lakbima.lk

බැදගත් ඉස්සන්


අවශ්‍ය ද්‍රව්‍ය:-

ඉතා ලොකු ඉස්සන් 15යි
බිත්තර 2යි
වේලාගත් පාන් පෙති 2ක්
දෙහි යුෂ රසට අනුව
ලුණු රසට අනුව
ගම්මිරිස් කුඩු රසට අනුව
බැද ගැනීමට තෙල්

සාදන ආකාරය:-

වලිගය ඉතිරි කර ඉස්සන්ගේ ‍පොතු, ඔළුව ඉවත් කර සෝදා ගන්න. දැන් ඉහළ දාරය දිගේ වෙන් නොවන සේ ගැඹුරට පලා සුද්ද කර නැවත සෝදා ගන්න. එයට ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ සහ බිත්තරය දමා හොඳින් අතගා සීසන් වන්නට තබන්න. දැන් වියළාගත් පාන් පෙතිවල වාටි කපා දමා සුදු පාට කොටස ගෙන ග්‍රේටරයකින් සිහින්ව ගා ගන්න. ඉස්සන් එකා බැගින් ගෙන පාන් කැබැලි මත පෙරලා රත්වූ තෙලට දමා රන්වන් පාටට බැද ගන්න.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.