lakbima.lk

ගෙවී ගිය සතියේ නවතම තොරතුරු

ලෝක දේශපාලනයට නිරතුරුව උණුසුම් මුහුණුවරක් එක් කරන ඇමරිකාව ගෙවී ගිය සතියේ තූර්කියට ආර්ථික සම්බාධක පැනවූයේ දේශපාලන ගැටලූවක් මුල් කර ගනිමිනි. එනම් තූර්කියෙන් පැන ගොස් ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේ දශක දෙකකට අධික කාලයක් ජීවත් වූ ද තූර්කියේ පැරණි දේශපාලකයෙක් වූ ෆෙතහුල්ලා ගිරෙන් සමඟ එක් වී 2016 දී තූර්කි රජය පෙරළීමට ගත් අසාර්ථක උත්සහය යි.

මෙම රාජ්‍ය ද්‍රෝහි ක‍්‍රියාවට වැරදිකරු වූ ඇමරිකන් ජාතික පැස්ටර්වරයෙකු වන ඇන්ඩෲ බ‍්‍රන්සන් 2016සිට තූර්කියේ රඳවා සිටීම එදිරිව ට‍්‍රම්ප් රජය සිය අකමැත්ත ප‍්‍රකාශ කළ අතර ඔහු නිදහස් කරන මෙන් ඉල්ලා සිටියේ ය. මෙම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ තූර්කි රජය ඇමරිකාවෙන් ආනයනික ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අවහිර ද කිරීම මෙම ගැටලූව තවත් උග‍්‍ර අතට පත් කළේ ය.

ඒ අනුව ඇමරිකාව තූර්කිය වෙත ආර්ථික සම්බාධක පැනවූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස තූර්කි ලීරා ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව තුන් ගුණයක් පහළ වැටී ඇත. මෙම රාජ්‍යයන්  ද්විත්වය අතර සම්බාධක ගැටුම හේතුවෙන් තූර්කිය සමඟ කටයුතු කරන වෙනත් රාජ්‍යයන් වන දකුණු අප‍්‍රිකානු, ඉන්දුනීසියානු  හා ඉන්දියානු මුදල් එ්කක වෙත ද පැතිරී ඇත. 

ඒ අතර ට‍්‍රම්ප් විසින් හිටපු සී අයි ඒ ප‍්‍රධානියා වන ජෝන් බ්‍රෙනන් ගේ ආරක්ෂාව ඉවත් කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් බහුතර ඇමරිකානුවන් ප‍්‍රමාණයක් තම අප‍්‍රසාදය පළ කර ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යයට සිය අදහස් දැක්වූ  බ්‍රෙනන් පවසා සිටියේ ට‍්‍රම්ප් ගේ නව ප‍්‍රතිපත්තිය වන්නේ තමන්ට  අභියෝගයක් විය හැකි පුද්ගලයන් මර්දනයට උත්සහ කිරීම බවයි.

ගෙවී ගිය සතියේ සමස්ත ලොවම ආන්තික දේශගුණ තත්වයකට මුහුණ පෑවේ ය. ඒ අනුව ආසියාවේත් මධ්‍යධරණී මුහුද වටා ඇති යුරෝපානු ප‍්‍රදේශයන් තුලත් අධික වැසි සහිත කාලගුණයක් පැවති අතර ඉතාලියේ මොරාන්ඩි පාලම කඩා වැටීමත් කේරලයේ හට ගත් ගංවතුරෙන් සිදුවූ ඛේදවාචක මින් ප‍්‍රධාන ය.  ඕස්ටේ‍්‍රලියාවට මේ දින වල හට ගත් දිගු නියඟයත් ස්කැන්ඩිනේවියාවේ කඳු මුදුන්හි පවතුනා ලැව් ගිනි තත්වයත් සුවිශේෂී ය. 

ගෙවුණු සති අග දී ලෝකයේ නම් දැරූ ක්ෂේත‍්‍ර දෙකක ජනප‍්‍රිය  පුද්ගලයින් දෙදෙනෙකුගේ අභාවයන් සිදුවීම කැපී පෙණින. ඉන්දීය අගමැති ධූරය තෙවරක් හෙබ වූ අතල් බිහාර් වජ්පායි මහතාගේ මරණය ලොවම කම්පිත කළේ ය. ඉන්දීය න්‍යෂ්ටික අවි ප‍්‍රථම වතාවට හඳුන්වා දීමේ ගෞරවයත්   භාරතිය ජනතා පක්ෂය නිර්මාණය කිරීමෙහි ලා කැපවීම් කළ පුද්ගලයන් කිහිප දෙනාගෙන් පුරෝගාමී  වූ පුද්ගලයෙකු ලෙසත් වජ්පායී මහතා ප‍්‍රසිද්ධ විය.

ආසියාවෙන් මෙම ඛේදජනක පුවත වාර්තා වූ  දිනයේ දී ම ‘Queen of Soul’ ලෙස විරුදාවලිය ලද ඇමරිකානු ජනප‍්‍රිය පොප් ගායිකා අරේතා ෆ‍්‍රෑන්ක්ලින් මේ සතියේ මිය යෑම ලෝකයේ පොප් හා ජෑස් සංගීතයට ලැදි රසික රසිකාවියන් ගේ කනගාටුවට හේතු විය. 1960 දශකයේ ඉතා ජනප‍්‍රිය වූ මෙම ගායිකාව ග‍්‍රැමී සම්මාන 17 කින් පිදුම් ලැබීය. අග්න්‍යාසයේ පිලිකාවකින්  ඩි‍්‍රට්‍රොයිට් හි පිහිටි ඇගේ නිවසේ ඇය මිය යන විට 76 වන වියේ පසු විය. මෙම පුවත් ද්විත්වයෙන් ම සති අග ලෝකය කැලඹීමට සමත් විණි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.