lakbima.lk

කොස් මදුළු කරිය

 
අවශ්‍ය ද්‍රව්‍ය -
හොඳින් පැසුණු කොස් මදුළු 10යි, වියළි හාල්මැස්සන් ග්‍රෑම් 50, ලොකු ලූනු ගෙඩියක් 
අමුමිරිස් කරල් 2යි, කරපිංචා කිනිත්තක්
ලුණු රසට අනුව, කෑලි මිරිස් තේ හඳි 1
‍පොල්කිරි අඬු කෝප්පයක්, කහ ස්වල්පයක් 
අමුතුනපහ කුඩු ස්වල්පයක්, රම්පේ කැබැල්ලක් 
තෙල් මේස හැඳි 2 යි 
 
සාදන ආකාරය -
කොස් මදුළු පැත්තකින් විවර කර ඇටය සහ සිවිඩ්ඩ ප්‍රවේසමෙන් ඉවත් කර ගන්න. හාල්මැස්සන් සෝදා අව්වේ වියළා ගන්න. දැන් හාල්මැස්සන් ටික හොඳින් කුඩු කරගන්න. ලූනු, අමුමිරිස් සිහින්ව කපා ගන්න. කරපිංචාද ඉතාම කුඩාවට කපා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට හාල්මැස්සන් කුඩු දමන්න. ලූනු, අමුමිරිස්, කරපිංචා දමන්න. එයට ලුණු, කෑලි මිරිස් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න. දැන් මේ මිශ්‍රණය නිවුණු පසු කොස් මදුළු තුළට හොඳින් පුරවා ගන්න. මේ පුරවා ගත් කොස් මදුළු, ස්ටීමරයක දමා හොඳින් තම්බා ගන්න. ඇතිලියක් ගෙන එයට ‍පොල්කිරි, රම්පේ, තුනපහ කුඩු, කහ කුඩු දමා හොඳින් මිශ්‍රකර ළිප තබා නටවා ගන්න. කිරි ටික නටන විට කොස් මදුළු බස්සා ඉස්ම හිදුවා ගන්න. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.