lakbima.lk

මිශ්‍ර එළවළු සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
කැරට් අල දෙකක්
බෝංචි කරල් 5ක් පමණ
ළපටි ගෝවා කැබැල්ලක්
රතුලූනු ගෙඩි කීපයක්
සලාද කොළ කීපයක්
දෙහි යුෂ ස්වල්පයක්
ලුණු රසට අනුව
තක්කාලි පේස්ට් අඬු කෝප්ප 1/2
ගම්මිරිස් කුඩු ස්වල්පයක්

සාදන ආකාරය
කැරට්, බෝංචි, ගෝවා උණු වතුරට දමා දිය බේරා ගන්න. දැන් ඒවා කොටු ලෙස කපා ගන්න. දැන් රතුලූනු ද සුද්ද කර සෝදා දෙකට පලා ගන්න. සලාද කොළ අතින් කුඩාවට කඩා ගන්න. දැන් බඳුනක් ගෙන එයට තක්කාලි පේස්ට්, ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ඉතිරි ද්‍රව්‍ය ද දමා හොඳින් මිශ්‍රකර කෑමට ගන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.