිසුරුවරුන්ගේ නම් ගම්ද ඉදිරිපත් කරමින්ය. එහෙත් එයට උත්තර දුන් ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා කියා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම් කර එවා ඇත්තේ ජනපතිගෙන් අසා අවශ්‍ය නම් බවය.

විවේචන දිගට හරහාට ඉදිරිපත් කළ මෛත්‍රී පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාමරයට ගියේය. මහින්ද අමරවීර මෛත්‍රී සමගම ජනාධිපතිගේ කාර්යාලයට ගියේය.

සර් ඉස්සර නම් ෆේස් බුක්වල සර්ට බැණපුවා තිබුණා. ඒත් දැන් බණින ඒවා නෑ. හොඳ දේවල් තමයි තියෙන්නේ මහින්ද අමරවීර කීවේය.

ඒවාගේ ගියපු සමහර ඒවත් වැරදි නෑ. පිළිගන්න පුළුවන් දේවල් ඒකේ යනවා. මම ගස් හිටවන්න ගියාම මට බහින්න වළවල් කපනවා. මිනී වළවල් වගේ වළවල් තමයි කපන්නේ. මට බහින්න වළවල් ඕන නෑ කියලා කිව්වාම දැන් මේ අය වළවල් කපන්නේ නෑ මෛත්‍රී කීවේය.

මෛත්‍රී පාර්ලිමේන්තුවට පැමිණ සැර කතාවක් කිරීමට පෙර දිනයේ මෛත්‍රී සිටියේ හම්බන්තොටය. ග්‍රාම ශක්ති වැඩසටහනට සහභාගීවීමට ගිය මෛත්‍රීගේ එක් පසෙකින් මහින්ද අමරවීර සිටින විට අනෙක් පසින් සිටියේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාය. එදින මෛත්‍රී, සජිත් සමග දවසම ගත කළේය.

පාර්ලිමේන්තුවේ සැර කතාවක් කළ මෛත්‍රී බැසිල්ගේ මුහුණටම කනේ පහරක් පසුගිය සතියේදී එල්ල කළේය. නැවත වරක් ජනාධිතිවරණයකට ඉදිරිපත් වන බවක් මේ වන තෙක් ප්‍රකාශ කර නොමැති එහෙත් ඉඟිවලින් ඒ බව පැහැදිලි කරන මෛත්‍රීගේ සැලසුම්වලට බාධා කරමින්  සිටින්නේ බැසිල් රාජපක්ෂය. ඒකාබද්ධ විපක්ෂය සමග ‍පොදු සන්ධානයක් ගොඩ නගාගනිමින් මැතිවරණ සටනට සූදානම් වන මෛත්‍රීට  බැසිල්ගේ විශාල සහයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. මෛත්‍රී ඇතුළු කණ්ඩායමට විරුද්ධව පක්ෂ අභ්‍යන්තරයේ සිට අඬු විහිදුවමින් සිටින බැසිල් මෛත්‍රීට හමුවූයේ මහජන එක්සත් පෙරමුණේ මහා සමුළුවේදීය. මහින්දත් ආරාධිතයෙක් වූ සමුළුවට ඉදිරිපත් කළ යෝජනා මෛත්‍රීද අනුමත කළේය.

අපි මේ වෙලාවේ පක්ෂ ලකුණු ගැන හිතන්නේ නැතිව වැඩ කරන්න ඕන. අපේ ජයග්‍රහණය වෙනුවෙන් තමයි අපි කටයුතු කළ යුතු වන්නේ. හැමෝම එකට එකතුවෙලා ඉදිරියට යන්න ඕන වෙලාවක් මේක. වාම ප්‍රගතිශීලී බලවේග එකතුවෙලා යන්න ඕන මෛත්‍රී ‍පොදු සන්ධානය වෙනුවෙන් කතා කළේ ඇතිවෙමින් තිබෙන සන්ධානෙයේ කකුළින් අදින බැසිල් ඉදිරියේය. එහෙත් මේ ගැන බැසිල් හෝ මහින්ද හෝ කිසිවක් නොකියා සිටීමට පරිස්සම් විය.

‍පොදු සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ මෛත්‍රීගේ කැමැත්තට උදය ගම්මන්පිල හා විමල් වීරවංශයද කොළ එළි දක්වමින් සිටිති. මේ නිසා බැසිල්ගේ කණ්ඩයම උදයට හා විමල්ට විරුද්ධය. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විශාල පිරිසක් තමන්ගේ අතේ තබාගෙන සිටින විමල් පසුගිය සතියේදී උපදෙස් දී තිබුණේ බැසිල්ට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රහාර එල්ල කරන ලෙසය.

මහින්දගේ විජේරාම නිවසේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ද අළු යට ගිනි පුපුරු මෙන් තිබෙන බැසිල් - විමල් - උදය පාර්ශ්වය අතර ඇති ගැටුම කරළියට පැමිණියේය. ‍පොදු සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා වන සාකච්ඡා සියල්ලම වර්ජනය කළ බැසිල් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට පැමිණියේය. මේ පක්ෂ නායක රැස්වීමට විමල් වීරවංශ නොපැමිණියේ මේ දිනවල චීනයේ සංචාරයක යෙදී සිටින නිසාය.

උදය සමග ඇති ගැටුම එළියට පැමිණියේ බොරැලස්ගමුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ගේ පුරප්පාඩුවක් පිරවීම සම්බන්ධයෙන් වන කතා බහේදීය.

