lakbima.lk

අලූත් ආණ්ඩුව හමුවේ ඇති ආර්ථික අර්බුද

වසර තුනකුත් හා මාස දෙකක ආයු කාලයක් ගත කළ යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තීන් අවසානයක් කරා ළඟා වී තිබේ. පැවැති මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව වෙනුවට මෛත‍්‍රී-මහින්ද ආණ්ඩුවක් බලයට පැමිණ ඇත. දේශපාලන බල හුවමාරුව සිදුවූයේ මැතිවරණයක් අවසානයේදී ආණ්ඩුවක් බලයට පත්වන සාමාන්‍ය ක‍්‍රමයට වඩා වෙනස් ආකාරයකටය. තීරණ ගැනීම අරබයා දුර්වල බවට සෑහෙන වතාවක් චෝදනා ලැබීම අභිභවා කඩිනම් තීරණ ගැනීමට ආණ්ඩුවකට ඇති හැකියාව පෙන්වන කදිම අවස්ථාවකි. මෙරට ආර්ථික සහ සමාජීය කටයුතුවලදී මෙවැනි යුහුසුළු භාවයක් පෙන්නුම් කරන්නට සමත් වූයේ නම් රට අද පවතින ස්වභාවය මෙයට වඩා සහමුලින්ම වෙනස් එකකි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු නැවත සමාලෝචනය කරන ලද කොළඹ වරාය නගර සංකල්පය ගිවිසුමක් අත්සන් කරන්නට වසර දෙකහමාරක් ගත විය. විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්දියාවෙන් ලැබෙන බලාගාරය ගල් අඟුරු එකක්ද නැත්නම් ද්‍රව වායු එකක් දැයි තීරණය කර ඉදිකිරීමට තවමත් හැකියාව ලැබී නැත. අධිවේගී මාර්ග, ආයෝජන වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීම, ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් වැනි කාරණා ගැන අවුරුදු ගණන් වාද විවාද කරමින් සිටියේය. සාමසර කන්ද නායයාම, සාලාව පුපුරා යාම හා කසළ කන්ද කඩා පාත්වීමෙන් අසරණ වූ සමහර දෙනකුට වන්දි ගෙවීම වැනි තීරණ ගැනීමට තවමත් හැකියාව ලැබී නැත. එසේ තිබියදී මැති ඇමැති දීමනා වැඩි කරගැනීම, බදු රහිත වාහන මිලදී ගැනීම වැනි තමන්ට අවශ්‍ය දේ වෙනුවෙන් ආණ්ඩුව ඉක්මනින් තීරණ ගත්තේය. එයටත් වඩා වේගවත් භාවයක් ආණ්ඩු බලය මාරු කරගැනීමේදී මෙරට දේශපාලනඥයෝ දක්වා ඇති බව කැපීපෙනෙන කරුණකි.

