lakbima.lk

සමෘද්ධි බැංකු අර්බුදය

දුප්පත්ව ජීවත්වන දරු පවුල් වෙත සහන සලසනු අරමුණු කරගෙන සමෘද්ධි වැඩසටහන ආරම්භ කෙරිණි. 1995 අවුරුද්දේ දී එවකට පැවැති ජනසවිය වැඩසටහනට විකල්පයක් වශයෙන් ආරම්භ කළ නමුත් එහි එපමණ ආකෘතිමය වෙනසක් නොවීය. ආහාර මුද්දර, දිළිඳු සහන වැනි දුගී ජන කොටස් වෙත සෘජුව ආණ්ඩුවේ ආධාර සැපයෙන ක‍්‍රමවේද වෙනුවට පසු කාලීනව ජනසවිය වැඩසටහන හඳුන්වා දුන් බවද දැක්විය යුතුය. 
 
ජනසවිය හා සමෘද්ධි වැඩසටහන්වලට හුදෙක් මුදල් හෝ භාණ්ඩ බෙදාදෙන අතර අඩු ආදායම් ලබන ජනතාව සවිබල ගන්වන උපාය මාර්ගයක්ද ඇතුළත් විය. දුගී චක‍්‍රයේ ගිලී සිටින ජනතාව සමාජ සජිවීකරණයක් තුළින් ආකල්ප වෙනසක් ඇති කෙරේ. එය පවතින සම්ප‍්‍රදායෙන් ගැලවී අලූත් යුගයකට ඇතුළු වනු සඳහා මග පෙන්වීමකි. දුගී ජනතාව ගිලී ඇති රාමුවෙන් ගැලවෙනු ස`දහා මග පෙන්වීම අරමුණු කරගෙන රට පුරා සමෘද්ධි සංවර්ධන නිලධාරී යාන්ත‍්‍රණයක් පවතී. මෙම නිලධාරීහු ස්වකීය රාජකාරි ස්වභාවයේ පවතින පැරණි රාමුව වෙනස් කිරීමට ආණ්ඩුව එළැඹ ඇති තීරණයට එරෙහිව වර්ජනයක් අරඹා ඇත. තමන් වෙනස්වීමට අකමැති නිලධාරී පිරිසක් සමාජය වෙනස් කරන්නට ප‍්‍රයත්න දරන්නේ කෙසේද?
 
සමෘද්ධි සංවර්ධන නිලධාරීහු සහ කෘෂි නිෂ්පාදන සහකාර නිලධාරීහු සිය සේවා අත්හැර වර්ජනයක් ආරම්භ කර ඇති බව අනාවරණය වෙයි. වර්ජනය සමග සියලූ සමෘද්ධි සහන වැඩ සටහන්වල පසු විපරම් කටයුතු ඇන හිට තිබේ. ණය යෝජනා ක‍්‍රම හා ණය ආපසු අය කරගැනීමේ ක‍්‍රියාවලියට බාධා හටගෙන ඇත. 2019 අය වැය අනුව අලූතින් ලක්ෂ හයක පිරිසක් සමෘද්ධි හිමිකම් සඳහා තෝරා ගැනෙනු ඇත. සමෘද්ධිලාභීන් වෙනුවෙන් අඩු පොලී අනුපාත යටතේ ණය පහසුකම් සැපයෙන ක‍්‍රමයක් ද හඳුන්වා දී තිබේ. නිලධාරී වර්ජනය හෙයින් මේවා අඩාල විය හැකිය. සේවය ස්ථිර කරන සේ බල කරන ලද නිලධාරීන්ගේ ඉල්ලීම සාක්ෂාත් වී තිබේ. 
 
සමෘද්ධි අධිකාරියේ සේවය කරන අවස්ථාවේ දී ලැබුණ බෝනස් හා සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය අහිමිකර ඇත. අර්ධ රාජ්‍ය ආයතනයක හා රාජ්‍ය සේවය අතර වෙනසක් තිබේ. සම්පූර්ණ විශ‍්‍රාම වැටුප් සහිතව සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රතිලාභවලට හිමිකම් කියන්නට පුළුවන්කමක් නැත. නිලධාරීන්ට තමන්ට ගැළපෙන ව්‍යුහය තෝරා ගැනීමේ වගකීමක් තිබේ. වර්ජනයෙහි නිරත පිරිස සමග සාකච්ඡුා කරන්නට අදාළ  අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ නමුත් රාජ්‍ය පරිපාලන නීති වෙනස් කිරීමට සූදානම් නැති බව ප‍්‍රකාශ වී තිබේ. 
 
