lakbima.lk

ස්වභාවික ව්‍යසන හා නව දේශපාලනමය අර්බුදයන්

ගෙවී ගිය සතියේ ජාත්‍යන්තර පුවත මැවීමට සමත් වූ ප‍්‍රධානතම මාතෘකා වූයේ ස්වභාවික ව්‍යසන හා නව දේශපාලනමය අර්බුදයන් ය.

ඒ අතරින් ගිනිකොණ දිග ආසියනු ප‍්‍රදේශය වඩාත් උණුසුම් වූයේ 05වන දා  සිට මේ වන තෙක් නොකඩවා හට ගත් ඛේදජනක ඉන්දුනීසියානු භූමිකම්පා රැසක්  නිසාවෙනි. ඉන්දුනීසියාවේ බාලි හා ලොම්බාර්ක් දුපත්හි හට ගත් මෙම භූමිකම්පා හා පසුකම්පන තරංග රාශියකින් දැනට මිය ගිය පුද්ගලයන්ගේ මුලූ ප‍්‍රමාණය 380කටත් අධික ය.

ඉන්දුනීසියාවේ මෙවන් භූ කම්පන තත්වයක්   පවතිද්දී  ඕස්ටේ‍්‍රලියානු  මහද්වීපය ඇතුලූ ඇමරිකානු හා  යුරෝපානු මහද්වීප තුලින් දැඩි උෂ්ණත්වයක් වාර්තා විය.

මෙහිදී  ඕස්ටේ‍්‍රලියානු අගමැති මැල්කම් ටර්න්බුල් විසින්  ඕස්ටේ‍්‍රලියාව නොබෝ  කලෙකින් ‘නියඟයේ භූමිය’ බවට පත් වෙතැයි කළ අනතුරු ඇඟවීමත් සමඟ  ඕස්ටේ‍්‍රලියානු රජය විසින්  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 576ක් වෙන් කර කෘෂිකාර්මික සම්පත් වැඩි දියුණු කිරීමේ යාන්ත‍්‍රණයක්  ක‍්‍රියාවට නැංවීමට ආරම්භ කිරීම කැපී පෙනෙයි. මේ සමයේ නිව් සවුත්වේල්සය ඇතුලූ නැගෙනහිර  ඕස්ටේ‍්‍රලියානු මහද්වීපික කොටස් තුල දැඩි වියලි කාලගුණයක් පවතියි.

ඒ අතර ඇමරිකානු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දරුණුතම ගින්න ඉකුත් අඟහරුවාදා (3) හට ගත් අතර ගින්න පාලනය සඳහා ගිනි නිවුම් භටයන් 3900කට අධික පිරිසක් මේ ස හා යොදවා ඇතැයි වාර්තා වේ. මෙය විශාල අභියෝගයක් බවට පත්ව ඇත්තේ දකුණු කැලිෆෝර්නියාවට මේ දින වල පවත්නා උණුසුම් කාලගුණය හා සුළං තත්වයන් නිසාවෙනි. මෙම ලැව් ගින්න හට ගෙන ඇත්තේ මෙන්ඩොසීනෝ ජාතික වනෝද්‍යානයේ ය. හෙක්ටයාර  117,639ක ප‍්‍රමාණයක් මේ වන විට ගින්දර හේතුවෙන් විනාශව ඇති අතර තවමත් වනෝද්‍යානයේ දකුණු කෙලවරේ වෙනත් ලැව් ගිනි දෙකක් මතුව ඇතැයි කැලිෆෝනියානු ගිනි නිවීම් ඒකකය වාර්තා කර සිටියි.

යුරෝපා මහ ද්වීපයට බලපෑ දැඩි උණුසුම් කාලගුණයත් සමඟ රයින් ගංඟාව සිඳී යන තත්වයට ලක් වී ඇති අතර සමස්ත යුරෝපයට ම තාප තරංග අවදානම් සංඥා නිකුත් කර ඇත. 1976න් අනතුරුව බි‍්‍රතාන්‍යයේ හට ගන්නා ලද උණුසුම් ම කාල වකවානුව මෙය බව සඳහන් ය. කෙසේවෙතත්  දරුණු ආන්තික පාරිසරික තත්ව රැසකට සමස්ත ලෝකය ම මුහුණ පාමින් සිටින බැව් මැනවින් පෙනෙයි.

ඇමරිකාව නැවතත් ලෝක දේශපාලනයේ උණුසුම් ප‍්‍රවෘත්ති මවන්නා බවට නැවතත් පත් වූයේ මේ සතිය තුල ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් සිදු කළ ආන්දෝලනාත්මක ක‍්‍රියා හේතුවෙනි. මේ එයින් කිහිපයකි.