අලූතින් පත් වූ ආණ්ඩුව සිය දේශපාලන ශක්තිය තහවුරු කරගෙන ස්ථාවර භාවයක් පෙන්වන තෙක් ආර්ථික විෂයය අලලා ඉක්මන් වෙනසක් අපේක්ෂා කළ නොහැකිය. නව පාර්ලිම්න්තු සැසි වාරය ආරම්භ කරන අවස්ථාවේදී විශේෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් එළිදකිනු ඇත. ඒවා ක‍්‍රියාත්මක කරන්නට ධනය අවශ්‍යය. අය වැය යෝජනාවකින් හැර විශාල පරිවර්තනයක් බලාපොරොත්තුවීමට හැකියාවක් නැත. දැනට පවතින දේශපාලන රාමුව අනුව 2019 වසර සඳහා අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කලින් එම වසර සඳහා තාවකාලික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන ඉඩ ඇත. එය රජයේ මූලික වියදම් වෙනුවෙන් විනා සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් නොවේ. ආදායම ගැන නොසලකා වියදම ගැන තීන්දු ගන්නා පසුබිමක් තුළ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ පවතින ගැටලූ තවත් උග‍්‍රවීමට අවකාශයක් ඇත.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්වභාවය කෙබªද? දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති හිටපු මුදල් අමාත්‍යවරයාගේ විසර්ජන පණත අනුව 2019 වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 2,432 කි. වියදම රුපියල් බිලියන 4,376 ක් වන අතර ආදායම හා වියදම අතර පරතරය රුපියල් බිලියන 1,944 කි. අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 3.5 - 4 අතර පවත්වාගෙන යන සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටට දන්වා තිබුණි. පැහැදිලිවම එය අභිභවා යන හිඟයක් පියවන අභියෝගයට මුහුණදීමට පසුගිය ආණ්ඩුව සූදානම් වී සිටියේය. වත්මන් අගමැති හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බදු අඩුවිය හැකි බවට ඉඟි කර ඇත. ඛනිජ තෙල් මිල සූත‍්‍රය අහෝසි කරන බව ප‍්‍රකාශ වී තිබේ. මෙවර අයවැය මගින් විදුලිය මිල සූත‍්‍රයක් වෙනුවෙන් යෝජනාවක් ගෙන එන සූදානමක සිටි අතර ශී‍්‍ර ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට පැවැති ආණ්ඩුව තීරණය කර තිබුණි. එය වෙනුවෙන් පූර්ව සූදානමක් වශයෙන් ශී‍්‍ර ලන්කන් හි සියලූ ණය මහා භාණ්ඩාගාරය භාරගත්තේය. අලූත් ආණ්ඩුව ඛනිජ තෙල් මිල සූත‍්‍රය පැත්තකට කරන අතර විදුලිය මිල සූත‍්‍රයක් ගැන කිසිසේත් හිතන්නේ නැත. ශ‍්‍රී ලන්කන් ඇතුළු රාජ්‍ය ව්‍යවසාය විකුණන අදහසක් ද නැත. මේවා රටට අති විශාල අතිරේක පිරිවැයක් දරන්නට සිදුවන කාර්යය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ආණ්ඩුව ආදායමක් උපයන්නේ කෙසේද? වියදම කළමනාකරණයට අලූත් මාර්ග රහිතව පවතින ආර්ථිකයේ ප‍්‍රතිලාභ ජනතාවට අත්පත් කර දිය හැකිද? පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 3.1 ක පැවැති බව අමතක කළ යුතු නැත. 2018 වසරද අඩු ආර්ථික වර්ධනයක පැවැතිය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ආර්ථික වර්ධනයකින් තොරව ජනතාවට සහන අත්පත් කර දිය හැකි නොවේ.

ශ‍්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන හරඹය දෙස බටහිර රටවල් අවධානයෙන් බලා සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අනුගමනය කරන සේ ඉල්ලන එම රටවල් පාර්ලිමේන්තුව රැුස් කරන සේ දන්වා ඇත. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඒ අතර සිටී. මෙම රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන හිතන ස්වභාවය අනුව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන තීන්දුවලට එළැඹෙන්නට බැරිකමක් නැත. තීරු බදු රහිත අපනයන වෙනුවෙන් දී තිබුණ වරප‍්‍රසාදවලට කොන්දේසි ඇතුළත් කරන්නට ඉඩ තිබේ.

යහපාලන ආණ්ඩුව බලයට පත්කරන්නට ඡන්දය පාවිච්චි කළ මෙරට පුරවැසියන්ට අසීමිත බලාපොරොත්තු තිබුණි. ඒවායෙන් කොටසක් යහපත් රාජ්‍ය පාලනය අරබයා බව සඳහන් කළ යුතුය. අලූත් ව්‍යවස්ථාවක්, මනාප ක‍්‍රමය අහෝසි කරන මැතිවරණ ක‍්‍රමයක්, දුෂණය හා වංචා තුරන් කරන වැඩපිළිවෙළ සහ විනිවිද පෙනෙන පාලනයක් ඒවා අතර ප‍්‍රමුඛ තැනෙක විය. ආර්ථිකය සම්බන්ධයෙන් ද එයට නොදෙවෙනිය. රාජ්‍ය ව්‍යවසාය අරබයා සිංගප්පූරුවේ ටමසෙක් ව්‍යුහය වැනි එකක් නිර්මාණය කරන අතර අලූත් ආයෝජන හා ව්‍යවසාය මගින් දස ලක්ෂයක් රැකියා බිහි කරන බව ප‍්‍රකාශ වී තිබුණි. මහා ආයෝජන වශයෙන් කුලියාපිටියේ වොක්ස්වාගන් කම්හල, හොරණ ටයර් කම්හල මතක තිබේ. ජාත්‍යන්තර ප‍්‍රජාව ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට විශාල වශයෙන් සූදානම්  වී සිටියේය. නමුත් මෙම එකක් වත් සාර්ථක අවසානයක් දක්වා ගමන් කළේ නැත. ව්‍යවස්ථා වෙනස්කම්වලට වඩා ජනතාව ඉල්ලා සිටියේ හොඳ යටිතල පහසුකම්ය. පොදු ප‍්‍රවාහනය විධිමත් කර ජනතාවගේ ගමන් බිමන් පහසුව ඇති කළේ නම් ජනතාව යහපාලනයට අත් වූ ඉරණම ගැන අදට වඩා ශෝක වනු නිසැකය. දරුවාට හොඳ පාසලක් සොයා ගන්නා සාධාරණ ක‍්‍රමයක්, හොඳ සෞඛ්‍ය පහසුකම් ලැබෙන වාතාවරණයක් හෝ මැදි ආදායම් ලබන ජන කොටසගේ මූලික අවශ්‍යතා සම්පාදනය කරන ව්‍යුහයක් ගැන අවධානය යොමු කළේ නම් ජනතාව  යහපාලනයෙන් ඈත් කරන්නට හැකියාවක් නැත. අති විශාල දුෂණ හා වංචා ගැන මතු කරන ලද මත හා ඒවා විභාග කරන්නට ගත් පියවර අසාර්ථක වන අතරවාරයේ ආර්ථික ගැටලූ ද ඉහ වහා යන අවස්ථාවේ දී ජනතාව වෙනසක් ඉල්ලමින් සිටි බව අවිවාදිතය. ආණ්ඩු බලය අල්ලාගත් ක‍්‍රමය ගැන ඇති තරම් වාද කළ හැකි නමුත් යහපාලන ආණ්ඩුවේ ගමන නතර කිරීම ගැන මධ්‍යස්ථව හිතන ජනතාව තුළ යම් අදහසක් තිබේ’.

