lakbima.lk

ජනපති කැබිනට් වර්ජනයක

මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. පසුගිය දිනවල පැවති කැබිනට් මණ්ඩල රැස්වීම්වලදී එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ගේ යෝජනා කෙරෙහි වැඩි අවධානයක් යොමු කර නොතිබූ මෛත්‍රී මේ සතියේදී කැබිනට් මණ්ඩලයේ විවිධ ප්‍රශ්න ගැන අවධානය යොමු කර තිබුණේය.

රවුෆ් හකීම් ඇමැතිවරයා විශ්ව විද්‍යාලවලට බලපාන කැබිනට් පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් කර තිබුණේය. යාපනය විශ්වවිද්‍යාලයේ වන්නි මණ්ඩපය වෙනම විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපිත කිරීමට යෝජනා කර තිබුණේය. එය නම් කර තිබුණේම වන්නි විශ්ව විද්‍යාලය ලෙසය. වන්නි විශ්වවිද්‍යාලයේ නමට පාඨලී චම්පික රණවක ඇමැතිවරයා වැඩි කැමැත්තක් දක්වා තිබුණේ නැත.

වන්නි විශ්වවිද්‍යාලය කියන නම සුදුසු නමක් නමෛයි. උතුරු හෝ තම්බපණ්නි විශ්වවිද්‍යාලය කියලා ඒක නම් කරන්න චම්පික ඉල්ලා සිටියේය.

ඒක නම් ඇත්ත. වන්නි විශ්වවිද්‍යාලය කියන නම විශ්වවිද්‍යාලයකට සුදුසු නෑ මෛත්‍රීත් සිටියේ චම්පිකගේ ස්ථාවරයේමය.

වන්නි හත්පත්තුව කියන්නේ කැලෑබද ප්‍රදේශයක්. කැලෑබද ප්‍රදේශයක නමක් විශ්ව විද්‍යාලයකට ගැළපෙන්නේ නෑ රාජිතත් හකීම්ගේ හරහට සිටියේය.

හැමෝම මේකට විරුද්ධයි නම් රවුෆ් හකීම් විශ්වවිද්‍යාලය කියලා හරි රිෂාඩ් බදියුදීන් විශ්ව විද්‍යාලය කියලා හරි මේක නම් කරන්න ඇමැතිවරයෙක් යෝජනා කළේය.

රිෂාඩ්ගේ නම දැම්මොත් වන්නි කියන නමට එන ළමයි ටිකවත් එන්නේ නෑ හකීම් රිෂාඩ්ට දේශපාලන ටොක්කක් ඇන්නේය.

රිෂාඩ් මෙතැන නැති නිසානේ ඔහොම කියන්නේ මෛත්‍රී කීවේ සිනාසෙමින්ය. මේ අතර හකීම් කැබිනට් පත්‍රිකාව ඉවත් කරගත්තේ නැවත වරක් ලබන සතියේදී අලුත් නම සහිතව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බව කියමිනි.

මේ අතර විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිෂන්  සභාව අතර ඇතිවී තිබෙන ගැටුම ගැනත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවිය. මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට එරෙහිව අධිකරණයට යාම ගැන කැබිනට් මණ්ඩලයේ බොහෝදෙනා සිටියේ වැඩි කැමැත්තකින් නොවේ.

මහජන උපයෝගිතා කොමිසම ස්වාධීන ආයතනයක් මංගල කීවේය.

ඒත් ඒක මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වෙන ආයතනයක් මෛත්‍රී සිහිපත් කළේය.

මේක මහ දූෂිත ආයතනයක් මංගල එහි කටයුතු විවේචනය කරන්න විය.

ඒක ඇත්ත. කොමිසමේ දූෂිත නිලධාරීන් ඉන්නවා. ඒ අය ඉවත් කරලා දාන්න ඕන ඇමැතිවරු කිහ.

