lakbima.lk

ඉන්ධන මිල තවත් ඉහලට

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල වැඩිකිරීමට සාපේක්ෂව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට IOC සමාගමද තීරණය කර ඇත.ඉන්ධන මිල තීරණය කිරීමේ කමිටුව විසින් මෙම මිල ඉහළ දැමීම අනුමත කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව,ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145සිට 149දක්වා රුපියල් 04කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157සිට 161දක්වා රුපියල් 4කින් ඔටෝ ඞීසල් ලීටරයක් 118 සිට 123 දක්වා රුපියල් 5 කින් සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 130 සිට 133 දක්වා රුපියල් 3 කින් ඉහළ දමා ඇත.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සහ විනිමය අනුපාතය මත මෙරට ඉන්ධන මිල තීරණය කිරීමට සකසන ලද මිල සූත්‍රය අනුව මෙම මිල වැඩි කිරීම සිදු කර ඇති බව පැවසෙතත් මෙම මිල සූත‍්‍රය මේ වන තෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.

දමයන්ති ගමගේ

Comments  

0 #1 amila 2018-09-12 10:02
I O Cirisena Shep Ekak Danawako.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.