lakbima.lk

බස් වගේ කෝච්චිත් ප්‍රයිවෙට් කරමු

අගෝස්තු 12 වැනිදා,
කොළඹදී.

සැරද?
ප්‍රිය දුම්රිය මගිය,

යන්න එන්න කෝච්චියක් නැති වුණත්, මේ දවස්වල අපේ රටේ ජනප්‍රියම කෙනා ඔබයි. ඒ ජනප්‍රියත්වයේ රහස දුම්රිය වර්ජනය පටන් ගත් දවසෙ, ඒ වෙනුවෙන් පෙනී හිටපු දුම්රිය සේවකයන්ට ඔබ පහරදීමය කීම බොරුවක් ‍නෙවෙයිනෙ. ඒ වැඩෙන් රට්ටු කොච්චර චූන් වෙලාද ඉන්නෙ කියනව නම් ඊළඟට ගහන්න ඕන අයගෙ ලැයිස්තුවත් හදල ඉවරයි.
අවුරුද්දට දවස් 367 ක් තියෙන වර්ජනවලිනුයි, දවසට පැය 25 ක් තියෙන උද්ඝෝෂණවලිනුයි මිනිස්සු දැන් හෙම්බත් වෙලානෙ ඉන්නෙ. පැසව පැසව තිබිච්ච ඒ කේන්තිය තමයි එදා එළියට පැන්නෙ. සීසන්නෙකයි, බත් මුලයි අරන් වැඩට ගිහින් කෝච්චි නැතිවුණොත් බස්සෙකේ එන්න සල්ලි නැතිවෙච්ච කාලයක් තිබුණු නිසා ඔබේ ඒ කේන්තිය මටත් හොඳට දැනෙනවා. උදේ වැඩට ආපු මිනිස්සුන්ට හවස ගෙදර යන්න විදියක් නැති කිරීම කියන්නෙ ඒ මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට ගැනීමක්නෙ. ප්‍රාණ ඇපකාරයින්ගෙ බෙල්ලට කෝච්චි තියල අයිතිවාසිකම් ඉල්ලීම කැතයි තමයි.
ඒ වගේම මේකට රතිඤ්ඤා පත්තු කරල කිරිබත් කන කට්ටිය දැක්කම මට හිතෙනව හැමදාම අවුරුදු නෑ කියල. ඒ 1993 දී කොටුවෙ ඉස්ටේසම ඉස්සරහ පිකට් කරපු කට්ටියකට ආණ්ඩුව මැරයො දාල ගහපු හැටි මතක නිසා. ඒ කාලෙ හිටියෙ ලංකාවෙ හිටපු අහිංසකම ජනාධිපති. ඒ අහිංසක විජේතුංග ඒ වෙලාවෙ පිකට්කරුවන්ට පහර දුන්නෙ ප්‍රකෝපවෙච්ච දුම්රිය මගීන් කියල කිව්ව මතක උදවියත් ඇති නේද තාම? දැන් මේ ආණ්ඩුවත් අමුඩෙ තද කරගෙන ලෑස්ති වෙනව ඇති ඊළඟ වර්ජකයන්ට ප්‍රකෝප වෙච්ච අහවලුන් පහර දුන්න කියන්න. වර්ජකයන්ට,  උද්ඝෝෂකයන් ගහන එකමනෙ හොඳ අපිටත් දවසක බැටේ වදින තුරු ඒකෙන් ආතල් ගමුනේ.
කෝච්චි ස්ට්‍රයික් කරපු ගමන් හැමෝටම වගේ හිතුණනෙ මේ මඟුල පෞද්ගලීකරණය කරල දාන්න ඕන කියල. එතකොට මේ ප්‍රශ්න නෑනෙ. ඇත්ත. දැන් බලන්න 77 ආණ්ඩුව ලංගමේට කෙළවලා ප්‍රයිවෙට් බස් ගෙනාව. ලංගම තිත්ත වෙලා තිබුණු නිසා අපිත් හුරේ දාල ප්‍රයිවෙට් බස් පිළිගත්ත. දැන් බලන්න ප්‍රයිවෙට් බස් ස්ට්‍රයික් කරනවද කවදාවත්. අනික කොහොමද දෙන සර්විස්සෙක. කියල වැඩක් නෑනේ. ඒක නිසා කොහොම හරි කියල කෝච්චිත් ප්‍රයිවෙට් කරගමු හොඳේ. එතකොට බස් මගීන් විඳින සැප අපිටත් විඳිතෑකිනෙ.
මගේ බිරිඳ කියනව එයාට නම් දුකම දුම්රිය මගීන් ගැන නෙවිලු. 2015 දී යූඑන්පී ආණ්ඩුවක් ආවම කාර්වලින් යන්න හිතාගෙන ඡන්දෙ දීපු කට්ටිය ගැනලු. පව් මෙයා අවුරුදු තුන හමාරක් යනකොට යන්න කෝච්චිත් නැතිලු. හැබැයි මට නම් දුකම අපේ ආණ්ඩුව ගැනයි. දුම්රිය සේවකයන්ගෙ පඩි වැඩි කරන්න කියල නිමල් සිරිපාල නිදිමතේම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරාම මංගලනෙ කියල තියෙන්නෙ කොහේ තියෙන සල්ලිද කියල. බලන්න ප්‍රවාහන ඇමැති දෙන්න කැමතියි, මුදල් ඇමැති දෙන්න අකමැතියි. මෙතනදී අහිංසක මෛත්‍රීයි, රනිලුයි මොනව කරන්නද? ඉතින් අපේ ආණ්ඩුව ගැන දුක හිතෙන්නෙ නැද්ද?
ඔබ දුම්රිය සේවකයින්ට ගැහීමෙන් උෂාර් වෙච්ච අපේ මිනිස්සු දැන් බලාගෙන ඉන්නෙ රට්ටු එකතු වෙලා දේශපාලනඥයින්ට ගහන තුරු. අම්මපා මිනිස්සු උන්ට නම් ගහනව ගහනවමයි. බලන්න, ඊළඟ ඡන්දෙදි ‍පෝලිමේ ගිහින් ගහන හැටි. (කතිරෙ)
මම,
මානි,
ප:ලි:- උසස් පෙළ විභාගෙ තියෙද්දි ස්ට්‍රයික් කිරීම වැරදියි කියලයි හැමෝම කියන්නෙ. සමාවෙන්න, එතනදි නම් මම වර්ජකයින්ගෙ පැත්තෙ. වර්ජනේ නිසා සෑහෙන පිරිසකට විභාගෙට යන්න බැරිවෙලා, විශ්වවිද්‍යාලෙ යන්නත් බැරිවෙනව කියන්නෙ රටට කොච්චර සහනයක්ද? විශ්වවිද්‍යාලෙ ගිහින් අරක ඉල්ලල, මේක ඉල්ලල උද්ඝෝෂණ කරන්න පාරට බැස්සම අපිටමනෙ කරදර. ආණ්ඩුවේ මහත්වරුනි, ඔන්න රටේ ප්‍රශ්නවලට විසැඳුම්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.