කවුද ඒකේ දැන් ඉන්නේ රනිල් ඇසුවේය

 ඒකේ ඉන්න නිලධාරීන් හතරදෙනෙක් විශ්‍රාම ගියා. දැනට ඉතිරිවෙලා ඉන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විතරයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යසවස්ථාව අනුව මේ කොමිෂන් සභාව හැදුවේ නෑ. ප්‍රායෝගිකව අප වැඩ කරන්න ඕන. මම මේවා කියනකොට කවුරුවත් ඒවාට කන් දෙන්නේ නෑ. විදුලිබල මණ්ඩලයයි, මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි අතර තියන ගැටුම අවසන් කරගන්න. මේ නඩු අවසන් කරගනන්න. මේවායේ නඩු ඉවර වෙනකම් මම කැබිනට් මණ්ඩලයට එන්නේ නෑ. ඒ නිසා අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගන්න. ඒ කා‍ලේ මේ විදිහට වැඩ කළානම් ඒ අය උසස්ලා මරලා දානවා. දැන් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවානේ. නිදහස තියෙනවානේ. කවුරුත් කෑ ගහනවා මෛත්‍රී තදින් කීවේය.

විජිත් විජතමුනි සොයිසා හිටපු ඇමැතිවරයාට පාර්ලිමෙන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හමුවී තිබුණේය. ඔවුන් හමුවී තිබුණේ මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේදීය. සුසිල් ප්‍රේමජයන්ත, සාලින්ද දිසානායක, සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එහි විය.

මම ඔතැනට එන්නද විජිත් විජිතමුණු ඇසුවේය.

අ‍පොයි එන්න එන්න අනුර යාපා විජිතමුනි තමන් අසලින්ම වාඩි කරගත්තේය.

මොකක්ද ඇමැතිතුමා දැන් කරන්න හිතාගෙන ඉන්නේ විජිතමුනිගෙන් ඇසුවේ සනත් නිශාන්තය.

මොනවා කරන්නද මල්ලි. මම එක්සත්ත ජාතික පක්ෂයට යනවා විජිතමුනි කීවේය.

සර්ට පිස්සුද. එහෙම කරන්න එපා. අපේ ජනාධිපති අපේක්ෂකයා එක්ක සෘජු සම්බන්ධයක් හදාගෙන වැඩ කරන්නකෝ. එතකොට හරිනේසනත් යෝජනා කළේය.

නෑ. මල්ලි, ‍පොහොට්ටුව බස් එකේ සෙනඟ වැඩියි. කට කපලා සෙනඟ. ෆුට් බෝඩ් එකේ විතරක් නමෛයි වහල උඩත් සෙනඟ. අඩියක් තියන්නවත් ඉඩ නෑ විජිත් විජිතමුනි කීය.

මැද සීට් එකක් හම්බවුණොත් හරිනේ. මැද සීට් එකක් අරගෙන දෙන්නද සනත් ඇසුවේය.

වැඩක් නෑ මල්ලි. දැන් මැද හිටියත් කොහේ හිටියත් මාව ගහලා බිමට දානවා. එක්සත් ජාතික පක්ෂය ඇරනේන මට විකල්පයක් නෑ විජිත් විජිතමුනි කීවේය.

සර් කටානට එනවා කියලා ආරංචියි. එක්සත් ජාතික පක්ෂයෙන්. සර් වගේ කෙනෙක් ඉන්න එක හොදයි. අපිට කතා කරලා මොනවා හරි කරගන්න පුළුවන්නේ ඉන්දික අනුරුද්ධ පැවැසුවේය.

එහෙම නමෛයි. සර් එක්සත් ජාතික පක්ෂයට යන්න එපා. අපිත් එක්ක ඉන්නසනත් කීය.

