lakbima.lk

අවශ්‍ය ද්‍රව්‍ය
 
සව් හාල් ග්‍රෑම් 100
ඕළු හාල් ග්‍රෑම් 100 
උකු ‍පොල් කිරි අඬු කෝප්ප 1
දියකිරි අඬු කෝප්ප 1
එළඟිතෙල් මේස හැඳි 2
සිහින්ව ලියාගත් රතුලූනු ගෙඩි 5-6ක් පමණ
අමුමිරිස් කරල් 2යි
අඹරාගත් ඉඟුරු තේ හැඳි 1
අඹරාගත් සුදුලූනු තේ හැඳි 1
සිහින්ව කපාගත් කරපිංචා කිනිත්තක් 
රම්පේ කැබැල්ලක්
ලුණු ස්වල්පයක් 
 
සාදන ආකාරය 
ඕළු හාල් ටික සෝදා ගරා පැය 5ක් පමණ පෙඟෙන්නට තබන්න. දැන් එය සුදුසු බඳුනකට දමා වතුර එකතු කර ළිප තබන්න. ඕළු හාල් ඇට තැම්බිගෙන එන විට එයට සෝදාගත් සව් හාල් එකතු කරන්න. සව් ඇට තැම්බිගෙන එන විට දියකිරි එකතු කරන්න. දියකිරි උතුරන විට උකු ‍පොල්කිරි සහ ලුණු දමන්න. දැන් කිරි නටන විට හොඳින් හැඳිගාමින් ළිපෙන් බා ගන්න. දැන් වෙනත් භාජනයක් ළිප තබා ගිතෙල් දමා රත් කරන්න එයට කපාගත් ලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු වන්නට හරින්න. තෙම්පරාදු වී ගෙන එන විට, පිසගත් කැඳ දමා කලවම් කර ගන්න. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.