lakbima.lk

කොටි ඕනෑ කතාවට ඇමැතින්ගෙන් ප්‍රකාශ ගනී

හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ එම උත්සවයේ සිටි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් ඊයේ (12) දින සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පැය එකහමාරක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අද (13) දින විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇත.
ඉකුත් 2 දා යාපනයේ පැවැති රාජ්‍ය උත්සවයකදී එවකට ළමා හා කාන්තා රාජ්‍ය ඇමැතිනියව සිටි විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ප්‍රකාශ කර තිබුණි. මේ ප්‍රකාශය සමාජයේ දැඩි ආන්දෝලනයටද ලක්විය. එහිදී මේ සම්බන්ධයෙන් විවිධ සංවිධාන විසින්ද ‍පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කර තිබුණි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඉකුත් සතියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙතද කරුණු වාර්තා කර ඇගේ ප්‍රකාශය පළවූ හා විකාශය වූ මාධ්‍ය ආයතනවලින්ද ප්‍රකාශ ලබාගැනීමට අවසර ලබාගෙන තිබුණි. එමෙන්ම එම උත්සව අවස්ථාවේ රැඳී සිටි මැති ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන්ද මේ වන විට ප්‍රකාශ ලබාගනිමින් සිටී.

ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.