lakbima.lk

පාස්කු ඉරිදා ප‍්‍රහාරය රටට බරපතළ පීඩනයක් එල්ල කර තිබේ. සති පහක් අවසානයේ පවා කැළඹිලි පහව නැත. සාමකාමී රටක් වශයෙන් නැගෙන්නට බලවත් ප‍්‍රයත්නයක නිරත ශ‍්‍රී ලංකාව මෙකී මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් භීතියට පත් වූ අතර ආර්ථික වශයෙන් සෑහෙන කඩා වැටීමකට ලක් විය. නැවත නැගී සිටින්නේ කෙසේද යන්න අවධානයට ලක්ව තිබේ. වත්මන් ආණ්ඩුව පසුගිය වසර තුන හතර තුළ සෑහෙන ප‍්‍රමාණයක ආර්ථික හා සමාජ පරිවර්තනයක් අපේක්ෂාවෙන් සිටියේය. ජනතාව තුළ මහත් බලාපොරොත්තු තිබුණි. මුල් භාගයේ දී ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එනම් එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඇතිව සමගි සන්ධාන ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ හා විපක්ෂය වශයෙන් ක‍්‍රියා කළ දෙමළ සන්ධානය පවා පැවැත්ම වෙනුවෙන් සහාය දෙන ප‍්‍රතිපත්තියක සිට ක‍්‍රියා කළේ. නිදහසට පසු ගත වූ කාලය තුළ දේශපාලන ධාරාව අනුගමනය කරන්නට උත්සාහ කළ වැඩපිළිවෙළ පුළුල් වූ නමුත් එය අඩාල විය. අන්තවාදී ප‍්‍රහාරය එල්ල වූයේ ඉලක්කයක් රහිතව ඉදිරියට ගමන් කරමින් තිබුණ නෞකාවකටය.

2019 අය වැය පුරෝකථන අනුව මෙම වසරේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.6 ක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරිණි. එකී වර්ධනය උදෙසා පවා සෑහෙන දෙස් විදෙස් ආයෝජන ලැබෙනු ඇතැයි ගණන් බලා තිබුණි. ආර්ථික ප‍්‍රසාරණය උදෙසා යම් යම් ප‍්‍රතිසංස්කරණ යෝජනා කෙරිණි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ජාලයක් ගොඩනැගීම    අරමුණු කරගෙන ස්වශක්ති හා ගම්පෙරළිය යන ණය යෝජනා ක‍්‍රම වේගයෙන් ක‍්‍රියාවට නැගීමට සැලසුම් කරන ලද බව අමතක කළ යුතු නැත. ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සමග මෙම සැලසුම් ආපසු හැරවීය. විශේෂයෙන් රට තුළ මහත් බලාපොරොතු වැඩෙමින් තිබුණ සංචාරක කර්මාන්තයට එල්ල වූයේ මරු පහරකි. ශ‍්‍රී ලන්කන් ඇතුළු රටට සංචාරකයන් ගෙන්වන ගුවන් සේවා වල ගමන් වාර අවලංගු කරන තරමට තත්ත්්වය දරුණු වූ අතර තරු සංචාරක හෝටල් වල කාමර පරිහරණය ඉතාම අවම මට්ටමකට පත්විය. සමහර හෝටල වල අනියම් කාර්ය මණ්ඩලය ගෙදර යවා තිබේ. සංචාරක කර්මාන්තයට සේවා සැපයීමෙන් අනියම් අන්දමින් යැපෙන විශාල පිරිසකට දුෂ්කරතා මතු විය. එවැනි පසුබිමක් තුළ රජයේ ව්‍යවසායකත්ව ඇති කිරීමේ වැඩ පිළිවෙළ අසාර්ථක වනු වැළැක්විය නොහැකිය.

