lakbima.lk

හාල්මැස්සන් මිශ්‍ර තිබ්බටු මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය
 
තිබ්බටු ග්‍රෑම් 250
හාල්මැස්සන් ග්‍රෑම් 75
රතුලූනු ගෙඩි 2-3ක්
අමුමිරිස් කරල් 2 ක්
කරපිංචා කිනිත්තක්
සුදුලූනු බික් 2ක් 
කහකුඩු තේ හැඳි 1/4
අබ ඇට තේ හැඳි 1/2
සිහින්ව ගා ගත් ‍පොල් අඬු කෝප්පයක් 
මිටිකිරි අඬු කෝප්ප 1/4
ලුණු රසට අනුව 
තෙල් මේස හැඳි 3-4
 
සාදන ආකාරය 
 
තිබ්බටු වල නැටි ගලවා සෝදා වතුර ඉතා ස්වල්පයක් සහ ලුණු දමා ළිප තබන්න. දිය සිදී එය හොඳින් තැම්බුනු පසු හැන්දක් ගෙන එය හොඳින් ‍පොඩිකර ගන්න. දැන් හාල්මැස්සන් හොඳින් පිලී ඉවත්ව යන ලෙස සෝදා දිය බේරා ගන්න. ‍පොල් වලට, අබ, කහ, සුදුලූනු, කරපිංචා, ලූනු, අමුමිරිස් එකතුකර හොඳින් අඹරා ගන්න. දැන් බඳුනක් ගෙන එය තෙල් දමා ළිප තබන්න. රත්වන විට හාල්මැස්සන් දමා බැදෙන්නට හරින්න. බැඳීගෙන එනවිට අඹරාගත් ‍පොල් මිශ්‍රණය සහ ‍පොඩිකරගත් තිබ්බටු දමා හොඳින් මිශ්‍ර කරන්න. මිටිකිරි ටික දමා යන්තමට මලවා ගන්න. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.