lakbima.lk

පසුගිය කාලයේ ග‍්‍රීසිය බරපතළ විදේශ ණය අර්බුදයක පැටලී සිටියේය. තම රටට ණය ගෙවා ගත නොහැකි බව 2010 වසරේදී එරට නිල වශයෙන් ප‍්‍රකාශ කළේය. යුරෝපයේ දක්ෂිණ භාගයේ පිහිටි ග‍්‍රීසිය විශාල ඉතිහාසයක් ඇති රටක් වන අතර බටහිර ශිෂ්ටාචාරයේ තොටිල්ල වශයෙන් සැලකේ. අනුවණ තීරණ ගී‍්‍රසිය ආර්ථික අගාධයකට තල්ලූ කළේය. ඒ වන විට යුරෝපා සංගමයට සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන තමන්ට ගී‍්‍රසියෙන් අයවිය යුතු ණය ප‍්‍රමාණය යුරෝ බිලියන 294.7 ක් යැයි කියා සිටි අතර මෙකී ණය ගෙවා ගත නොහැකිවීම හා විදේශ සම්පත් හිඟකම ග‍්‍රීසිය අසරණ කළේය. දේශපාලන අර්බුදයකටද රට ගොදුරු විය.

2009 වසරේ දී ග‍්‍රීසියේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 දක්වා නැගිණ. දස අවුරුදු බැඳුම්කර ණය ගැනීම් ගෙවාගත නොහැකි වූ අතර ඒවායේ පොලී අනුපාත සියයට 35 දක්වා ඉහළ ගියේය. සම්පූර්ණයෙන්ම බැඳුම්කර නිකුත් කිරීම අර්බුදයකට ලක් විය. ගී‍්‍රසිය සිය යුරෝපා සංගමයේ සහය ඉල්ලා සිටියේය. ණය කපා හරින සේ ඉල්ලන ලද නමුත් යුරෝපා සංගමය එයට එක`ග වූයේ නැත. එවකට ග‍්‍රීසියට වැඩිම ණය ප‍්‍රමාණයක් නිකුත් කර තිබුණේ ජර්මනිය හා ජර්මනියේ බැංකු බව සඳහන්ය. ග‍්‍රීසිය ආර්ථිකය ප‍්‍රතිසංස්කරණය කරනු හැර අන් මගක් නොතිබුණි. ප‍්‍රදානක කණ්ඩායම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශාල වශයෙන් රටට බලපෑම් කළේය. ප‍්‍රධාන ගැටලූව විශ‍්‍රාම වැටුප් ගෙවීම බව ප‍්‍රකාශ විය. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 17.5ක් එයට වෙන් කරන්නට සිදුවී තිබුණි. කලාපයේ සෙසු රටවල එම ප‍්‍රතිශතය සියයට 3කි. ප‍්‍රතිසංස්කරණ අනුව එම පිරිවැය සියයට එකක් දක්වා අඩුකරන අතර සේවකයන්ගේ දායකත්වය තර කරන ලද අතර විශ‍්‍රාම යාම හා විශ‍්‍රාම වැටුප් ගෙවීම තාවකාලිකව නතර කළේය.

ග‍්‍රීසිය ආර්ථික අර්බුදයෙන් පසු නැවත නැගී ඇත. 2018 වසර වන විට අර්බුදය කළමනාකරණය කරගෙන තිබේ. එයට කලින් වසරේ අය වැය හි`ගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.8කි. ආර්ථිකය සියයට 1.4 කින් ඉහළ ගියේය. ආර්ථික අර්බුදයකින් පසු රටක් නැත්තටම නැති වෙන්නේ නැති බවට එය එක උදාහරණයක් පමණකි. ගී‍්‍රසියේ ණය බර එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 182ක් වන විට ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 80 ඉක්මවා නැත. මෙරට අය වැය හි`ගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.8කි. ලබන වසරේදී  සියයට 4.1 කට පාලනය කිරීමට යෝජනා වී තිබුණි. ග‍්‍රීසිය මුහුණ දුන්නේ ලංකාව මෙන් හතර ගුණයක් පමණ ප‍්‍රබල තත්ත්වයකටය.

