lakbima.lk

චිකන් පැස්ටා


අවශ්‍ය ද්‍රව්‍ය

පැස්ටා ග්‍රෑම් 200
කුකුල් මස් ග්‍රෑම් 200
ඔලිව් තෙල් මේස හැඳි 3
චොප් කරගත් පාස්ලි මේස හැඳි 1
ලොකු ලූනු ගෙඩියක් 1/2 පමණ
කුඩා කොළ පාට බෙල් පෙපර් කැබැල්ලක්
කුඩා රතු පාට බෙල්පෙපර් කැබැල්ලක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
අබ ක්‍රීම් මේස හැඳි 1
විනාකිරි තේ හැඳි 1

සාදන ආකාරය
කුකුල් මස් කටු ඉවත් කර තම්බා කොටු කපා ගන්න. වතුර උණුකර නටවා තෙල් බිංදු 2-3ක් එකතු කර පැස්ටා දමා හොඳින් මෘදු වනතුරු තම්බා ගන්න. දිය බේරෙන්නට තබන්න. ලූනු, බෙල්පෙපර් ඉතාම සිහින්ව කපා ගන්න. දැන් බඳුනක් ගෙන එයට කපාගත් ලූනු, බෙල්පෙපර්, පාස්ලි, ලුණු, මස් කැබැලි, ගම්මිරිස්, අබ ක්‍රීම්, විනාකිරි දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් තම්බාගත් පැස්ටා දමා කලවම් කර ශීතකර හෝ සාමාන්‍ය ලෙස ආහාරයට ගන්න. මේ ප්‍රමාණය තුන් දෙනෙකුට පමණ සෑහේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.