lakbima.lk

අල බොන්ඩා



අවශ්‍ය ද්‍රව්‍ය
බැටරය සඳහා
කඩල පිටි හුණ්ඩු 2 යි
පාන්පිටි හුණ්ඩු 2යි
මිරිස් කුඩු තේ හැඳි 1 1/2
ලුණු රසට අනුව
කහ කුඩු තේ හැඳි 1/2
මිශ්‍ර කිරීම සඳහා ‍පොල්කිරි
අවශ්‍ය තරමට

මැද පිරවුම සඳහා
තම්බාගත් අල ග්‍රෑම් 500
ලොකුලූනු ග්‍රෑම් 200
ලීක්ස් ග්‍රෑම් 100
මිරිස් කුඩු මේස හැඳි 3
අමුමිරිස් කරල් 5යි
අබ ඇට තේ හැඳි 1/2
කරපිංචා කිනිත්තක්
රසට අනුව ලූනු
දෙහි යුෂ ස්වල්පයක්

සාදන ආකාරය
කඩල පිටි සහ පාන්පිටි හොඳින් මිශ්‍ර කර හලා ගන්න. දැන් එය බඳුනකට දමා එයට කහ කුඩු, ලුණු, මිරිස් කුඩු සහ ‍පොල්කිරි දමා ඉතාම උකු බැටරයක් සාදා ගන්න.
තම්බාගත් අල කුඩා කොටු ලෙස කපා ගන්න. ලොකුලූනු, ලීක්ස්, අමුමිරිස් ද සිහින්ව කපා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට කපාගත් ලූනු, කරපිංචා, අමුමිරිස්, සියල්ල දමා හොඳින් තෙම්පරාදු කරගන්න. අබ ඇටද එකතු කරන්න. ලුණු, මිරිස් කුඩු සහ අලද දමා හොඳින් කලවම් කර ගන්න. දැන් තරමක ගුලි සාදා බැටරයේ ගිල්වා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.