lakbima.lk

සාම්බාර් හොද්ද



අවශ්‍ය ද්‍රව්‍ය
මුරුංගා කරල් 1ක්
වම්බටු කරල් 2ක්
වට්ටක්කා කැබැල්ලක්
කැරට් අලයක්
බෝංචි කරල් 2-3ක්
අල ගෙඩියක්
තක්කාලි ගෙඩි 2-3ක්
අමුමිරිස් කරල් 3ක්
රතුලූනු ගෙඩි කීපයක්
කුඩා ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික් 2-3ක්
අබ ඇට තේ හැඳි 1
මාදුරු තේ හැඳි 1/2
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
පරිප්පු අඬු කෝප්ප 1/2
ලුණු රසට අනුව
කරපිංචා කිනිත්තක්
සියඹලා බොර මේස හැඳි 2
තෙල් ටිකක්

සාදන ආකාරය
පරිප්පු ගරා සෝදාගන්න. දැන් ඉතිරි සියලුම එළවළු වර්ග සෝදා කුඩා කැබැලිවලට කපා ලුණු, සියඹලා ඇතුළු පහේ එකතු කර වතුර හොඳින් දමා තැම්බෙන්න හරින්න. ඉතා හෙඳින් තැම්බුණු පසු රතුලූනු, අබ ඇට, කරපිංචා තෙල් ටිකක් දමා තෙම්පරාදු කර සාදාගත් කරියට එකතු කරගන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.