lakbima.lk

රසම රස ටොමැටෝ රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය
 
බාස්මතී සහල් ග්‍රෑම් 500
ඔලිව් තෙල් මේස හැඳි 4
ඔලිව් ගෙඩි 3-4ක්
බට්න් මෂ්රූම් 5ක්
සැල්දිරි නටු 2ක්
ලොකු තක්කාලි ගෙඩි 2ක්
තක්කාලි පේස්ට් මේස හැඳි 1 1/2
ස්ටොක් වතුර 
අවශ්‍ය නම් එළවළු
රසකාරක ස්වල්පයක්, ලුණු රසට අනුව 
මාලු මිරිස් කරල් 2ක් 
 
සාදන ආකාරය 
 
බත බෙරි නොවන සේ පිස පසෙකින් තබන්න. තක්කාලි තීරු කපන්න. මාලු මිරිස් ඇට ඉවත් කර තීරු කපන්න. බට්න් මෂ්රූම් ඔලිව් ගෙඩිද ලොකුවට කපා ගන්න. සැල්දිරි නටු සිහින්ව කපා ගන්න. දැල් ඔලිව් තෙල් ටික ළිප තබා රත්වන විට සැල්දිරි නටු, මෂ්රූම්, මාලුමිරිස් දමන්න. තක්කාලි පේස්ට් ද දමන්න. ලුණුද එකතු කරන්න. ස්ටොක් වතුර ස්වල්පයක්ද දමා සාරුවක් සේ සාදා ගන්න. දැන් බත දමා හොඳට කලවම් කර ගන්න. හතර දෙනෙකුට ප්‍රමාණවත්ය. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.