ජනසවිය වැඩ සටහන අවසන් කර දිවි නැගුම ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේ දී ලෝක බැංකුව මෙරටට අවවාදයක් කළේය. රජයට අනුබද්ධ සේවාවලට රාජ්‍ය සේවයෙන් පරිබාහිර කණ්ඩායම් බඳවා ගෙන අරමුදල්වලින් නඩත්තු කිරීමෙන් වැළැකිය යුතු බව එම අවවාදයයි. එයට හේතුව ජනසවිය වැඩසටහනට එකතු කරගෙන සිටි එක්සත් ජාතික පක්ෂයට හිතවත් කණ්ඩායම පසුව ග‍්‍රාම නිලධාරීන් හා කෘෂිකර්ම සහකාරකවරුන් වශයෙන් රජයට අන්තර් ග‍්‍රහණය කරගැනීමේ තීරණයයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කර බලයට පත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සමෘද්ධි වැඩ සටහන ආරම්භ කළ අතර එයට අලූතින් සේවක පිරිස බඳවා ගත්තේය.
 
සමෘද්ධි නම වෙනස් වී දිවි නැගුම වැඩසටහන ආරම්භ කළ අතර එයටද අලූත් නිලධාරීහු එකතු වූහ. වත්මන් ආණ්ඩුවේ මුල් කාලයේ තිබුණ සන්ධාන අවධියේ දී නැවතත් දිවි නැගුම වැඩසටහන සමෘද්ධි බවට පත් වූ අතර එයට ද අලූතින් තම හිතවාදී කණ්ඩායම් බඳවා නොගත්තේ යැයි කියන්නට පුළුවන්කමක් නැත. ආණ්ඩු වෙනස්වන, අලූතින් පත්වන වාරයක් පාසා දහස් ගණනින් නිල නොවන අන්දමට රජයට එකතුවන නිලධාරී පිරිස විශාලය. අද වන විට රාජ්‍ය සේවය ලක්ෂ දහහත ඉක්මවා තිබේ.
 
රජයේ ආදායම මෙම පිරිසට වැටුප් ගෙවන්නට ප‍්‍රමාණවත් නැත. රජයේ කාර්යාලවල විශේෂයෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට රාජකාරි කටයුතු කරන්නට පුටුවක් හෝ මේසයක් පවා නැති තරමට රජයේ සේවක පිරිස ඉහළ ගොස් තිබේ. මෙම සියලූදෙනා වෙනුවෙන් ජනතාව බදු ගෙවන අතර ජනතාවගේ බදුවලින් වැටුප් ලබන සේවකයන් අකාර්යක්ෂම නිසි සේවයක් නොසලසන පිරිසක් බවට රජයේ ඉහළම දේශපාලනඥයන්ගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.
 
ලෝක බැංකුව කළ අවවාදය වැරදි එකක් නොවන බව මෙයින් තේරුම් ගත හැකිය. 
සමෘද්ධි නිලධාරීහු පසුගිය වසරේ අගෝස්තු මැද භාගයේ තම අමාත්‍යාංශය වටලා සේවා අයිතිවාසිකම් ඉල්ලා සිටියහ. අලූත් අවුරුද්ද අවසන් වීම සමග  ඔවුහු නැවත වෘත්තීය ක‍්‍රියා මාර්ගවලට අවතීර්ණ වී සිටිති. රට පුරා සේවය කරන නිලධාරීන් දහහතර දහසක් පමණ බව කියැවේ. මෙයින් හත්දහසක් පමණ පසුගිය වසරේ අවසාන කාර්තුවේදී ජනාධිපතිවරයා අතින් ස්ථිර පත්වීම් ලබා ගත් අයයි. 
 
ඉදිරි කාලය තුළ සෙසු පිරිස ද ස්ථිර සේවයට ඇතුළත්වන වරප‍්‍රසාදය ලැබෙනු ඇත. ස්ථිර සේවයට අන්තර් ග‍්‍රහණය වන විට හිමි සේවා අයිතිවාසිකම් ප‍්‍රමාණයක් තිබේ. පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය ආයතනවල වැඩ කරන විට ලැබෙන අයිතිවාසිකම් වෙනස්ය. රජයේ සේවය කරන මාණ්ඩලික සේවයේ පිරිසට නිසි සේවා කාලයට පසු තීරු බදු රහිත වාහන බලපත‍්‍රයක් ලැබේ. එය පැවැරීමටද හැකිය. පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය අංශයට එම වරම නැත. ලාභ ලබන පෞද්ගලික සමාගම් ලාභයෙන් කොටසක් බෝනස් නොඑසේනම් ප‍්‍රසාද දීමනා වශයෙන් ගෙවයි. 
 
