lakbima.lk

සැමන් මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

සැමන් ටින් 1යි (ග්‍රෑම් 400)

සිහින්ව ගා ගත්

‍පොල් බෑයක් පමණ

අබ ඇට තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

රතුලූනු ගෙඩි 5-6ක්

අමුමිරිස් කරල් 3ක්

සුදුලූනු බික් 4ක්

කරපිංචා කිනිත්තක්

දෙහි යුෂ රසට අනුව

තෙල් බිංදු කීපයක්

සාදන ආකාරය

සැමන් ටින් එක කඩා දියර ගතිය ඉවත් කර මිරිකා ගන්න. ‍පොල්වලට කහ, ලුණු, ගම්මිරිස්, රතුලූනු, අමුමිරිස්, කරපිංචා, සුදුලූනු, ඉඟුරු දමා හොඳින් අඹරා ගන්න. තෙල් ටිකක් ළිප තබා රත්වන විට අබ ඇට ටික දමන්න. පුපුරාගෙන එන විට සැමන් දමන්න. දැන් අඹරාගත් ‍පොල් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍රකර නිවෙන්නට හැර දෙහි යුෂ දමා රස බලන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.