මේ මන්ත්‍රීකම ‍පොහොට්ටුවට දෙන්නේ නැතිව අපේ කෙනෙක්ට දෙන්න ඕන. මම දිස්ත්‍රික්කයේ දෙවැනියා. මගේ පක්ෂයට මේ මන්ත්‍රීකම ඕන උදය ඉල්ලීම් කළේය.

එහෙම කියන්න එපා උදය. සන්ධානයක් විදියට වැඩ කරන්න ඕන අපි. එක පක්ෂයක මන්ත්‍රීකමක් නැතිවුණොත් ඒක ඒ පක්ෂයේ කෙනෙක්ටම දෙන්න ඕන. ඒක තමයි අපේ එකඟතාව. විශේෂ අවස්ථාවකදී ඒක වෙනස් වෙන්න පුළුවන්. මේ ඉන්නේ අපේ නායකයා. එතුමා කියනවානම් වෙනස් විදියකට කරමු බැසිල් උදයගේ මුහුණටම සිය විරෝධය දැක්වුවේය.

එහෙම කරන්න එපා. මම තනියම ඉල්ලුවානම් තවත් ආසන කීපයක් දිනනවා උදය කියන විට මහින්ද අත්පුඩියක් ගසමින් සිනාසුණේය.

මේ ප්‍රශ්න එළියේ කතා කරන්නේ නැතිව ඇතුළේ කතා කරන එක හොඳයි මහින්ද කීය.

 වාසු කළකිරීමෙන්

මම මේ අහන්න හිටියේ. අර දැන් හදන සන්ධානයට මොකද වෙන්නේවාසු ඇසුවේ මෛත්‍රී සමග ගොඩනගන සන්ධානය ගැනය.

කෝ...මේ ඩලස් නැද්ද? ඩලස්නේ ඒක ගැන බලන්නේ. එයාගෙන් ඕන මේක ගැන අහන්නමහින්ද ඒ ප්‍රශ්නය එතැන නැති ඩලස්ට මාරු කළේය.

එයා අදත් නෑ. ගිය සතියේත් නෑ. මේක නොකෙරෙන සන්ධානයක් වගේ තමයිවාසු කීවේ තරමක කලකිරීමෙන් යුතුවය.

පාර්ලිමේන්තුවේ සභා කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය සතියේදී රැස්වුණේය. එහිදී වැඩි අවදානයක් යොමුවූයේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහිය. මහින්ද මේ සාකච්ඡාවේ වැඩි වෙලාවක් පෙනී සිටියේ කඩිනමින් මැතිවරණ පැවැත්වීම කෙරෙහි අදහස් දැක්වීමටය.

පළාත් සභා ඡන්දය තියන එක අපේ වගකීමක් නමෛයි. ආණ්ඩුවේ වගකීමක්. අලුත් විදියට තිබ්බත්, පරණ විදියට තිබ්බත් අපි පළාත් සභා මැතිවරණයට සූදානම්. ජනතාව දැන් ඉල්ලන්නේ පළාත් සභා මැතිවරණයක්. ආණ්ඩුව විවිධ හේතු කියමින් පළාත් සභාව කල් දානවා. අලුත් ක්‍රමයට ඡන්දේ තියෙනවා නම් තමයි හොඳ. ඒත් අලුත් ක්‍රමයට කරන්න බැරිනම් පරණ ක්‍රමයට වුණත් කමක් නෑ. කොහෙම හරි මැතිවරණ තියන්න ඕන. මහින්ද අවධාරණය කළේය.

මැතිවරණ තියනවානම් පවත්වන්න ඕන අලුත් ක්‍රමයට. පරණ ක්‍රමය දැන් ප්‍රතික්ෂේප කරපු එකක්රාජිත සේනාරත්න ඇමැතිවරයා පෙනී සිටියේ අලුත් ක්‍රමයට මැතිවරණ පැවැත්වීමටය.

අලුත් ක්‍රමයට මේක තියන්න අපි හැම උත්සාහයක්ම ගන්න ඕනමනෝගේ සහයද රාජිතට හිමිවිය.

අලුත්ද පරණද කියන එක නමෛයි ප්‍රශ්නය. පළාත් සභා තියන එකයිමහින්ද කීය.

පළාත් සභා කල් දමන විට ඒවායේ බලතල අතට ගෙන කටයුතු කරන්නේ මහ ඇමැතිවරුය. එහෙත් තවමත් පළාත් සභාව ක්‍රියාත්මක වන දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පළාත් ඇමැතිවරුන්ට වඩා ක්‍රියාශීලීව කටයුතු කරන්නේ පළාත් සභාවක් නොමැති ආකාරටය. පසුගිය සතියේදී එක්වරම ගාල්ල මහින්ද විද්‍යාලයේ පැවැති උත්සවයට ගිය කීර්ති පාසල් දරුවන්ට ප්ලාස්ටික් වසංගතයට විසඳුම් ඉදිරිපත් කිරීමට අභියෝග කළේය. මහින්ද විද්‍යාලයට එය ආරම්භ කළ හැකිනම් අනෙක් පාසල්ද මහින්දය පසුපස යනු ඇති බවත්  එවිට තමන්ටද මහින්දේ තමයි ඉස්කෝ‍ලේ යැයි බිය නැතිව පැවැසිය හැකි බවත් ඔහු කීවේය.

තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.