lakbima.lk

නිවිති මිශ්‍ර වට්ටක්කා කරිය

අවශ්‍ය ද්‍රව්‍ය :-

වට්ටක්කා ග්‍රෑම් 500

නිවිති දළු ග්‍රෑම් 200

සූදුරු කුඩු තේ හැඳි 1/2

කහ කුඩු තේ හැඳි 1/2

මිරිස් කුඩු තේ හැඳි 1/2

සිහින්ව ගා ගත් ‍පොල් අඬු කෝප්ප 2ක්

සුදු ලූනු බික් 3ක්

කරපිංචා කිනිත්තක්

ලොකු ලූනු ගෙඩියක්

තෙල් මේස හැඳි 2ක්

රම්පේ කැබැල්ලක්

අබ ඇට තේ හැඳි 1/2

ලුණු රසට අනුව

සාදන ආකාරය :-

වට්ටක්කාවල ඇට ඉවත් කර සෝදා තරමක කැබැලි වලට කපා ගන්න. නිවිති ද සෝදා අතින් තරමක කැබැලි වලට කඩා ගන්න. දැන් තෙල් ටික් රත්වන්නට තබන්න. එයට රම්පේ, කැබැල්ල සහ අබ ඇට ටික දමන්න. බැදීගෙන එන විට වට්ටක්කා දමා වතුර ද එකතු කර ලුණුද දමා තැම්බෙන්නට හරින්න. එය තැම්බෙන තුරු ‍පොල්, සමග ඉතිරි කලමනා සියල්ල දමා වතුර ඉතා ස්වල්පයක් එකතු කොට, හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් මේ ‍පොල් ද්‍රාවණය, වට්ටක්කා වලට එකතු කර මද ගින්දරේ නටවා ගන්න.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.