මල්ලි, මට එක්සත් ජාතික පක්ෂයට ගියොත් දිනන්න පුළුවන් වේවි. මට උමගක් කපාගෙන හරි පාර්ලිමේන්තුවට එන්නයි ඕනවිජිතමුනි කීවේ සියලුදෙනාම සිනා ගන්වමිනි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පාඨලීගේ වැය ශීර්ෂය පරාජය කිරීමේ කතා මේ සතියේදීත් පාර්ලිමේන්තුවේ තැන තැන රැස්වී කතා කරමින් සිටියේය.

මම පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් රථගා‍ලේ වාහනයට වෙලා ඉන්නකොට ‍පොලීසියෙන් ඇවිත් ඇයි ඉන්නේ කියලා ඇහුවා. මම කාංචන එනකම් ඉන්නවා කියලා කිව්වාඩලස් තමන්ට වූ දේ කීවේය.

මම පේන්න හිටියොත් මොකක් හරි ගේමක් යනවා කියලා දැගන්න නිසා එළියට ගිහින් එන්න කියලා කට්ටිය කිව්වා. මමත් ඉතිං මුලින්ම ගිහින් කාර් පාක් එකේ හිටියා. පස්සේ ‍පොලීසියෙන් ඇවිත් වීදුරුවට තට්ටු කර මොකද කියලා අහනවා. පස්සේ ගිහින් ජයන්තිපුර කාර් පාර්ක් එකේ හිටියා. එතකොටත් කට්ටිය ඇවිත් බලලා යනවා. ඊට පස්සේ මම බත්තරමුල්ල පැත්තට ගිහින් පාර අයිනේ වාහනය නවත්තාගෙන හිටියා. එතැනටත් ‍පොලීසියෙන් ඇවිත් මොකද කියලා ඇහුවා. අන්තිමට බැරිම තැන මම මහජන පිවිසම පැත්තට ඇවිත් හැංගිලා හිටියා ප්‍රසන්න රණතුංග තමන්ගේ කතාව කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ සිටියේ හම්බන්තොටය. ඒ ‘යොවුන් පුරයට’ සම්බන්ධවෙමින්ය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සමග රනිල් සුහද කතාබහක යෙදෙමින් උත්සව කිහිපයකට ද සම්බන්ධ විය. ‘යොවුන්පුරයට’ පැමිණීමට පෙර රනිල් සජිත් සමග ගියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට මුල්ගල් තැබිමටය.

හම්බන්තොට සිට කොළඹ පැමිණි රනිල් කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණියේය. එහි ප්‍රධාන අමුත්තා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.

අපි කරන හැම වැඩකටම රාජපක්ෂ නඩය හොර උප්පැන්න දෙන්න එනවා. පස්ස දොරෙන් හොර ආණ්ඩු හදාගනිපු අය අද එහෙම කටයුතු කරන එක විහිළුවක්. මේ වගේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන අවශ්‍ය හැම තැනකම අපි ඉදිකරනවාචම්පික රණවක ඇමැතිවරයා කීවේ එම ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකළේ ඔහුගේ අමාත්‍යාංශයෙන් කියාය.

චම්පික රණවක පසුගිය සතියේදී අරලියගහ මන්දිරයේ මෙගා මයින්ඩ් වැඩසහටනක් පැවැත්වුනේ රනිල්ගේ සහභාගිත්වය ඇතිවය. පාර්ලිමේන්තුවේ රනිල්ගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගනිමින් තිබෙන අවස්ථාවේදී රනිල් ඡන්දයක් විමසීමට පෙර පාර්ලිමේන්තුවෙන් පිටත්ව චම්පිකගේ වැඩසටහනට පැමිණියේය. අතිශය සංවිධානාත්මක අයුරින් අරලියගහ මන්දිරයේ තුන්දහසකට වැඩි පිරිසකට අසුන්ගත හැකි ශාලාවේ සංවිධානය කර තිබූ වැඩසටහනට පැමිණි සියල්ලෝම ආරාධිතයෝ වූහ. විධිමත් ලෙස ආරාධනා පත්‍රයක් යවා තිබූ සියලු දෙනාම රජයේ ඉහළ නිලධාරී, ව්‍යාපාරික ප්‍රජාව සහ විවිධ වෘත්තිකයෝ වූහ.

