lakbima.lk

රසගුණ සපිරි නිර්මාංශ එළවළු බත

අවශ්‍ය ද්‍රව්‍ය
 
කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1
බණ්ඩක්කා ග්‍රෑම් 100 
තිත්බඩු ග්‍රෑම් 100
වට්ටක්කා ග්‍රෑම් 100
දඹල ග්‍රෑම් 50
අඹරාගත් සුදුලූනු, ඉඟුරු ග්‍රෑම් 10
සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 25
එළඟිතෙල් මේස හැඳි 3
කරපිංචා කිනිත්තක්
කහකුඩු තේ හැඳි 1/2
මිටිකිරි අඬු කෝප්ප 1/4
අවශ්‍ය තරමට තෙල්
ලුණු රසට අනුව 
 
සාදන ආකාරය 
සහල් ගරා සෝදා එයට ලුණු සහ කහ දමා බත බෙරි නොවන සේ පිසගන්න. බණ්ඩක්කා, දඹල ඉතාම සිහින්ව කපා ගන්න. වට්ටක්කා කැබැල්ල ස්ටීමරයේ දමා තම්බා ග්‍රේට් කරගන්න. තිත්බටු, බණ්ඩක්කා, දඹල, කරපිංචා, රතුලූනු වෙන වෙනම රත්වූ තෙලට දමා බැදගන්න. 
දැන් තරමක ලොකු සාස්පානක් ගෙන එයට එළඟිතෙල් දමා රත්කරන්න. රත්වන විට එයට අඹරාගත් සුදුලූනු, ඉඟුරු දමා බැදෙන්නට හරින්න. දැන් ග්‍රේට් කරගත් වට්ටක්කා එකතු කරන්න. දැන් ලුණු මිටිකිරි දමා පිසගත් බත් සහ බැඳගත් එළවළු දමා කලවම් කරගන්න. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.