lakbima.lk



අවශ්‍ය ද්‍රව්‍ය
වට්ටක්කා ග්‍රෑම් 250
කැරට් ග්‍රෑම් 250
ඉඟුරු ග්‍රෑම් 10
කිරි අඬු කෝප්පයක්
වතුර අවශ්‍ය තරමට
බටර් තේ හැඳි 2
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව

සාදන ආකාරය
‍පොතු ඉවත් කර සෝදාගත් වට්ටක්කා සහ කැරට් කුඩාවට කපා ගන්න. දැන් එයට ලුණු සහ වතුර දමා හොඳින් තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බුනු පසු එය බ්ලෙන්ඩර් කර ගන්න.
දැන් බටර් ටික ළිප තබා රත්වන විට බ්ලෙන්ඩර් කරගත් කැරට්, වට්ටක්කා මිශ්‍රණය දමන්න. කිරි එකතු කරන්න. ලුණු, ගම්මිරිස් දමන්න. දැන් උණුවෙන් සුප් බෝල් වලට දමා කුඩාවට කපාගත් ඉඟුරු උඩින් දමා පිළිගන්වන්න.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.