lakbima.lk

කොරියානු සමඟි සන්ධානය හා ඇමරිකාවේ සාම මැදිහත්වීම මෙම සතියේ සමස්ත ලෝකයේ අවධානය ගැනීමට උතුරු දකුණු කොරියානු අර්ධ ද්වීපය සමත් විය. දෙරටේ රාජ්‍යය නායකයින් දෙපල දෙරටේ සාමය සමඟිය තහවුරු කිරීම සඳහා ඉතා දීර්ඝ සාකච්ඡා වට ආරම්භ කෙරුණි.ඉතා මිත්‍රශීලීව ඇරඹි මෙම සාකච්ඡා වලදී ප්‍රගතිශීලී පියවර රාශියක් ගැණින. ඒ අතර දෙරටේ සෞඛ් ක්ෂේත්‍ර දියුණු කිරීම, දුම්රිය මාර්ග එක් කිරීම, කොරියානු යුද්ධයෙන් වෙන්වූ පවුල් නැවත එක් කිරීම සුවිශේෂී විය. උතුරු කොරියානු නායක කිම් ජේ අන් විසින් උතුරු කොරියාවේ විශාලතම න්‍යයෂ්ටික බලාගාරය වසා දැමීමට තීරණය කිරීමත් සමඟ ඇමරිකාව කොරියානු අර්ධද්වීපයේ සාමයේ මැදිහත් කරුවා බවට පත් විය. ඒ අනුව 2021 වන විට උතුරු කොරියාව සම්පූර්ණෙයන් න්‍යයෂ්ටික හරණයකට ලක් කිරීමට යෝජිතය. ඒ සඳහා ලබන සතියේ සිට සාකච්ඡා වටයක් නිව්යෝර්ක්හිත් දෙවන වටයේ සාකච්ජා දෙරටේ රාජ්ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඕස්ට්‍රියාවේ වියානාහිත් පැවැත්වීමට තීරණය වී ඇත. දකුණු කොරියානු නායකයෙකු උතුරු කොරියානු අගනුවර වන ප්යොංයෑං වෙත පැමිණියේ ෙදශකයකට පසුව ය. නුදුරු දිනකදී දකුණු කොරියානු සංචාරයක් සඳහා තමන් ද සහභාගී වන බව කිම් ජොන් පැවසී ය. ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වූ මෙම සාකච්ඡා ජාත්‍යන්තර පර්යාය වෙත වැදගත් ප්‍රතිඵල මවනු නිසැක ය.
ඒ අතර දකුණු ආසියානු දේශපාලනය උත්සන්න වූයේ පකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් නැවත නිදහස් වීමත් සමඟය. ඒ ඉස්ලාමාබාද් මහාධිකරණයට නවාස් පාර්ශවය කරන ලද අභියාචනය සළකා බැලීමත් සමඟ ය. වැඩ බලන අග විනිසුරුතුමන් විසින් දූෂණ චෝදනා ලත් නවාස් ෂරීෆ්ටත් ඔහුගේ දියණියටත් බෑණාටත් එරෙහිව පැවති චෝදනා නිෂ්ප්‍රභ විය. ඒ අතර නව අගමැති ඉම්රාන් ඛාන් විසින් තීරණය කර සිටියේ දශක ගණනාවක් මුලුල්ලේ පකිස්තානයේ පැවති අස්ථාවර තත්වය හේතුවෙන් සරණාගත තත්වයට පත් ඇෆ්ගනිස්ථානුවන් හට පකිස්තානයේ පුරවැසිභාවය ලබා දෙන බවකි.මේ වන විට පකිස්තානයේ වෙසෙන ඇෆ්ගන්වරුන්ගේ ප්‍රමාණය ලක්ෂ 25කි. 1979 දී සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම සරණාගතයින් පකිස්තානයට පැමිණ ඇත. කෙසේවෙතත් පුරවැසිභාවය ලැබෙන්නේ සියලුම ඇෆ්ගනිස්ථාන්වරුන්ට ද නැතිනම් පකිස්තානයට පැමිණි පසු උපන් ඇෆ්ගන්වරුන්ට ද යන්න පැහැදිලි නැත. මෙම වසරේ මුල් මාසයේ දී සරණාගතයින් ලෙස පැමිණි සියලුම ඇෆ්ගන්වරුන් හට පකිස්තානයෙන් ඉවත් වීමට දින 60ක සහන කාලයක් ලබා දුණි. එයට ප්‍රබල විරෝධතා හට ගැණුනු නමුත් ඉම්රාන් බලයට පැමිණි පසු සිදුකළ මෙම ප්‍රකාශයෙන් අවතැන් ඇෆ්ගන්වරු පසුවන්නේ මහත් ප්‍රීතියෙනි.


ඇමරිකාව විසින් චීනයට එරෙහිව නව බදු පැණවීම ද මෙම සතියේ සිදුවිය. ඒ මෙතෙක් බදු නොපැන වූ වෙළඳ භාණ්ඩ වන සහල්,වැසිකිලි කඩදාසි හා රෙදිපිලි වර්ග සඳහා ය. නව බදු සැප්තැම්බර් 24 වන දා සිට බලාත්මකය.ප්‍රකශිත බදු ප්‍රතිශතය 10%-25% දක්වා පරාසයක විහිදේ. දිගින් දිගට සිදුවන අසාධාරණයට එරෙහිව චීනය ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කළ ද එය ව්‍යර්ථ වූ බවක් පෙනෙන්නට තිබේ. මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලෝකයේ වෙනත් රාජ්යයන්ගේ දේශීය මුදල් අවප්‍රමාණ වීමක් දක්නට ලැබේ. මේ වන විට ලංකාවේ රුපියල දැවැන්ත ඇද වැටීමකටට ලක්ව ඇති අතර දැන් රුපියල් 170ට වැඩි අගයක් එක් ඇමරිකානු ඩොලරයකට ගෙවීමට සිදුව ඇත. ලොව නැගී සිටිමින් පවතින මහා බලවත් රාජ්්‍යයන් තුළ ද මෙම තත්වය දක්නට ලැබේ. මේ වන විට ඉන්දීය රුපියල ද චීනයේ යුවාන් මුදල් ඒකක තුළ දක්නට ලැබෙන්නේ ද මෙම තත්වයයි.

උත්පලා ප්‍රබුද්ධිකා

Page 1 of 7

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.