lakbima.lk

අවශ්‍ය ද්‍රව්‍ය

උඳු පිටි අඬු කෝප්ප 2

පාන්පිටි අඬු කෝප්ප 1

බිත්තරයක්

කැරට්, ගෝවා, රතුලූනු අඬු කෝප්ප 1

අමුමිරිස්

බටර් ටිකක්

ලුණු රසට අනුව

සාදන ආකාරය

කැරට්, ගෝවා, රතුලූනු, අමුමිරිස් ඉතාම සිහින්ව ලියා ගන්න. දැන් පාන්පිටි, උඳුපිටි බඳුනකට දමා හොඳින් කලවම් කරගන්න. දැන් එයට බිත්තරය, ලුණු දමා නැවත කලවම් කරගන්න. වතුර එකතු කරමින් උකු තෝසේ පදම ලබාගන්න. දැන් රත්වූ තැටියක බටර් ආ‍ලේප කරමින් දෙපැත්ත දමා පුළුස්සා ගන්න. මේ ආකාරයටම තෝසේ පිටි මිශ්‍රණය තරමක් දියාරුව සාදාගෙන ඉන් තෝසේ සාදා ලියාගත් එළවළු වර්ග යන්තම් බටර් ටිකක තෙම්පරාදු කරගෙන මැදට දමා තෝසේ රෝල් කර වුවද පිළිගැන්විය හැක.  

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.