එවැනි අවසානයකට පසු ජනතාවගේ හද ගැස්ම තේරුම් ගන්නා පාලන ක‍්‍රමයක් ඇති කිරීමට මූලික පදනම සකස් කිරීම ඉතාම වැදගත්ය. දේශපාලනඥයන් කෙරෙහි ඇති ජනතා කලකිරීම හා විශ්වාසයක් රහිත භාවය තුරන් කිරීමට යම් පියවරක් ගැනීම අවශ්‍යය. ඒවා සාකච්ඡා කරමින් කාලය නාස්ති කළ යුතු දේ නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ජනතාව වෙනුවෙන් රට පාලනය කිරීමයි. මහජනතාව මත අධික බදු පනවා ඒවායෙන් ලැබෙන ආදායමෙන් රාජ්‍ය වියදම පියවා ගැනීම ආණ්ඩුවක ප‍්‍රතිපත්තිය විය යුතු නැත. එක පැත්තකින් රජය උපයන ආදායමට සමාන වන තෙක් ආණ්ඩුවේ වියදම් සීමා කළ යුතුය.  නැත්නම් ආණ්ඩුව ධනය උත්පාදනය කරන ක‍්‍රම සකස් කළ යුතුය. නිෂ්පාදනය නැංවිය යුතු අතර එය කිරීමේ දී කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. කර්මාන්ත, ව්‍යාපාර හෝ සේවා අංශ නංවා ආර්ථිකය දියුණු කිරීම ආණ්ඩුවට පමණක් කළ නොහැකි අවස්ථා වල දී පෞද්ගලික අංශයට ඒවා කරන්නට මනා වාතාවරණයක් සකස් කිරීම සුදුසුය.

මෑත කාලය තුළ ගත් ආර්ථික තීන්දු හෙයින් ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශ කලකිරීමට ලක් වූ අතර සෑම ව්‍යාපාරයක්ම අධික බදු නිසා ආයෝජන ශක්‍යතාවය පිරිහී ගිය තත්ත්වයට පත්විය. දේශීය ව්‍යවසායකයන් අධෛර්යයට පත්වන වකවානුවක විදේශීය සෘජු ආයෝජන ගැන කතා කළ හැක්කේ කෙසේද? ආර්ථික සක‍්‍රීය භාවය ඇති කිරීමෙන් විනා රටට අලූත් වෙනසක් කරන්නට හැකියාවක් ඇති බවක් නොපෙනේ. ආණ්ඩුව අතර මෙතෙක් නොපැවැති එ`කගතාවයක් පාදා ගෙන ඇත්නම් ආර්ථික ප‍්‍රතිපත්ති ගැන අලූත් අවධානයක් යොමු කර වහා තීරණ ගැනීම හැර අන් යමක් රටට අවශ්‍ය නැත.

ජී.කේ.ජී. සරත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.