lakbima.lk

මේ අහිංසක ආණ්ඩුව

ජනවාරි 8 ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පණ එපා කියා වැඩකළ මනුස්සයෙක් දැන් ආණ්ඩුව ගැන හොඳටම කළකිරී තමන්ටම ගිනි තියාගෙන මැරෙන්නට තීරණය කර ඇතැයි මට ආරංචියක් ලැබුණේය.

වහාම එහි ගිය මට දැකගත හැකි වූයේ ඔහු ප්‍රීතියෙන් සිනා සෙමින් සිටින බවය.

මාරයිනෙ මට ඉබේටම කියවුණේය. ගිනි තියාගෙන මැරෙන්න ඉඳැද්දිත් ඔහොම ජොලියෙ ඉන්නව කියන්නේ ඔහේ මාර දියුණු මනුස්සයෙක්නෙ

එවිට ඔහු මා දෙස අනුකම්පාවෙන් බැලුවේය.

මං ඒ තීරණේ වෙනස් කරා ගත් තීරණය වෙනස් කිරීම යහපාලනයට ගැලපෙන බවට මමද එකඟ වූයෙමි.

නෑ, නෑ, බොස් මම අන්තිමේදී ආණ්ඩුවෙ ‍පොසිටිව් පැත්ත දැක්කා ඔහු මට කියා සිටියේය. මේගොල්ලො අන්තිම අදක්ෂයි, පට්ට දූෂිතයි. කටේ නරිවාදන් විතරයි තමයි එහෙම වුණාට මේ ආණ්ඩුව හොඳටෝම අහිසංකයි. පව්.

ඒ මොකක්ද ඒ කතාව ඔහු මට කරුණු පහදා දෙන්නට පටන් ගත්තේය.

දැන් බලන්න සීමා නිර්ණය වාර්තාව සුදුසු නෑ කියල තේරුණු ගමන් ආණ්ඩුවම ඒකට විරුද්ධව ඡන්දෙ දීල පරද්දපු හැටි ඔහු කියා සිටියේය 1947 ඉඳල මේ රටේ තිබ්ච්ච කොයි ආණ්ඩුවද මේ වගේ යහපාලන ආදර්ශයක් දුන්නේ ?

ඒ කතාවෙන් මගේ රතු ඉර පැන්නේය.

රෙද්ද තමයි මම ඔහුට කීවෙමි. වාර්තාව සම්මත කරා නම් පළාත් සභා ඡන්දෙ තියන්න වෙනවනේ. ඒක මඟ හරින්නනෙ ලෝකෙ මොන පාර්ලිමේන්තුවක්වත් කරල නැති ඔය වගේ ගොන් පාට්ටෙකක් දැම්මේ මගේ කතාව අසා යහපාලන හිතවතාට හිනා ගියේය.

අන්න බලන්න, ඒකනේ මම කිව්වෙ. මේ දුප්පත් ආණ්ඩුව අන්තිම අහිංසකයි කියල. ඔහු මට කීවේය. ඕන ගොන්නාම්බෙකුට තේරෙනවනෙ මේක කරේ ඡන්දෙ කල්දාන්න කියල. වෙන මොකක් හරි යටි මගඩියක් කරල ඡන්දෙ කල්දාන්නැතුව එළිමහනෙ හෙළුවෙන් ඉන්නව වගේ වැඩක් කරේ ආණ්ඩුව අහිංසක නිසානේ හොඳටෝම කේන්ති ගිය මම යහපාලන හිතවතාට දිගට හරහට බැණ වැදුනෙමි.

ඕකනෙ වැඩේ කියන්නෙ. මේ අහිංසක ආණ්ඩුව මොන හොඳක් කරත් මිනිස්සු කරන්නේ ඒ ගොල්ලන්ට බනිනෙකනෙ ඔහු මට කියා සිටියේය. දැන් බොස්ට ඒවා මතක නැද්ද, 1988 දී පළාත් සභා ගේනවට රටේ තිබුණු විරුද්ධත්වෙ. ශ්‍රීලනිපේ ඡන්දෙ ඉල්ලුවෙ නෑ. ජෙප්‍පො කිව්ව ඡන්දෙ ඉල්ලුවත්, දුන්නත් මරනව කියල. ඉතින් දැන් අවුරුදු තිහකට පස්සෙ හරි ජනමතය පිළිඅරගෙන පළාත් සභා වැඩක් නෑ කියල තීරණය කරාමත් හොඳක් නෑනෙ.

මම යහපාලන හිතවතාගෙන් අවසාන ප්‍රශ්නය ඇසුවෙමි.

දැන් පළාත් සභා ඡන්ද නොතිය එකපාරටම ජනාධිපතිවරණයක් හරි මහ ඡන්දයක් හරි තියල ආණ්ඩුවට දිනන්න පුළුවන් කියලද කල්පනාව.

යහපාලන හිතවතා මෙහිදී අහිංසක හිනාවක් පෑවේය.

අනේ නෑ බොස්, ආණ්ඩුව ඉන්නේ එකපාරට ගෙදර යන්න වෙන ඡන්දෙම තියන්න ඔහු කියා සිටියේය. තේරුමක් නැති ඡන්ද තියල මහජන මුදල් නාස්ති කරන්න පව්නෙ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.