lakbima.lk

ෆේ‍රන්ච් බ්‍රෙඩ් සැන්ඩ්විච්

ෆේ‍රන්ච් බ්‍රෙඩ් එකක් චිකන් බ්‍රෙස්ට් එකකින් 1/2ක් පමණමයෝනීස් මේස හැඳි 2බටර් මේස හැඳි 1මස්ටඩ් ක්‍රීම් මේස හැඳි 1/2ලුණු ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් සලාද කොළ කීපයක් තක්කාලි පෙති කීපයක්

සාදන ආකාරය කුකුල් මස් ටික හොඳින් තම්බා ගන්න. දැන් එයට බටර්, මයෝනීස්, මස්ටඩ් ක්‍රීම්, ලුණු, ගම්මිරිස් දමා ක්‍රීම් එකක් ලෙස අඹරා ගන්න. දැන් ෆේ‍රන්ඩ් බ්‍රෙඩ් එක දිගටි, හරස් අතට 1/4 අඟල් පමණ ඝනකම් පෙති වලට කපා ගන්න. දැන් එයින් පෙත්තක් ගෙන එයට කුකුල් මස් මිශ්‍රණය ගා ගන්න. ඒ මත තවත් පෙත්තක් තබන්න. දැන් ඒ පාන් පෙත්ත මත කුඩා සලාද කොළ කැබැල්ලක් සහ තක්කාලි පෙත්තක් තබන්න. තවත් පෙත්තකින් වසා ටූත්පික් එකක් ගසා පිළිගන්වන්න.

 උපදෙස් ප්‍රවීණ සූපවේදී විමල් නාගොඩවිතාන

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.