ශ‍්‍රී ලංකා මහ බැංකුව ආර්ථිකය හසුරුවා ගන්නට හැකි වනු ඇති බවට අදහසක් පළ කරන නමුත් වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය ඉතාම සුළු එකක් වනු ඇත. ලෝක ප‍්‍රකට රේටිං සමාගමක් වන ෆිට්ච් සමාගමට අනුව මෙම වසරේ වර්ධනය කලින් උපකල්පනය කළ සියයට 3.6 ට නොව සමහරවිට සියයට 2 ක් විය හැකි බව කියා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාවකාලික ණය සංචිතය වසර 2020 දක්වා දීර්ඝ කර එහි අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164 ක මුදල නොවේ නම් මෙරට ගෙවුම් ශේෂය වඩා අර්බුදකාරී විය හැකි අතර ණය ආපසු ගෙවීම පමණක් නොව රටට අවශ්‍ය විදේශ ණය ගැනීම ද අවදානම් වනු ඇති බව ඔවුහු පෙන්වා දී තිබුණි. කෙසේ නමුත් සංචාරක විනිමය ඉපැයීම පහත වැටීම පදනම් කරගෙන ජංගම ගිණුමේ ශේෂය ඉහළ යනු ඇති අතර වසර 2022 දක්වා ගෙවන්නට ඇති විදේශ ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 16.8 හා සංචිත සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියන හතක පමණ ප‍්‍රමාණය වෙනුවෙන් සෑහෙන පීඩනයක් ඇති වනු ඇති බව පෙන්වා දී තිබේ. මේවා ආර්ථිකයට දැනෙන, ජන සමාජයට විඳින්නට සිදුවන සැලකිය යුතු කාරණා බව සඳහන් කළ යුතුය.  ආර්ථිකයේ පවතින පීඩනය ඉක්මනින් ආපසු හැරවීමක් සිදුවිය නොහැකිය. දරුවන්ට පාසල සුරක්ෂිත තැනක් යැයි විශ්වාසයක් ජනිත වනු සඳහා මාසයක් ගත වී තිබේ. අනෙක් අංශවලට ද එය එසේමය. ආර්ථිකය ඉතා සංවේදී වන අතර වර්ධනය කෙසේ වෙතත් ආපසු කලින් තිබුණ පරිසරය දිනා ගන්නට වසර දෙකක් පමණ ගත වීමට ඉඩ තිබේ. විශේෂයෙන් සංචාරකයන්ට එම කාල පරාසය අවශ්‍ය වනු ඇත. විශ්වාසය තහවුරු කිරීම ආණ්ඩුවේ පළමු වැඩ පිළිවෙළ විය යුතුය. මෑත කාලය තුළ ආණ්ඩුවේ තිබුණ බෙදීම හා තීරණ ගැනීමට දක්වන දුබලතාව විශ්වාසය තහවුරු කිරීමේ දී ප‍්‍රබල අවහිරයකි. පාර්ලිමේන්තුවේ දී රට හා ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන එන්නට අනුගමනය කරන පිළිවෙත ගැන මධ්‍යස්ථ ජනතාව තුළ පවා කුකුසක් පැන නැගී ඇති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

ශ‍්‍රී ලංකාවේ අනාගතය සැලසුම් කර අලූත් ගැම්මක් ගැනීම පහසු නැත. විශේෂයෙන් ජනාධිපතිවරණයක දින වකවානු නිශ්චිතව තිබේ. පළාත් සභා ඡුන්දය පැවැත්විය යුතුව ඇත. ඉනික්බිතිව මහ මැතිවරණයකට කාලවකවානු එළැඹෙයි. අලූත් ආණ්ඩුවක අලූත් ප‍්‍රතිපත්ති මාලාවක් හැර නව ප‍්‍රවේශයක් නොපෙන්වයි. වත්මන් පාලකයන්ට ජනතාව හමුවට ගොස් නැවත ජන වරමක් තුළින් බලය තහවුරු කරගතහොත් විශ්වාසය දිනා ගෙන අලූත් ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළකට ඉඩ තිබේ. මෙම ආණ්ඩුව හෝ වත්මන් ආණ්ඩුවේ කවර ආකාරයේ අලූත් ප‍්‍රතිපත්ති හෝ ප‍්‍රතිසංවිධාන වැඩ පිළිවෙලක් දෙස පවා ජනතාව තාවකාලික පැලැස්තරයක් සේ දකින්නට වැඩි අවකාශයක් තිබේ. එය අන්තවාදී ප‍්‍රහාරයෙන් ඔද්දල් වූ ආර්ථිකය තවත් තරමක පෑරෙන තත්ත්වයක පිහිටීමක් වශයෙන් කල්පනා කිරීම නරක නැත.

