lakbima.lk

නෙළුම් අල ඩෙවල් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය
 
නෙළුම් අල ග්‍රෑම් 500
සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 200
තක්කාලි ග්‍රෑම් 20
මාලු මිරිස් ග්‍රෑම් 100
කහ කුඩු තේ හැඳි 1/2
කුඩා ඉඟුරු කැබැල්ලක් 
සීනි තේ හැඳි 2
සුදුලූනු බික් 2-3
කෑලි මිරිස් මේස හැඳි 2
ලුනු ගස් 2-3ක් 
රසට අනුව ලුණු
තෙල් අවශ්‍ය තරමට 
 
සාදන ආකාරය 
 
නෙළුම් අලවල මඩ වැලි ඉවත් වන සේ හොඳින් සෝදා සිහින්ව පෙති කපාගන්න. ඒවා ගැඹුරු තෙ‍ලේ දමා රන්වන් පාටට බැද ගන්න.  දැන් ලූනු සිහින් රවුම් ලෙස කපා ගන්න. තක්කාලි තීරු කපා ගන්න. මාලුමිරිස් හරස් අතට කපා ගන්න. ඉඟුරු, සුදුලූනු තලා ගන්න.  දැන් බැදගත් තෙල්වලින් ස්වල්පයක් බඳුනකට දමා රත් කරන්න. ඊට තලාගත් ඉඟුරු, සුදුලූනු දමන්න. තෙම්පරාදු වන විට කෑලි මිරිස්, ලුණු එකතු කරන්න. කහ කුඩු දමන්න. තක්කාලි, සීනි එකතු කරන්න. දැන් නෙළුම් අල දමා දිගට කපාගත් ලූනු ගස් කීපයද දමා කලවම් කරගන්න. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.