lakbima.lk

බේක් කරගත් ටර්කි

අවශ්‍ය ද්‍රව්‍ය

කිලෝ 1 1/2ක පමණ ටර්කි බ්‍රෙස්ට් එකක්

ලුණු රසට අනුව

ගම්මිරිස් රසට අනුව

රතු වයින් මේස හැඳි 2

අර්තාපල් කිලෝග්‍රෑම් 1

බටර් ටිකක්

සාදන ආකාරය

අල ‍පොතු හැර සෝදා තරමක ඝනකමට පෙති කපා ගන්න. ටර්කි බ්‍රෙස්ට් එකද සිහින් පෙති ලෙස කපා ගන්න. දැන් ටර්කි පෙති වලට ලුණු, ගම්මිරිස්, රතු වයින් දමා හොඳින් අතගා පැයක් පමණ සීසන් වන්නට හරින්න. තැටියක් ගෙන එයට බටර් ආ‍ලේප කරගන්න. එහි අල පෙති තට්ටුවක් ලෙස අඩුක් කරගන්න. ඉන්පසු ටර්කි ද අඩුක් කර ඇලුමිනියම් ෆොයිල් එකකින් වසා මධ්‍යම උෂ්ණත්වය සහිත උඳුනක විනාඩි 30-35ක් පමණ බේක් කරගන්න.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.