අගෝස්තු 7වන දා ඔහු විසින් 2015ඉරාන න්‍යෂ්ටික වැඩ පිළිවෙලින් ඒක පාර්ශවීය ලෙස ඉවත් වන බවට ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ ලොව බලවත් රාජ්‍යයන් ඇමරිකාව කෙරේ දැක්වූයේ බලවත් අප‍්‍රසාදයකි. මෙම සම්බාධක පැනවීම හරහා කාර්, කාපට් වැනි වෙළඳ භාණ්ඩ ගණුදෙනු රැසක්  බිඳ දැමීමට අපේක්ෂිත ය. කෙසේ වෙතත් සම්බාධක පැනවීමෙන් අනතුරුව ඉරානයේ රියාල් මුදල් ඒකකයේ මිල පහල බැසීමක් පෙන්නුම් කර ඇත. නමුදු ඉරානයේ ජනාධිපති හසන් රොහානි පවසා සිටියේ මෙය හුදෙක් ඉරානයේ මානසිකත්වය බිඳ දැමීම සඳහා කරනා ලද ප‍්‍රයත්නයක් බවකි.

සති අග නවතම පුවත ලෙස සඳහන් වන්නේ ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ අනුග‍්‍රහය මත ඔහුගේ බිරිඳ ගේ දෙමව්පියන් හට ඇමරිකන් පුරවැසිභාවය ලබා දීමයි. ඇමරිකන් සංක‍්‍රමණික නීති පිළිබඳව නිරතුරුව දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය අන්තවාදී ට‍්‍රම්ප්වාදයෙන් පවුල්වාදය වෙත නැඹුරුව ඇති බවට විවිධ මත පළවේ.

අප‍්‍රිකානු මහද්වීපය ගෙවී ගිය සතියේ පුවත් මවන තෝතැන්නක් වූයේ සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන් ම්නන්ගාවා  ගේ හිටපු පාලක පක්ෂයම නැවත ජය ගැනීමෙනි. ඉන් අනතුරුව වඩාත් ප‍්‍රචලිත වූ පුවත වූයේ දකුණු සුඩාන රජය හා කැරලිකරුවන් අතර බලය බෙදා ගැනීමේ ගිවිසුමක් අත්සන් කිරීම යි. මෙමඟින් දකුණු සුඩාන ජනපති සල්වා කීර් සහ කැරලි නායක රීක් මචර් යන ප‍්‍රධාන පාර්ශව අතර සාම ගිවිසුමක් බලාත්මක කිරිම ද අපේක්‍ෂිත ය.

සෞදි අරාබියේ කැනේඩියානු තානාපති පැය 24ක් ඇතුළත ඉවත්ව යා යුතු බවත් කැනඩාව සමඟ පැවති සියලූ  ගණුදෙනු නිමා කරන බවට  සඳහන් කළ නිල නිවේදනයක් සෞදි අරාබි විදේශ අමාත්‍යංශය ප‍්‍රකාශ කිරීමත් සමඟ මැද පෙරදිග කලාපය වෙත ජාත්‍යන්තරයේ  අවධානය  යොමු විය. මෙයට මූලික හේතුව ලෙස  සෞදි අරාබිය දක්වා සිටින්නේ කැනඩාව සිය අභ්‍යන්තර කටයුතු වෙත අත පොවන බවකි. මෙහිදී කැනඩාව වැඩි දුරටත් පවසා සිටියේ එරට අනවසරයෙන් රඳවා සිටින මානව ක‍්‍රියාකාරීන් වහා මුදා හැරිය යුතු බවයි.කෙසේ වතුදු  සෞදි අරාබි ඇමරිකන් මානව හිමිකාරියක් වන සමර් බදාවි ද සිටින බවට හෙලිව ඇත.

මේ වන විට සෞදි අරාබියානු කැනේඩියානු දෙරට අතර පවතින අධ්‍යාපනික සබඳතා පවා දරුණු පසුබෑමකට ලක්ව ඇත. එහි මුල් පියවරක් වශයෙන් කැනඩාවේ ඉගෙනුම ලබන සිසුන් 16000ක් නැවත ගෙන්වා ගැනීමට නියමිත ය. කෙසේවෙතත් මෙම තානාපති සබඳතා ගැටලූව බැවින් කැනඩාවට සිය සහය ලබා නොදෙන බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ  කථා නායකවරිය වන හෙදර් නොරේට් වැඩිදුරටත් සඳහන් කළා ය.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.