lakbima.lk

මේ සතියේ වඩාත් කතාබහට ලක් වූයේ ඇමරිකාවේ නැවතත් ත්‍රස්තවාදී බෝම්බ තර්ජනය වැඩි වීමත් සමඟයි. ඔක්තෝබර් 25 වෙනිදා උදෑසන සී එන් එන් ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කර සිටියේ එහි හිටපු කතෲ කෙනෙක් වෙත පයිප් බෝම්බයක් යොමු කර ඇති බවයි. ඒ අනුව පසුව සඳහන් වූයේ හිටපු ජනපතිවරැන් වූ බැරැක් ඔබාමා බිල් ක්ලින්ටන්ටත් හිටපු ඇටෝර්නි ජෙනරල් හට ද එකම ආකාරයේ හඳුනා නොගත් පයිප් බෝම්බ යවා ඇති බවයි. කුරියර් ආකාරයෙන් එවූ මෙම බෝම්බ act of terror ලෙස ටම්ප් විසින් ධවල මන්දිරය හරහා හඳුන්වා දුන් අතර මෙම අවස්ථාව සඳහා සියලු දෙනා එක්විය යුතු බවට අවධාරණය කළේ ය. හඳුනා නොගත් මෙම පයිප් බෝම්බ  රහස් පොලීසියට හා හෝම් ලෑන්ඩ් ආයතනය හාරයේ තැබුව ද පසුදින දී තවත් පයිප් බෝම්බයක් ෆ්ලෝරිඩාවේ අවන් හලක තිබී හමුවිය. මේ වන විට බෝම්බ 10ක් සොයාගෙන ඇති අතර ඩෙල්වෙයාර් ප්‍රාන්තයෙන් ෆ්ලොරිඩාවට යවා ඇතැයි සඳහන් ය.

බොහෝ දෙනා මෙම බෝම්බ තර්ජනය පිළිබඳ කම්පාවට පත් වන අතර විචාරකයන් මෙය ට්‍රම්ප්වාදී ක්‍රියාවක් ලෙස සළකයි. මෙම මතය සී එන් එන් ආයතනය දැඩිව පවසා සිටි අතර ඔවුන් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කරනා බවට චෝදනා කර සිටීම කැපී පෙනෙයි. අනෙක් අතට ට්‍රම්ප් විසින් ජන මාධ්‍ය ආයතන සිදු කරන දැඩි විවේචන මර්දනය කිරීමක් ද මීට සමගාමීව සිදු විය. මාධ්‍ය විසින් සමාජය තුල වෛරය අවුලන බවට වන ප්‍රකාශයත් ඔබාමා වනාහි අයි එස් ත්‍රස්තයින් ගේ නිර්මාපකයා බවටත් කල ප්‍රකාශය දැඩි ලෙස සමාජගත වී ඇත. ඒ අතර මෙක්සිකෝ ගැටලුව විසඳීම සඳහා ට්‍රම්ප් විසින් 800ක් ඇමරිකන් මිලිටරි භටයන් මෙක්සිකෝ දේශසීමාවට යවා ඇතැයි සඳහන් ය. ඒ ඇමරිකාව මෙක්සිකෝවට කල තහනම මනාව ඉටු කිරීමට මෙක්සිකෝව අපොහොසත් වීමෙනි.

තවමත් දහස් ගණනක් ඇමරිකානු මෙක්සිකෝ දේශසීමාව වෙත තවමත් එමින් පවතියි. ලතින් ඇමරිකාවේ ප්‍රමුඛ රාජ්‍යක් වන බ්‍රසීලයේ ඔක්තෝබර් 28 සිදුවන දෙවන වටය වෙත වැඩි අවධානයක් යොමු වී ඇත. බොහෝ දෙනා ගේ මතය වන්නේ බොල්සනාරෝ මෙයින් විශාල ජයක් ලබා ගනු ඇති බවයි. කෙසේ වෙතත් බොල්සනාරෝගේ ප්‍රචාරණයට සමගාමීව බ්‍රසීලයේ සුලුතරය වූ සම ලිංගිකයන්, විෂම ලිංගිකයන් හා එල් ජී බී ටී ස් වරැන් ඉලක්ක කර ඝාතනය කිරීමේ උත්සහයක් ද ක්‍රීයාත්මක වන බවයි. මේ සියල්ල පිටුපස බොල්සනාරෝ සිටින බව එම ප්‍රජාව පවසා සිටියි. බොල්සනාරෝ එම ප්‍රජාව දැඩිව මර්දනය ඛල යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් දැඩි ආන්දෝලනයක් සිදුව ඇත. කෙසේ වෙතත් ලෝකයේ වැඩිම සම ලිංගිකයන් හා විෂම ලිංගිකයන් වෙසෙන්නේ ද මරා දමන්නේ ද බ්‍රසීලයේ ය. කලු මුහුද ආසන්න භූමියේ හදිසියේ හටගත් හදිසි ගං වතුරෙන් පුද්ගලයින් 18ක් මිය ගොස් ඇත. එයින් පස් දෙනෙක් කුඩා ලමුන් වන බවයි සඳහන් වන්නේ.

උත්පලා ප්‍රබුද්ධිකා

Page 1 of 12

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.