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකුට විශ්වාසභංග යෝජනාවක් භාර දී තිබේ. කථානායකවරයා එම යෝජනාව හමුවේ ක‍්‍රියා කරන ආකාරය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට ඉතා තීරණාත්මකය. අවසානයට පැවැති විශ්වාස භංග යෝජනාව තාවකාලික පැති මාරුවකින් බලයට පත් වූ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව වූ අතර එහිදී යුහුසුළු වූ ආකාරය අද ආණ්ඩුවේ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට නැත. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති අතර එය ගැන පවත්වන පුවත් පත් සාකච්ඡුාවේ දී න්‍යාය පුස්තකයේ පිළිවෙළ අනුව ඇමැතිවරයාගේ විශ්වාසභංග යෝජනාවට පසු ආණ්ඩුවට එරෙහි යෝජනාව ලේඛන ගත විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණයෙන් කියා සිටි කරුණකි. ආණ්ඩුවට පැති දෙකකින් එල්ල වී ඇති අවිශ්වාසය ගැන යෝජනා හමුවේ නිර්භීතව පෙනී සිටින්නට සමත්වීම ජන සමාජය තුළ නැවත විශ්වාසය ජනිත කරන්නට හේතු වන ප‍්‍රබල සාධකයක් බව සඳහන් කළ යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම ගැන පවතින පසුබිම එසේ තිබිය දී ආර්ථිකයේ සැලසුම් ගැන ආයෝජකයන් හෝ ව්‍යවසායකයන්ට ප‍්‍රමාණවත් විශ්වාසයක් ඇති කරගත හැකිද?

ලෝකයේ නොයෙක් රටවල නොයෙක් අහියෝග ඇති වෙයි. පිපිරීම් සිදුවෙයි. ත‍්‍රස්තවාදී ප‍්‍රහාර විය හැකිය. කැරලි කෝලාහල හෝ යුද තත්ත්ව වෙන්නට බැරි නැත. ඒවා මැඩ නැවත නැගී සිටින සැලසුම් සහගත වැඩ පිළිවෙළක් රහිත වුවහොත් සමාජ ඒකාග‍්‍රතාව බිඳ වැටේ. එය අසමතුලිත තත්ත්වයකි. සිද්ධියකට පසු එකිනෙක පාර්ශ්ව කෙරෙහි සැකයෙන් හා වෛරයෙන් බලන පසුබිමක් තිබීම ඉතා භයානකය. සෑම අංශයකම ආගමික හා ජන නායකයෝ එය මැනැවින් වටහාගෙන පළුදු පිළියම් මකා එක් සේසත් කරන්නට අවශ්‍යය. දේශපාලන නායකත්වයට ගැඹුරු වගකීමක් තිබේ. දස වසරකට කලින් රටේ පැවැති භයානක ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව නැවත සුවපත් කරන වැඩ පිළිවෙළකට ගමන් කරමින් සිටිය දී පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව සිදුවිය. දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා වැඩ පිළිවෙළක් වෙනුවෙන් දේශීය මෙහෙයැවීමක් හා එය වෙනුවෙන් බලවත් ජාත්‍යන්තර බලපෑමක් තිබුණි. එසේ තිබිය දී පවා රට නැවත එකතු කරන්නට අනුගමනය කළ වැඩ පිළිවෙළ ගැන තදබල විවේචන තිබුණි. රට එකමුතු කරන අතර විවෘත භාවය මැනැවින් ඇති කළ යුතු විය. එහෙත් අපට එවැනි විශිෂ්ට භාවයක් අත්පත් කරගත නොහැකි වූ අතර දේශපාලන නායකයන්ගේ පටු අවස්ථාවාදී බව එයට එකම හේතුව බව දැක්විය යුතුය. එහි ප‍්‍රතිවිපාක අද පෙනෙන්නට තිබේ. සමාජය තුළ දෙදරීම් අන්තයට ගොස් ඇත. එය ආර්ථිකයට විශාල අවහිරයකි.

