lakbima.lk

ජර්මන් වොච් ආයතනය විසින් සමීක්ෂණය කරන පද ලෝක කාලගුණික අවදානම් සහගත රටවල් අතුරින් ප්‍රථම ස්ථානය පෝටෝ රිකෝ රාජ්‍යයටත් දෙවනි ස්ථානය ශ්‍රී ලංකාවටත් තෙවන ස්ථානය ඩොමිනිකා රාජ්‍යයටත් හිමිව ඇත.  ජර්මන් වොච් ආයතනය මෙම දර්ශකය සකසා ඇත්තේ 1998 සිට 2017 කළ ඇතුළත් දත්ත අනුසාරයෙනි. මෙහි බොහෝ දත්ත 2017 වර්ෂය මත පදනම්ව ඇත. ශ්‍රී ලංකාවේ ස්වභාවික ‍ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 43 662 කි.  ඒ හේතුවෙන් රටට අහිමි වූ මුළු සම්පත්  වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 3129 කට අධික ය.  වැඩිම ආපදා  අවදානමක් පවතින පෝටෝ රිකෝවේ මිය ගිය ගණන 90 242 කි. මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානය ගෙන ඇත.

ජස්ටින් ටෲඩෝ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ  හුවාවී අයිති කරුගේ දියණිය වූ මෙන්ග් වන්ෂෝ අත්අඩංගුවේ ලබා තැනීම සම්බන්ධයෙන් දේශපාලන න්‍යාය පත්‍රයක් නොපවතින බවයි. ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ දිගින් දිගට කැනඩාවේ චීන තානාපති කාර්යාලය විසින් ඇයගේ මානව අයිතීන් උල්ලංඝණය කිරීම සිදු වන බව ප්‍රකාශ කිරීමත් සමඟය. කෙසේ වෙතත් අන්තනෝමතික ලෙස රඳවා තබා සිටින මෙන්ග් වන්ෂෝ නිදහස් කළ යුතු යැයි චීනය බල කරමින් සිටියි. වැන්කුවර්හි දී නිව්යෝර්ක් නුවර සිදුකළා ය යන මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඇයට එල්ල කළ හැකි සාක්ෂි කිසිවක් නැතැයි හුවාවී ආයතනය ප්‍රකතාශ කර සිටියි. ඇයට ඇප ලබා දීමේ නඩුව අද දින සිදු කරයි. මෙන්ග් ෂෝ හුවාවී ආයතනයේ හිමිකරුගේ දියණිය වන අතර වර්තමානයේ එහි වැඩ බලන අධ්‍යක්ෂ ධූරය හොබවයි. මේ වන විට හුවාවී දුරකථන ඇමෙරිකානු ආරක්ෂක අංශ  තුළ භාවිතය තහනමකට ලක් කර ඇත. එය‍ට හේතුව වන්නේ හුවාවී දුරකථන හරහා චීන රජය ඇමෙරිකාවේ රාජ්‍ය රහස් සෙවීමේ  කටයුත්තේ නියැලෙන බවට ඉස්මතුව ඇති සැක සහිත තත්වයයි.

ඒ අතර ප්‍රංශයේ උග්‍රව පැවැති කහ බැනියම් කරුවන්ගේ විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙස 2019 ජනවාරි 01 වන දා සිට ඉහළ දැමීමට තිබූ ඉන්ධන මිල  අත්හිටුවීමට ප්‍රංශ රජය විසින් තීරණය කර ඇත. සති ගණනාවක් මුළුල්ලේ  පැවති මහජන විරෝධතා උච්ඡතම අවස්ථාව  පැවතියේ මේ සතියේ ආරම්භයේ දී ය. එහිදී සිදු වූ ගැටුම්කාරී ප්‍රවණතා නවතා දැමීම සඳහා   ඉම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කර සිටියේ දේශපාලකයන් හා විරෝධතාකරුවන් අතර වහා හමුවක් පැවැත්විය යුතු බවයි.

කෙසේවෙතත් සති අග වන විට ‍නැවතත් උග්‍ර දක්ෂිණාංශකයන්ගේ හා වාමාංශිකයන්ගේ ඒකාබද්ධ උද්ඝෝෂණ ව්‍යාපාරයක් හට ගැණෙනු ඇතැයි ප්‍රංශයේ ප්‍රවෘත්ති මාධ්‍ය ආයතන වෙතට තොරතුරු ලැබී ඇත. ඒ අනුව අගනුවර වූ පැරීසිය තුළට ප්‍රබල ආරක්ෂාවක් යෙදවීමේ කටයුතු දැන් සිදු කරමින් පවතියි. මේ වන විටත්  පැරීසියේ අයිෆල් කුළුණ ඇතුළු ඒ වටා ප්‍රදේශය වෙත පොලිස් භටයින් 89 000 ක් යොදවා ඇත. වෙනත් සංස්කෘතික ආයතන ද මේ වන විට වසා දමා ඇත.

බ්‍රිතාන්‍ය රජය විසින් ගෙන ඇති බ්‍රෙක්සිට් තීන්දුව සම්බන්ධිත ඡන්දය මේ සතියේ පැවැත්විණ.මෙම ඡන්දය හේතුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පවා ඛණ්ඩනය විය හැකි බව තෙරේසා මේ අගමැතිවරිය පෙර දී ම ප්‍රකාශ කර තිබිණ. එමෙන්ම යු‍රෝපා සංඟම් නීති උපදේශකයෙකු ප්‍රකාශ කර සිටියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඒකමතික ඡන්දයකින් බ්‍රෙක්සිට් තීන්දුව ආපස්සට හැරවිය හැකි බවයි. මේ වන විට පැවැත්වූ බ්‍රෙක්සිට් ඡන්දය මඟින් පාලක පක්ෂය පරාජය වී ඇති අතර ලබන සතිය වන විට බ්‍රෙක්සිටි පිලිබඳ තීරණය ගැනීමට සූදානමින් සිටියි.

ජෝර්ජියාවට පත් වූ නව ජනපතිනියට එරෙහිව දැඩි මහජන විරෝධතාවයක් මේ වන විට එරට පැවැත්වේ.පසුගිය සතියේ දී ජනාධිපතිවරණය සැලෝමි ස්ර්බිෂ්විලි එරට ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය ලෙස පත් වීම සිදු විය. ඇය 50% ක ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ධූරයට පත් වුව ද එසේ පත් වී ඇත්තේ විවිධ මැතිවරණ අක්‍රමිකතා රැසකින් පසුව බව ජනතාව චෝදනා කර සිටියි.ඇයට පැවති රජයේ පාලක පක්ෂය වූ ද ඩ්‍රීම් පක්ෂය  සහය පළ කර ඇත.  ප්‍රතිවාදී පිලේ නායකයා වන ග්‍රිගෝල් වසාඩ්ස් පවසා සිටියේ නැවත කඩිනම් මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.මේ වන විට මෙතෙක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත පිටුවහල් කර සිටින හිටපු ජනපති මිකායෙල් සාකොෂ්විලිගේ සහයෝගය ද ප්‍රතිවාදී පිලේ නායකයාට හිමි වන ලකුණු පහළ වී ඇත.  

උත්පලා ප්‍රබුද්ධිකා

Page 5 of 7

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.