පාඨලී චම්පික රණවක ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළ දශකයකට මදක් වැඩි කාල සීමාව තුළදී ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබද උගත් බුද්ධිමත් සමාජය තුළ සංවාදයක් ඇති කිරීම ඔහුගේ අරමුණ වී තිබුණේය. තමන් දැරූ අමාත්‍යාංශවල කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන ගිය ආකාරය පිළිබදව පමණක් නොව ඉදිරියේදී රට ගමන් කළ යුතු දිශාව පිළිබදවද ඔහු විවෘතව අදහස් දැක්වූවේය. පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් විමල් වීරවංශ සටන් පාඨයක් බවට පත් කරගෙන තිබන කොළඹ සහ ත්‍රිකුණාමලය අතර ආර්ථික කොරිඩෝව ගැනත් චම්පික අදහස් දැක්වූයේ වීරවංශගේ විවේචනවලට බියෙන් අනෙක් ඇමැතිවරු මේ ගැන අදහස් නොදක්වන විටය. චම්පික හදිසියේ මෙවැනි ප්‍රචාරාත්මක වැඩසටහනක් ඇරඹීම ගැන දේශපාලන ලෝකයේ තැනින් තැන අදහස් මතුවන්නේ ඔහු මීළඟ ජනාධිපතිවරණයට නම් කියවෙන අපේක්ෂකයින් අතරට පැමිණීමට ගන්නා උත්සාහයක් ලෙසය. චම්පික කොළඹ සංවර්ධනය ගැන කතා කර අවසානයේදී රනිල් අදහස් දැක්වූවේය.

හැමෝම ගමට කරනවා. හැබැයි මම නගරයට දේවල් කරන එක අපේ පාඨලී චම්පික රණවක ඇමැතිතුමාට පැවරුවාරනිල් කීවේ චම්පික ගෙනයන සියලුම වැඩසටන් තමන්ගේ අනුදැනුම ඇතිව ගෙනයන වැඩපිළිවෙලක් බව ඇඟවීමටය.

චම්පික 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට කියවෙන නම් අතරට පැමිණීමට උත්සාහ ගනිමින් සිටින බව ප්‍රචාර පැතිරෙද්දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට ඇති අවස්ථාවන් පිළිබද නැවත වරක් සොයමින් සිටින බව පෙනෙන්නට තිබේ. ජනපතිවරයාගේ මුල් අභිප්‍රාය වූයේ මහින්ද රාජපක්ෂ කඳවුර ආණ්ඩුවක් නිර්මාණය කර ‍පොදු සන්ධානයක් නිර්මාණය කරගැනීමටය. එහෙත් මතෛක් ඊට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබි නැත.

ඒ අතරේ නැවත වරක් රාජපක්ෂවරයෙක්ගේම නමක් ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට යෝජනා කළ අතර ඒ ගෝඨාභය රාජපක්ෂ විය. ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට රාජපක්ෂ පවුල තීරණය කළා පමණක් නොව ගෝඨාභයගේ ඇමෙරිකානු පුවරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාගැනීමේ කොන්ත්‍රාත්තුවද එක්සත් ජාතික පක්ෂයේ හිටප ප්‍රබලයෙක්ට භාරදුන්නේය. ඒ කොන්ත්‍රාක්කුව දැන් පැවරී ඇත්තේ මිලින්ද මොරගොඩගේ කර මතය.

ඇමෙරිකා එක්සත් ජනපදය සමග සමීප සම්බන්ධතා පවත්වන මිලින්ද මොරගොඩ ඇමෙරිකානු බලධාරීන් සමග මේ පිළිබදව වන මූලික සාකච්ඡා පවත්වා අවසන්ය.

