lakbima.lk



අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි ග්‍රෑම් 250ක පැටිස් ඩෝ එකක්
කැරට් අලයක්” කුඩා ලීක්ස් ගසක්
තම්බාගත් ග්‍රීන්පීස් අඬු කෝප්ප 1/2
තෙල් මේස හැඳි 2
කෑලි මිරිස් රසට අනුව හෝ
ගම්මිරිස් රසට අනුව
ලුණු රසට අනුව
පාන්පිටි අවශ්‍ය තරමට
බිස්කට් කුඩු අවශ්‍ය තරමට
බැද ගැනීමට තෙල්

සාදන ආකාරය
කැරට්, ලීක්ස් ඉතාම සිහින්ව කපා ගන්න. තෙල් ටික ළිප තබා රත්වන විට කපාගත් එළවළු, කෑලි මිරිස්, ලුණු දමා හොඳින් මලවා ගන්න. දැන් පැටිස් ඩෝ එක පිටි ඉස ගත් පැතැලි පෘෂ්ඨයක් මත හතරැස් හැඩයට තුනී කරගන්න. දැන් ඒ මත සාදාගත් එළවළු මිශ්‍රණය දමා හැන්දකින් එහාට මෙහාට කරමින් ඒවා පිටිවලට කා වැදීමට සලස්වන්න. මෙය පැදුරක් අකුලන ආකාරයට තද කරමින් රෝල් කරගන්න. නොගැළවෙන ලෙස ඇඟිලි තුඩු වලින් දෙපැත්ත තද කරගන්න. දැන් මෙය සෙන්ටි මීටරයක් පමණ ඝනකම ඇති පෙතිවලට කපා ගන්න. පිටි, වතුර දමා දියකර උකු බැටරයක් සාදා ගෙන එහි ගිල්වා පාන්කුඩු මත පෙරලා, රත්වූ තෙලට දමා බැඳගන්න.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.