lakbima.lk

දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට යන සාමයේ දුම්රිය

 

 

කොරියානු අර්ධ ද්වීපයේ පෙර පැවති උණුසුම්කාරී තත්වය මඟහැරී යමින් නව සබඳතාවක්   වර්ධනය කිරීමට  දකුණු කොරියාව මෙම සතියේ සමත් විට. ඒ වසර 10 කට පසුව උතුරු කොරියාව වෙත පලමු දුම්රිය නිරීක්ෂණ චාරිකාවක් යැවීමට සමත් වීම හේතුවෙනි. ඒ   අනුව 30 වන දා උදෑසන ම දකුණු  කොරියාවේ සියෝල් නුවරට උතුරින් පිහිටි ඩෝර්සාන් දුම්රිය පොළෙන් නිරීක්ෂකයින් 28 ක් සමඟ දුම්රියක් උතුරු කොරියාවේ පන්මුන් දුම්රිය ස්ථානය දක්වා  ධාවනය විය.

මේ වන විට උතුරු කොරියාව වෙත ළඟා වූ දකුණු කොරියානු නිරීක්ෂකයින්  දුබල තත්වයේ පවතින උතුරු කොරියානු දුම්රිය මාර්ගයේ නිරීක්ෂණයේ යෙදී සිටියි. එලෙස පිරික්සීමට නියමිත මාර්ගයේ දිග කි‍ලෝ මීටර් 1200 කි. මෙම දුම්රිය මාර්ග නිරීක්ෂණය සිදු වූයේ  දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් සහ උතුරු කොරියානු  නායක  කිම් ජොන් ජන් අතර අප්‍රේල් මාසයේදී පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ය. මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මෙතෙක් එක්සත් ජාතීන් විසින් පණවා තිබූ සම්බාධක අහෝසි වී යයි.

ඉන්දියාවේ ප්‍රාන්තයක් වන මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ මේ දින වල පවතින දැඩි දුර්භික්ෂ තත්වයක් හේතුවෙන් ගොවීන් ලක්ෂ 82 ක් නියං අනතුරට ලක් වී ඇති බවට වාර්තා වේ. මහාරාෂ්‍ට්‍රයේ පමණක් ජීවත්වෙන ගොවීන් සංණ්‍යාව කෝටි එක හමාරක් ආසන්න ය. මේ වන විට දුර්භික්ෂ තත්වයට හසු වූ වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 85.76කි. මෙම ගොවි බිම් වල වගා කරන්නා වූ ගොවීන් ප්‍රමාණය 82.27 කි. මේ වන විට මධ්‍යම ජන රජය රුපියල් කෝටි 7022 ක් ප්‍රමාණයක් මෙම ආපදාව සඳහා වෙන් කර ඇති අතර එම මුදල තවමත් ප්‍රාන්තීය මට්ටමට ලබා දී නොමැත. ලක්ෂ 82ක ගොවීන්ට අමතරව වගා බිම් සඳහා යොදවන සතුන් ප්‍රමාණය කෝටි 1.8 ක් පමණ වන බව පැවසේ. මෙවැනි ම තත්වයක් උද්ගත වූයේ  1972  වර්ෂයේ බව ප්‍රාන්ත සභාව අනාවරණය කර සිටියි. 

මේ සතියේ මුළුල්ලේම ඕස්ට්‍රේලියානු මහද්වීපයෙන් වාර්තා වූයේ  ‍කාලගුණ ආන්තික සිදුවීම් ය. බොහෝ ප්‍රදේශ වෙත බලපෑ ලැව් ගිනි තත්ව හේතුවෙන් ජන ජීවිත අඩාල වූ අතර සිඩ්නි නුවර එකවර හට ගත් හදිසි ගං වතුර හේතුවෙන් විපතට පත් සිඩ්නි වැසියන් දහස් ගණනකට ආසන්න ය.මෙවන් කාලගුණ විපර්යාස රැසකට මුහුණ දෙමින් සිටින විට දී ඕස්ට්‍රේලියානු නව අගමැති විසින් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අමතා පවසා සිටි මතයක් හේතුවෙන් ‍මේ වන විට ඕස්ට්‍රේලියාවේ දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයක් පැවැත්වේ. ඒ ඕස්ට්‍රේලියානු පාසල් තුළ පවත්නා පාරිසරික ක්‍රියාකාරී පැය ගණන අවම කිරීම හේතුවෙනි. අද 30 උදෑසන සිට සමස්ත ශිෂ්‍ය ප්‍රජාව පාසල් වර්ජනය කරමින්    සමස්ත ඕස්ට්‍රේලියානු මහද්වීපයේ ස්ථාන 27 ක උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කරනු දක්නට ලැබිණ. 2011 සයරේ එළඹි පැරිස් දෙශතුණ සමුළුවේ දී කාබන් නිකුතු ප්‍රමාණ අවම කිරීමට ඕස්ට්‍රේලියාව ගිවිස ගත්ත ද පාරිසරික ප්‍රතිපත්ති සඳහා රජයෙන් සහ නොලැබෙන තත්වයක් තුළ අගමැති විසින් මෙවන් ප්‍රකාශයක් නිකුත් කිරීම පිළිබඳව තරුණයින් සිය විරෝධය එල්ල කරයි. 

නවසීලන්තය ද මෙම සතිය පුරා පුවත් මැවීමට හේතු වූයේ බහුල වශයෙන්  සිදු වූ තල්මසුන් ගොඩ ගැසීම් හේතුවෙනි. මෙලෙස ගොඩ ගැසුවේ පයිලට් වර්ගයට අයත් තල්මස් වර්ගයකි් වීම විශේෂත්වයකි  මුළු පොවේම අවධානයට පාත්‍ර වෙමින් ස්ටුවර්ට්ස් දූපතට ගොඩ ගැසුණු  තල්මසුන් ගණන 145 කි. එම තල්මසුන් සාගර දිය වැලක බලපෑමෙන් මෙලෙස ගොඩබිමට ගසා ඒමට ඉඩකඩක්  ඇති බවට මත පළ විය. ඒ අතර අද දින විට නවසීලන්ත දකුණු දූපතට ආසන්න චැතැම් දූපත් වෙරළට පයිලට් තල්මසුන් 51 ක් ගොඩ ගැසීම  හේතුවෙන්  තල්මස් අර්බුදයක් නිර්මාණය වී ඇත. මෙම සතියේ දී කිනම් හෝ පාරිසරික තත්වයක් හේතුවෙන් මිය ගිය තල්මසුන් ගණන 200 කට අධික ය.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

 

 

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.