lakbima.lk

ජනපති හමුවෙන් පසු මුස්ලිම් මන්ත්‍රීවරු රට යති

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හා සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනකු මක්කම සංචාරයක් සඳහා මෙරටින් පිටව ගොස් ඇත.
රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 7ක් හා රිෂාඩ් බදුයුදීන් මහතාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 5 ක් මෙසේ විදේශගතවී තිබේ. මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, අලි සහීර් මවුලානා, ජායිස් කාසිම්, එච්. එම්. එම්. හාරිස්, අබ්දුල් මහරුෆ්, එම්. එස්. තවුපික්, මොහොමඩ් සල්මාන් යන මන්ත්‍රීවරුන් හා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා සමග ජමීර් අලි, එම්. අයි. එම්. මන්සූර් ඇතුළු මන්ත්‍රීන් පිරිසක්ද මෙසේ විදේශගත වී තිබේ.
මෙම පක්ෂ දෙකේම නායකයන් ඉකුත් දිනෙක ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවකට කැඳවා තිබූ අතර එම සාකච්ඡාවෙන් පසුව පිරිස විදේශ චාරිකාවේ නිරතව ඇත. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ එළඹෙන 12 වැනිදා හෝ 13 වැනිදා මේ පිරිස ආපසු පැමිණීමට නියමිත බවකි. රට තුළ දේශපාලන අර්බුදයක් මතුව ඇති මොහොතක මුස්ලිම් පක්ෂ මන්ත්‍රීවරුන් විදේශගතවීම දේශපාලන කරළියේ කතාබහට ලක්ව තිබේ.

තිලක් පුෂ්පකුමාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.