එය සේවා සපයන පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයන්ට හිමිකම් කියන්නට නොහැකි වරප‍්‍රසාදයකි. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමය වෙනස්ය. බිලියන අසූහතක් අවුරුද්දකට පාඩු ලබන විදුලිය බල මණ්ඩලය සිය සේවකයන්ට බෝනස් ගෙවයි. ආණ්ඩුව කැමැතිනම් කැබිනට් අනුමැතිය ඇතිව ආගමික නායකයන් හෝ ප‍්‍රභූවරුන්ට තීරු බදු රහිත වාහන බලපත‍්‍ර නිකුත් කළ හැකිය. ප‍්‍රතිපත්ති පටලවා ගෙන තිබේ. ලාභ නොලබන ආයතන ප‍්‍රසාද දීමනා ගෙවන අතර තීරු බදු රහිත පහසුකම් අහිමි පිරිස ඒවා භුක්ති විඳින විට දේශපාලන හයියෙන් සේවයට පැමිණි සමෘද්ධි නිලධාරීහු විශ‍්‍රාම වැටුප හා බෝනස් යන දෙකම ඉල්ලා සිටීම පුදුමයක් නොවේ. 
 
මෙතැන ප‍්‍රතිපත්ති සම්බන්ධ ගැටලූවක් තිබේ. ආණ්ඩුව මුල සිට සියල්ල නිවැරදි කළ යුතුය. පත්වීම් දෙන ආකාරය හා ඒවාට හිමි වරප‍්‍රසාද වෙන්කර ප‍්‍රකාශයට පත් කළ යුතුය. රජයේ සේවකයන්ගේ දැනගැනීම පිණිස ප‍්‍රසිද්ධ කිරීම සුදුසුය. 
 
රට දියුණු වන විට දුගී පිරිස සීමා සහිත වෙයි. නමුත් ශ‍්‍රී ලංකාව මැදි ආදායම් මට්ටමට එන විට තව තවත් සමෘද්ධි සහන දෙන යෝජනා ගෙන එයි. එයට හේතුව දේශපාලනයයි. රුපියල් පන්සියයක සිට එක්දහස් පන්සියයක් දක්වා දීමනාවක් ආණ්ඩුවෙන් දෙන අතර එමගින් තම පාක්ෂිකයන් නඩත්තු කිරීම දේශපාලන පක්ෂවල ක‍්‍රමය වී තිබේ. දුගී පිරිස එකතු කර අලූත් සැලසුම් හදන අතර එම අය අනිවාර්ය ඉතිරිකිරීම්වලට නැඹුරු කරවයි. ජනසවිය, දිවි නැගුම හා සමෘද්ධි ව්‍යාපාරවල අනිවාර්ය ඉතිරිකිරීම් වශයෙන් අති විශාල මුදලක් එකතු වී තිබේ. 
 
පසුගිය වසරේ දී පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූ පරිදි සමෘද්ධි සමිතිවල රුපියල් බිලියන 8.3ක් පවතින අතර බැංකු පද්ධතිය සතු වත්කම රු.බිලියන 148.5 කි. මේවායේ මුදල් පරිහරණය ඉතා අක‍්‍රමවත් බව රජයේ විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත. අදාළ නොවන වියදම් කර ඇත. සමෘද්ධි පනත අනුව ජනතාවගේ ඉතිරි කිරීම් භාවිතාවට ගත හැකි අංශ පැහැදිලිව දක්වා තිබිය දී මිලියන ගණනින් ධනය දේශපාලන වැඩවලට යොදා ඇති ආකාරය විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත. 
 
අක‍්‍රමිකතා බහුල වන අවස්ථාවේ දී සමෘද්ධි බැංකු රජයට පවරාගන්නා බව පසුගිය වසරේ මැයි රැුලියේ දී අගමැති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේය. එම බැංකු පවත්වාගෙන යෑම සමෘද්ධි නිලධාරීන්ගේ වගකීමකි. නමුත්  එස්. බී. දිසානායක හිටපු අමාත්‍යවරයා සමෘද්ධි බැංකු රජයට පවරා ගත නොහැකි බව කියා සිටි අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව පවා එය අනියමින් අනුමත කළේය. සමෘද්ධි අරමුදල්, දුප්පත් ජනතාවගේ අභිලාෂයන් දේශපාලන අභිමථාර්ථයන් හමුවේ විනාශ විය යුතු නැත. 
 
සමෘද්ධි නිලධාරීන් ගේ වර්ජනය වහා අවධානයට ගෙන යුක්ති සහගත විසªමක් සම්පාදනය කිරීම අවශ්‍යය. එක ආණ්ඩුවක් ඉගෙනගත් පාඩම අනාගතයට වැදගත්ය. රජයේ සේවයට පරිබාහිරව වෙනම නිලධාරී කණ්ඩායම් නඩත්තු කිරීම අනුචිතය. එක පැත්තකින් එය පොදු ජනතාවගේ එදිනෙදා පැවැත්මට අතිරේක බදු බරක් පනවයි. අනෙක තරුණ ශ‍්‍රමිකයන් වසර ගණනක් කිසිම සාධාරණ හේතු රහිතව අනියම් සේවා තත්ත්්වයකට බඳවා ගනී. රජයේ සේවයට එකතු කරගන්නා බවට බලාපොරොත්තු ඇති කර පැත්තකට කිරීම සුදුසු නැත.
 
 ජී.කේ.ජී. සරත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.