lakbima.lk

2018 සාම ත්‍යාගය ඩෙනිස් මුක්වේගයා හා නාඩියා මුරාඩ්ට

සතියේ වැඩි අවධානයක් යොමු වූයේ නෝර්වේහි ඔස්ලෝ නුවර  වෙතය.  ඒ අද (05) දින ප්‍රකාශ කල 2018 සාම ත්‍යාගය මෙවර හිමිවූයේ  කොංගෝ වෛද්‍යවරයෙකු වූ ඩෙනිස් මුක්වේගයා හා නාඩියා මුරාඩ් හට වීම හේතුවෙනි. ඔවුන් හට මෙම සාම ත්‍යාගය හිමි වූයේ යුද්ධයේ දී සිදුවන ස්ත්‍රී දූෂණ  හා ප්‍රචණ්ඩත්වයට එදිරිව ඔවුන් සිදු කල දායකත්වය වෙනුවෙනි. වෛද්‍ය ඩෙනිස් මෙලෙස 30000 අධික පිරිසකට ප්‍රතිකාර සිදු කර ඇති අතර කොංගෝව තුල ඔහු ප්‍රසිද්ධව ඇත්තේ doctor of miracle ලෙසය. වසර 14 ක් ඔහු මෙලෙස පීඩනයට පත් කාන්තාවන් සඳහා ප්‍රතිකාර සිදු කර ඇත.

 නාඩියා උතුරු ඉරාකයේ යසිඩි කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්නී ය. ඇය 2014 දී අයි.එස් අන්තවාදීන් විසින් පැහැර ගැණුනු අතර ඇය මාස 3ක් ලිංගික වහලියක් ලෙස  යොදා ගැණින. මුදා ගැනීමෙන්  අනතුරුව ලිංගික ප්‍රචණ්ඩත්වයට එදිරිව ඇය සටන් වැදීම ආරම්භ කළා ය. දෙදෙනාම දෙදෙනාට ආවේණික අයුරින් යුද්ධය තුල ශාරීරීකව පීඩනයට පත් වන කාන්තාවන් වෙනුවෙන්  සටන් වැදෙමින් යුධ කලාප තුලම රැඳී සිටියි. මොවුන් දෙදෙනා හට නොබෙල් සාම කමිටුවෙන් ඡන්ද 331 ක් හිමි විය. මෙහි සුවිශේෂීම සිද්ධිය වන්නේ සාම ත්‍යාගය දිනන විට නාඩියා 26 වන වියේ පසු වීමත් ලොව දෙවන ලාබාලතම  සාම ත්‍යාග ලාභිනිය ඇය වීමත් ය.

පසු ගිය සිකුරාදා සුලවෙසි දිවයිනේ සිදු වු 7.5 භුමිකම්පාවෙන් හා පසුව පලාවු ප්‍රදේශ වෙත හටගත් විශාල සුනාමි තත්වය හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගල ප්‍රමාණය 1571 ක් දක්වා ඉහල නැග ඇත. තවමත් බොහෝ ස්ථාන වෙත මූලික පහසුකම්වත්  නොමැති අතර  දහස් ගණනක් මේ වන විට රැදවුම් මධ්‍යස්ථාන වෙත ගොණු කර ඇත

දශකයකට පසුව සිම්බාබ්වේ රාජ්‍යයයේ කොලරා රෝගයට එරෙහිව එන්නත්කරණය සිදු කිරීම ආරම්භ කෙරුණි. ඒ නව රජයේ ප්‍රතිපත්තියක් ලෙස ය. මේ වන විටත් ලක්ෂ ගණනක් කොලරා රෝගයට මුහුණ දී මිය යන බව ලෝක සෞඛය සංවිධානය සොයා ගෙන ඇත.

පැරිස් සමුලුවෙන් අනතුරුව නැවතත් ලෝක අවධානය incheon හි  පැවැත්වීමට නියමිත ලෝක කාලගුණ විපර්යාස පිලිබඳ සමුලුව වෙත යොමු වී ඇත. රටවල් 130ක නියෝජිතයින් පිරිසක් සහභාගී වන කාලගුණ සමුලුවේ මෙවර අරමුණ සෙල්සියස් අංශක 1.5 කින් අවම කිරීමයි.

නඩු වාර කිහිපයකින් අනතුරුව දකුණු කොරියාවේ හිටපු ජනපතිනියට මෙවර වසර 15 බරපතල වැඩ සහිතව සිර දඬුවමක් හිමි විය. ඒ තම හිත මිතුරියට මුදල් ලබා දීම් හා දූෂණ වංචා රැසක් සම්බන්ධයෙනි.

ඉන්දියාවේ නරේන්ද මූදි  හා ව්ලැදමීර් පුටින් අතර s-400 air defence system ස්ථාපනය කිරීම සඳහා එකඟතාවයක් හට ගැණුනි. ඇමරිකාව හැරුණු කොට  රුසියාව වනාහි ඉන්දියාව වෙත ආයුධ සපයන අනෙක් ප්‍රමුඛ රජ්‍යයි. මෙම අවි  ස්ථාපනය සම්බන්ධයෙන් තවමත් ඇමරිකාව ප්‍රතිචාර දක්වා නැත.

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.