lakbima.lk

අවශ්‍ය ද්‍රව්‍ය

එළු මස් කටු සහිත කොටස් කිලෝග්‍රෑම් 1

පරිප්පු ග්‍රෑම් 25

බාර්ලි ග්‍රෑම් 25

බෝංචි කරල් 5යි

තරමක අර්තාපල් අලයක්

තරමක කැරට් අලයක්

ලුණු රසට අනුව

ගම්මිරිස් රසට අනුව

රෝස්ට් පාන් ගෙඩියක් හෝ

පාන්පෙති 2ක්

සාදන ආකාරය

එළු මස් කටු කැබැලි හොඳින් සෝදා බඳුනකට දමන්න. පරිප්පු, බාර්ලි ගරා දමන්න. බෝංචි, අර්තාපල්, කැරට් කුඩාවට කපා දමන්න. දැන් එයට ලුණු, ගම්මිරිස් සහ ප්‍රමාණවත් තරම් වතුර දමා හොඳින් වසා පැයක් හමාරක් ඉතාම හොඳින් තැම්බෙන්නට හරින්න. අල, කැරට් කැබැලි දියවී යනතුරු තැම්බිය යුතුය. දැන් බිමට බා රෝස්ට් පාන් ගෙඩිය හෝ පාන් පෙත්තෙහි කුඩා කොටු වලට කපා දමන්න. මෙය තුන් හතර දෙනෙකුට පමණ සෑහෙන රාත්‍රී ආහාරයකි.  

Page 1 of 34

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.