lakbima.lk

සේනා මඩින්න ඩ්‍රෝන

 පළිබෝධ මර්දනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩ්‍රෝන තාක්ෂණයඅත්හදා බැලීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර සේනා දළඹු මර්දනයසඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීම මඟින් කෘමිනාශක ඉසීමේ පරීක්ෂණ කටයුතුඊයේ (03)  ගලෙන්බිදුණුවැව බඩඉරිඟු වගාව ආශ්‍රිතව අත්හදා බැලීම සිදුකෙරේ. මෙමතාක්ෂණය සේනා දළඹු මර්දනය සඳහා යොදා ගැනීමට හැකිදැයි සොයා බලන ලෙස කෘෂිකර්මඅමාත්‍ය, ධීවර, වාරිමාර්ග, පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

 “සේනා” දළඹු විශේෂය (Fall Army Worm) මේවනවිට මෙරට බඩ ඉරිඟු වගාවට බරපතල තර්ජනයක් එල්ල කර තිබේ.

සේනා දළඹුවා මර්දනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්මදෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් අරඹා ඇති අතර, ඒයටතේ ගොවිජනතාව දැනුම්වත් කිරීම, කෘමිනාශක වර්ග 04ක් නිර්දේශ කිරීම, කෘමිනාශක මිලදී ගැනීම සඳහා 50%ක සහනාධාරයක් ලබාදීම මෙන්ම සේනා දළඹු මර්දනයසඳහා එක් එක් අංශවලින් සමන්විත කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීම වැනිපියවර රැසක් මේ වනවිට ගෙන තිබේ.

මෙම වැඩපිළිවෙල සාර්ථක වන්නේ නම් මහ පරිමාණයෙන් බඩඉරිඟු වගා කර ඇතිප්‍රදේශවලට කෘමිනාශක ඉසීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්මඅමාත්‍යාංශය තීරණය කර ඇත.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.