lakbima.lk

පුරවාගත් කොස් මදුළු

 
අවශ්‍ය ද්‍රව්‍ය -
හොඳින් පැසුණු කොස් මදුළු 25
තම්බාගත් කොස් ඇට 30, රතුලූනු ග්‍රෑම් 250
කන්කුන් දලු ග්‍රෑම් 50, උම්බලකඩ කැබැලි මේස හැඳි 1,තෙල් මේස හැඳි 2, ලුණු රසට අනුව 
ගම්මිරිස් කුඩු රසට අනුව, බිත්තර සුදුමද 3ක් පමණ, පාන් කුඩු අවශ්‍ය තරමට, බැද ගැනීමට තෙල්, අමුමිරිස් කරල් 2 යි
 
සාදන ආකාරය -
කොස් මදුළු හොඳින් සෝදා පැත්තකින් විවරයක් කපා කොස් ඇටය සහ සිවිඩ්ඩ පරිස්සමින් ඉවත් කරන්න. දැන් කොස් මදුළු ටික ස්ටීමරයක විනාඩි කීපයක් ස්ටීම් කර ගන්න. රතුලූනු, අමුමිරිස්, කන්කුන් පිරිසිදු කර සෝදා සිහින්ව ලියා ගන්න. තෙල් ටික ළිප තබා එයට කපාගත් රතුලූනු, අමුමිරිස් දමා තෙම්පරාදු කරගන්න. දැන් කුඩාවට කපාගත් කන්කුන්ද එකතු කරන්න. තම්බාගත් කොස්ඇට සුද්දකර අතින් ‍පොඩිකර එකතු කරන්න. ලුණු, ගම්මිරිස් එකතු කර මිශ්‍ර කරමින් ළිපෙන් බා ගන්න. දැන් ස්ටීම් කරගත් කොස් මදුළු නිවෙන්නට හැර කලින් සාදාගත් විවරය තුළින් කොස් ඇට මිශ්‍රණය හොඳින් පුරවා ගන්න. දැන් බිත්තර සුදුමද තවරා පාන්කුඩු මත පෙරලා රත්වූ ගැඹුරු තෙ‍ලේ දමා රන්වන් පාටට බැද ගන්න. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.