ජන සමාජය තුළ විශ්වාසය තහවුරු කළ යුතුය. නැවත නැවතත් පෙන්වා දිය යුතු ප‍්‍රධාන සැලැස්ම එයයි. විශ්වාසය අඩු අවස්ථාවක ඉහළම අවදානමක් ඇති තැනක තමන්ගේ ධනය ආයෝජනය කරන්නේ කවුද? පළමුවෙන් කුඩා සමාජ ඒකක අතර අන්‍යොන්‍ය සම්බන්ධතා දියුණු කරන කවර හෝ සක‍්‍රීය යෝජනා ක‍්‍රියාවට නැගීම අවශ්‍යය. සැකය දුරු කරනු සඳහා වැදගත්ම කාරණය විනිවිද භාවයයි. සියලූ පාර්ශ්වවලට එකතු වී එකට ගමනක් ඇති බව සාක්ෂාත් කළ යුතුය. එය පහසු නැත. අලූත් වැඩ පිළිවෙළකින් තොරව එය කරන්නට හැකියාවක් නැත. අවකාශයක් හැදෙන්නේ කොතැන දැයි දේශපාලන හා ආගමික නායකයෝ අලූතින් හිතන්නට අවශ්‍යය. වගකීමක් ඇතිව ක‍්‍රියා කළ යුතු නිහ`ඩව තීන්දු ගත යුතු වකවානුවක් අභිමුවෙහි පවතී.

ජී.කේ.ජී. සරත්

  1. භාණ්ඩ වර්ජනයේ ආර්ථික හානිය
  2. මහ බැංකු වාර්තාවෙන් රටට කරන අනතුරු ඇඟවීම
  3. ප්‍රතිත්‍රස්ත පනත හා ත්‍රස්තවාදයට උඩගෙඩි දීම
  4. පාස්කු ඉරිදා ප්‍රහාරය දවුලා ඉස්ලාමික් ස්ටේට් වැඩක්
  5. සමෘද්ධි බැංකු අර්බුදය
  6. නැකත් වේලාව මග හැරුණාට අසුබ නැහැ
  7. “හොඳ රටක් හොඳ හෙටක්“ වෙනුවෙන් බිහි වුණ BEYOND 2020 SRI LANKA වෙතින් රට හදන්න යෝජනා 20ක්
  8. විදුලි අර්බුදයට මුල ඉංජිනේරුවන්ට වඩා තමන් දන්නා බව සිතන දේශපාලනඥයන්
  9. රටම අඳුරේ තැබූ විදුලියේ මාෆියාව
  10. පෞද්ගලික අංශය වහල්ලූ කරන නව කම්කරු පනත් කෙටුම්පත
  11. ආර්ථිකය නැංවීමේ වගකීම බැංකුවලට භාරදී තිබේ
  12. ජිනීවා දැලි පිහියෙන් කිරි කෑම
  13. ජිනීවා මර උගුල
  14. රජයේ සේවක වැටුප් ගෙවන්නට වත්කමක් නැති ආර්ථිකය
  15. දෙපැත්තකින් අර්බුදයකට මුහුණ පා ඇති තේ කර්මාන්තය
  16. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරන්න පුළුවන්ද?
  17. නිදහස් දවසේවත් ඥානසාර හාමුදුරුවන්ට නිදහස ලැබෙයිද?
  18. අලුත්ම කෙල්ලෝ කොල්ලො ලක්ෂ 14ක් මෙදා සැරේ ඡන්ද ‍පොළේ
  19. රට බෙදෙන බව කියන ඔරුමිත්තනාඩුව සොයා ගියෙමු
  20. කොටුගොඩ මහනාහිමි ඉල්ලන සෙනට් සභාව
  21. නුදුටු ව්‍යවස්ථාවකට චෝදනා එල්ල කිරීම සාධාරණද? - මහාචාර්ය කේ.එන්. ඕ. සොයිසා
  22. ලෝක උරුම සිංහරාජය වනසමින් මාර්ග 02ක් ඉදිකෙරේ
  23. අපනයන නැංවීමෙන් රුපියල ශක්තිමත් කළ හැකිය
  24. සේනා මඩින්න ඩ්‍රෝන
  25. අයවැයෙන් වාර්තාගත සහන ලබාදිය නොහැක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.