lakbima.lk

අවශ්‍ය ද්‍රව්‍ය
කිලෝ ග්‍රෑම් එකක් පමණ බර කුකුළෙක්
ලුණු රසට අනුව
ගම්මිරිස් - මේස හැඳි 2
ගොරකා ඉති - 2ක් 
කහ කුඩු - තේ හැඳ 1/2
සහල් පිටි - ග්‍රෑම් 100
මිරිස් කුඩු  - තේ හැඳි 2
බිත්තරයක්
තෙල් අවශ්‍ය තරමට
 
සාදන ආකාරය
කුකුළා සම්පූර්ණයෙන්ම ගෙන ඇතුළත සුද්ද කර එයට ලුණු, ගම්මිරිස් සහ කහ අතගා එයට වතුර සහ ගොරකා ඉති එකතු කර පැය 1/2 පමණ හොඳට තැම්බෙන්නට හරින්න. එය නිවෙන්නට තබන්න. හොඳින් නිවුණු පසු කුකුළාගේ ඇඟ පුරාම බිත්තර සාරු තවරන්න. දැන් සහල් පිටිවලට, ලුණු ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් බිත්තර සාරු තවරාගත් කුකුළාගේ ඇඟ මත මේ මිශ්‍රණය හොඳහැටි තවරා ගන්න. දැන් ලොකු තාච්චියකට තෙල් යහමින් දමා කුකුළා එහි  බස්වා රන්වන් පාට වනතුරු දෙපැත්ත හරවමින් බැඳ ගන්න. ලූනුපෙති, තක්කාලි පෙති සහ මින්චි කොළ ඉතිවලින් සරසා මේසයට යවන්න.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.