ආණ්ඩු පෙරළීමේත් හැදීමේත් අභ්‍යන්තර දේශපාලන මෙහෙයුම් ක්‍රියාත්මක කළ මංගල සමරවීර යටතේ පැවැති ජනමාධ්‍ය අමාත්‍යාංශය ලැබිමෙන් පසුව රුවන් විජයවර්ධන පසුගිය සතියේ අරලියගහ මන්දිරයට පැමිණියේ ජනමාධ්‍ය කණ්ඩායමක් හා ආණ්ඩුවේ ඇමැතිවරු කිහිපදෙනෙක් සමගය.

ගිය සතියේ චම්පික රණවකගේයි, වජිර අබේවර්ධනගේයි වැය ශීර්ෂ පැරදවීම ගැන පත්තරවල ලොකුවට ගිහින් තිබුණා. වැය ශීර්ෂ දෙක පැරදවීමෙන් විපක්ෂයට ලැබුණේ මොනවාද කියලා දන්නේ නෑ. පක්ෂ නායක රැස්වීමේදී ඡන්දයක් ඉල්ලන්නේ නෑ කියලා ‍පොරොන්දු වෙලා එකපාරටම ඡන්දයක් ඉල්ලලා තියෙනවා. ඡන්දයක් ඉල්ලලා තිබුණා නම් උත්තර දෙන හැටි අපි පෙන්වනවා ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය වාර්තා ගැන අවධානය යොමු කළේය.

මම ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉඳල සියල්ල හොයලා බලලා අරලියගහ මන්දිරයේ සාකච්ඡාවකට ගියා. රෑ හත වෙනකමුත් අපේ මන්ත්‍රීවරු හුඟදෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියා. හතහමාරට විතර තමයි ‍පොහොට්ටුවේ අය මේ කැත වැඩේ කරලා තියෙන්නේ. ලක්ෂ්මන් ඔයා කොහේද ඒ වෙලාවේ ගියේ. ඔයා හිටියා නම් අනිවාර්යෙන්ම ගැටයක් ගහලා ආණ්ඩුව බේරනවා රනිල් කීවේය.

පිටරට අපේ නෑදෑයෝ කට්ටියක් ගෙදරට ඇවිල්ලා. එදා රෑම ඒ ගො‍ලේලෝ රටින් පිටවෙනවා. අපේ මැණිකෙ මට කතා කරලා කිව්වා විනාඩි පහකට එන්න කියලා. පාර්ලිමේන්තුවේ ඉඳලා අපේ ගෙදරට කිලෝමීටරයක්වත් දුර නැති නිසා මම දුවලා එන්න ගිය ටිකටයි මේක වෙලා තියෙන්නේ කිරිඇල්ල තමන්ගේ ගැලවීමට හේතු දැක්විය.

එදා පාර්ලිමේන්වෙන් පිටවුන බව සටහන් කරපු ‍පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගැරේජ් එක අස්සේ හැංගිලා ඉඳලා තමයි වැය ශීර්ෂ දෙක පරද්දන්න ආපහු ඇවිත් තියෙන්නේඑතන සිටි මන්ත්‍රීවරයෙක් කියා තිබුණේ පසුගිය සති අන්තයේ කතා මැද කතා තීරුව පෙන්වමිනි.

මීට පස්සේ පාර්ලිමේන්තුවෙන් පිටවූ නම් ලැයිස්තුව විතරක් චෙක් කරලා බෑ. පාර්ලිමේන්තුවෙන් පිට ගැරේජ්, ටොයිලට් හා අහුමුළු හොයන්න වෙනවා. මොකද මේ අය පාර්ලිමේන්තුවේ වාහනවල ඩිකියේ වුණත් හැංගිලා ඉන්න බැරි නෑහේෂා විතානගේ මන්ත්‍රීවරයා කී කතාවට රනිල්ටත් සිනා නොවී සිටිය නොහැකි විය.

තිලකජය 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.