මෙරට භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත සියයට නවයට අඩුය. එය කිසිසේත් ග‍්‍රීසිය මෙන් සියයට තිස් පහක් නොවේ. ආර්ථික අර්බුදයක් නැතැයි සඳහන් කිරීමට වඩා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ප‍්‍රතිසංස්කරණ කරන්නට පහසුතැනක පවතින බව සඳහන් කළ යුතුය. නමුත් වෙනස්කම් කරන තැන් ගැන එඩිතරව සමාජයට ප‍්‍රකාශ කර අවශ්‍ය තීන්දු ගැනීමට පාලකයෝ අසමත්ව සිටිති. එය විශාල ව්‍යාකූලතාවක් මතු කර ඇත. දැනට පවතින පාලනය කරගත හැකි ණය අති විශාල ණය කන්දක් සේ හුවා දක්වන ලද අතර එය දේශපාලන ගැටුමක ප‍්‍රතිඵලයක් බව පෙන්වා දිය යුතුය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මැදි ආදායම් තැනකට පත්ව තිබේ. දශක තුනක් පැවැති යුද්ධයකට පසු දශකයකට ආසන්න කාලයක පැවැති ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵලයකි. එය මධ්‍යම පැලැන්තියේ ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය ඉහළ නංවා ඇත. යාන වාහන ආනයනය, බලශක්ති භාවිතය, ආනයනික දේ වෙනුවෙන් නැඹුරුව එය පෙන්වන අවස්ථාය. සමස්ත ආනයන පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක් තෙක් වැඩි වී තිබේ. එම ප‍්‍රසාරණය දරාගත හැකිවන තරමට විදේශ සම්පත් සොයා ගැනීමට රටට හැකියාවක් ලැබී නැත. අපනයන වැඩිකරන, සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් උපයන හෝ සෘජු සහ වක‍්‍ර විදේශ ආයෝජන කැඳවන අවකාශයක් වෙනුවෙන් ප‍්‍රතිපත්ති සම්පාදනය නොකිරීම වරදකි. එය විදේ්ශ සංචිත ඌන තත්ත්වයකට පත් කළේය. ඇමෙරිකානු ඩොලර් සඳහා රට තුළ ඇති ඉල්ලූම ඉහළ යන අවස්ථාවේදී එයට සරිලන සැපයුමක් නොතිබීම ගැටලූ මතු කළේය. රුපියලේ අගය අවප‍්‍රමාණය වීමට බලපෑ ප‍්‍රධාන හේතුව එයයි.

ලෝක ආර්ථිකයේ තත්ත්වය, ශ‍්‍රී ලංකාවේ ආදායම් හා වියදම් තත්ත්වය සලකා බලා රට තුළ ආර්ථිකය ප‍්‍රතිසංස්කරණය කරන වැඩ පිළිවෙළක් අවශ්‍ය  වී තිබුණි. ආණ්ඩුව එය අතට ගත්තේ නැත. එයට ප‍්‍රධාන වශයෙන් හේතුවක් තිබුණි. ප‍්‍රධාන පක්ෂ දෙකක එකතුවීමෙන් බිහිවූ යහපාලන ආණ්ඩුවේ දුර්වලතාවය එයයි. ආර්ථික සභාවේ බලය සම්බන්ධයෙන් ගැටුම් ඇති වූ අතර විශේෂඥයන්ට කි‍්‍රයාත්මක විය නොහැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් වෙනම සැලැස්මක් හ`දුන්වා දී තිබුණ අතර ඉන්ධන මිල සූත‍්‍රය හා විදුලිය මිල සූත‍්‍රය ඒ අතර ප‍්‍රධාන අංශ සේ දැක්විය හැකිය. ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව අඩුකර රාජ්‍ය ආදායම නැංවීම අරමුණු කරගෙන බදු නැංවීය. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකකරණය කරන සැලැස්මක්ද තිබුණි. ආණ්ඩුව තුළ තිබුණ බෙදීම නිසි අවස්ථාවේ දී තීරණ ගැනීම අරබයා විශාල බාධාවක් වූ අතර මූල්‍ය අරමුදලේ ප‍්‍රතිසංස්කරණ අදහස්වලට රට තුළ විරෝධයක් හටගෙන තිබුණි.  මේවා මෑත කාලයේ ආර්ථිකය නිසි මගට ගැනීම හමුවේ ඇතිකරන ලද නොසන්සුන් තත්ත්වයන්ය. නිසි දර්ශනයක්, නිසි වැඩපිළිවෙළක් රහිත මාස ගණනාව ජනතාව ගේ ජීවන වියදම දරා ගත නොහැකි තත්ත්වයකට පත් කළ අතර එය බරපතළ සමාජ ප‍්‍රශ්නවලට හේතුවක් වූ බව දැක්වීම අවශ්‍යය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය දෙස ආපසු හැරී එය විපතක් සේ දකිනු වෙනුවට සැපත කරා යොමුවන්නේ කෙසේදැයි සලකා බලන්නට මෙරට දේශපාලන නායකයෝ පරිණත විය යුතුය. මෝඩි ශ්‍රේණිගත කිරීමේ ආයතනය බී දෙක ස්ථානයේ සිට බී දක්වා පහළට යොමු කර තිබේ. මෙරට ආයෝජනය හා ණය ගෙවීමේ හැකියාව සම්බන්ධව අවදානම් බව අගවන අවස්ථාවකි. ”පිට්ච්” ශ්‍රේණිගත කිරීමේ ආයතනය ද බී ප්ලස් සිට බී දක්වා ශ්‍රේණිය අඩු කර ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවට අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙම තත්ත්වය ගැන අලූතින් ශ්‍රේණිගත කිරීමට හදිස්සි වී තිබේ. එය එපමණ සුදුසු නැත. යම් ප‍්‍රමාණයක අවදානමකට පත් වූ ශ‍්‍රී ලංකාවට මෙම ශ්‍රේණිගත කිරීම අවාසියකි. අලූතින් ආයෝජනය ගැන අවධානය යොමු කරන ආයෝජකයෝ එයින් යම් අවදානමක් ගැන හිතන්නට නැඹුරු වෙයි. ණය දෙන ආයතනවල අය කරන පොලී අනුපාත කිසියම් ප‍්‍රතිශතයකින් වැඩිකිරීමට එය බලපාන බව සැකයක් නැත. නමුත් ජාත්‍යන්තර ආයතනවල හැසිරීම ගැන අනියත බියක් පළ කරනු වෙනුවට ශ‍්‍රී ලංකාව පවතින කැළඹීමට මුහුණ දීමට සමත් බව ඔප්පු කිරීම සුදුසුය.

