lakbima.lk


Chick Roty
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි ග්‍රෑම් 150
සිහින්ව ගා ගත්  ‍පොල් අඬු කෝප්ප 1/2
ලුණු, ලොකු ලූනු ගෙඩියකින් 1/2
අර්තාපල් අල 2ක්, කරපිංචා ඉත්තක්
අඹරාගත් කුකුල් මස් ග්‍රෑම් 50

සාදන ආකාරය
කරපිංචා සිහින්ව කපා ගන්න. ලූනු ද සිහින්ව  කපා ගන්න. අල බාගෙට තම්බා ‍පොතු හැර කුඩා කොටුවලට කපා ගන්න. දැන් ‍පොල් ස්වල්පයක් ළිප තබා රත් වූ විට එයට කරපිංචා, අල, ලූනු අඹරාගත් කුකුල් මස් දමා තෙම්පරාදු කරගන්න. දැන් මේ තෙම්පරාදු කරගත් මිශ්‍රණය පිටි සහ ‍පොල් සමග දමා ලුණු, අවශ්‍ය තරමට වතුර දමා රොටී පදමට අනාගන්න. ඉන්පසු කුඩා ප්‍රමාණයේ රොටී සාදා තැටියක හෝ අවන් එකක දෙපැත්ත දමා පුළුස්සා ගන්න.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.