මෙම අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අන්තර් ජාතික වශයෙන් වැදගත් ප‍්‍රදානක ආයතනවල ආවරණය ලබා ගැනීම සුදුසුය. දේශපාලනය පසෙක තිබිය දී අලූත් වටයකින් මෙරට ණය සංචිතය වෙනුවෙන් අලූත් සාකච්ඡුාවක් ඇරඹීම වැදගත්ය. ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අලූත් ව්‍යාපෘතියක් ගැන අදහස් හුවමාරු කර ගැනීම සුදුසුය. ශ‍්‍රී ලංකා මහ බැංකුව ද එම අවශ්‍යතාවය පෙන්වා දී තිබේ.

2019 වසර ශ‍්‍රී ලංකාවේ අනාගතය උදෙසා තීරණාත්මක අවස්ථාවකි. මැතිවරණ ගණනාවක පදනම විය හැකිය. ජනතාව දුෂ්කර තැනකට පත් නොකර එහෙත් ක‍්‍රමානුකූල ප‍්‍රතිසංස්කරණයකට යා යුතුව තිබේ. එයින් තොරව විකල්පයක් නැත. පවතින ආදායම් හිඟය පාලනය කරගත යුතු අතර විදේශ විනිමය ඉපැයීමේදී අලූතින් අපනයනයට ඇති අවස්ථා සොයා ගැනීම සුදුසුය. රාජ්‍ය වියදම පාලනය දරාගත හැකි මග සොයා බැලීම අලූතින් පත්වන පාලකයන්ගේ වගකීමකි. නාස්තිය හෝ ¥ෂණයට වඩා අකාර්යක්ෂමතාව හා ඵලදායීත්වයෙන් තොර බව රටට විශාල හානියකි. එය අවධානයට නොගන්නේ මන්ද? රට තොට විමසන විට මහජන දේපොළ නාස්ති වී ඇති ප‍්‍රමාණය පැහැදිලිය. නිසි තරගකාරීත්වයක් නැති රාජ්‍ය ආයතන ඒකාධිකාරය විශාල සම්පත් හානියක් කරයි. ඒවා පාලනය කිරීම රාජ්‍ය කළමනාකරණයේ වැදගත් අංශයක් විය යුතුය. නිසි ප‍්‍රතිසංස්කරණය තුළ පැවැතිය යුතු නියමානාකූල බව ආර්ථිකය නිසි මගට පත් කරනු ඇති අතර ආර්ථිකයේ අඩාලවීම සමග වර්ධනයට ඇති අවස්ථාවද ප‍්‍රයෝජනයට ගත යුතුය.

ජී.කේ.ජී. සරත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.